(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මඩකලපුව විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ හීරා පදනමේ ප්‍රධානීන් වන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට අද (17) දිනයේදී කැඳවා තිබුණ ද ඔවුහු ඒ හමුවේ පෙනී නොසිටියහ.
විදේශ දූත මණ්ඩල රැස්වීමක් සඳහා විදේශ ගත වන බව දන්වා ඔවුන් කමිටුව හමුවට පැමිණ නොතිබිණි.
එම නිසා සහභාගි වූ බව කියන දූත මණ්ඩල රැස්වීම පිළිබඳ ලිඛිත තොරතුරු ද රැගෙන කමිටුව හමුවේ ඔක්තෝබර් 9 වැනිදා පෙනී සිටින ලෙස එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඔවුන්ට නියෝග කළේය.
පරමාණු බලශක්ති අධිකාරිය හෙට (18) දිනයේත් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට අනිද්දා (19) දිනයේත් කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හිස්" කියලා කියන්නේ නිකන්යැ. දෙන්නට එක්කෝ හොඳ ඔලු දෙකක් තියෙනවා නැත්නම් මොකුත්ම නැහැ.
සාමාන්‍ය මිනිහක්ට යම් කිසි චෝදනාවක් තිබුණා නම්, මේ වෙනවිට අත්අඩංගුවට අරන්, නඩුත් ගොනු කරලා, හිරේ දාලත් ඉවරයි. දේශපාලකයන්ට චෝදනා තිබුණත්, මෙවැනි වරප්‍රසාද, කමිටු පත් කරනවා, කොමිෂන් සභා පත් කරනවා. එහෙම කල්මරනවා.
ජනතාව විමසිල්ලෙන්..! බලමු එනවද කියලා?
හොරු !
රජතුමා ලෝ පොයින්ට්ස් දෙනවා ඇති...
මේ රටේ පත්කරන කමිටු වලින් කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. ජනතාවට අවශ්‍ය උත්තර මම ජනතාව වෙත ලබා දීල තියෙනවා. ජනතාවගේ තීරණය අපි පිළිගන්නවා. ඵලක් නැති කමිටු වලින් කරන්නේ එකිනෙකට වරද පැටවීමත් ජනතාවගේ මුදල් නාස්ති කරන එකත් පමණි. කොහෙන් හෝ ලැබුණු මුදල් සතයක්වත් වංචා නොකර රටේ දියුණුවට මම යොදවා ඇත. මේ හදපු ගොඩනැගිලි සියලුම ජනතාවට, විශේෂයෙන් බහුතර සිංහල ජනතාවත් සමග බෙදා ගනිමි. රට ඉඳි ගස් නිර්මාණ වල වෙනසක් උනේ මුදල් දෙන පිරිස සතුටු කිරීමට පමණි .
මේ කමිටුව හොඳයි අඩුම තරමේ මේ වගේ දේවල් වෙනවා කියලවත් මිනිස්සු දන්නවා. නමුත් අනාදිමත් කාලෙක ඉඳලා වාර්තා විතරයි. අඩුම තරමේ "මැරිච්ච මීයෙක්" වත් මේකෙන් එල්ලලා නැහැ.!
එතකොට මොවුන් දෙන්නා තවම ලංකාවට ඇවිල්ලම නැද්ද ? 17 ඉදලා දවස් 10ක් ගිහින්.මෙහෙම රට සවාරි ගහන්නේ මෙහෙ වැඩ නැති නිසාද?