( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වන දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහට මෙරටින් පිටවිම වළකාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන ජුනි 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය .
මේ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින භිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මභතාට මැයි 29 වැනිදින අදිකරනයේ පෙනී සිටින ලෙස නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර නීතීඥවරයා වෙත නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (10 ) දින සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය විසින් ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගෙනු කරන ලදී.
කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
‘‘දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.
ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.
මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නිතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනි සිටියේය.අගතියට පාර්වය වෙනුවෙන් ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනි සිටියේයනීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනි සිටියේය.ශි‍්‍ර ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනි සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම ඇතුලට දාන්න ඕනේ.
මෙයා ගෙනාපු දඩුවම් මෙයාටම දෙන්න ඕනේ.
මිට අමතරව අර පැජෙට් පාරේ මෙයාගේ සන්තකයේ තියෙන ගෙදරටත් නඩුවක් දාන්නකෝ. මොහු රටට අපරිමිත සේවයක් කළා නම් ඔය වගේ වටිනා දේවල් දුන්නත් කමක් නැහැ. තේරුමක් නැති කතා වේදිකා වල කියව කියවා හිටිය මිසක් රටට කළ සේවයක් නම් නැත.
තරාතිරම නොබලා පුලුවන් උපරිම දඩුවම දිය යුතුයි ඉන්න අයට දැනගන්න.
දෙපාරක් මරණ දඬුවම තහවුරු උන කෙනෙකුට සමාව දීම වැරදි දෙයක් නම් මේවට ලිපිගොනු හදල සමාව දෙන්න කියලා ඉල්ලපු අයටත් දඬුවම් හිමි විය යුතුයි.
ඇතුලට දාන්න ඉස්සරවෙලා පොළොන්නරුවේ කෙනා යෝජනා කරපු මඩු වලිගයෙන් ඇතිවෙන්න තලන්න ඕන. මෙහෙම ඔලමොට්ටල වැඩ කරපු හිටපු ලොක්කාට මීට වඩා මතක හිටින දඬුවමක් දෙන තුරු සාමය අදහන මුළු රටවැසියාම බලා ඉන්නවා. කොහොම උනත් අධිකරණ ඇමති හෝ රජය මේ නඩුවට අත නොපැවිය යුතු වෙනවා.
දුරයේ ඉන්න තාක් කල් කරේම පිස්සු වැඩ. දැන් ඉතින් යන්නකෝ උසාවි ගානේ.
මේ කියන පුද්ගලයා තමන්ගේ ජීවිතයේ හොඳම කාලයෙන් අවුරුදු 10 කට වඩා තමා කරපු වරදට අපායක ගත කරා. ඔහු ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා. තවත් මොහුගෙන් පලි ගන්නවනම් මනුස්ස ජාතියක් නොවෙයි. ආගම ඉස්සරහට දාගත් ජාතියක්.
මිනීමරුවාව එලියට ගත් පොළොන්නරුවේ එක්කෙනා අල්ලලා ඇතුලට දාන්න තියෙන්නේ. බලේ ඉන්නකන් මෙයා රාජපක්ෂ මහත්තයාලගේන් දේශපාලන පලිගැනීම් කරමින් රට කෑවා.
රාජ්‍ය මුදල් අවභාවිතය වගේම බලය අවභාවිතවත් උපරිම දඬුවම් ලැබිය හැකි වරදක් විය යුතුයි.
ජනාධිපති විදහට තනතුරේ ඉඳන් ගත්ත තීරණ වලට එරෙහිව නඩු දාන්න බැහැ. තීරණය සම්පූර්ණයෙන්ම වැරදියි. නමුත් ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දීලා තිබෙන බලතල වලට අනුකූලයි.
හිටපු ජනපති සිරිසේනට . යු. එන්.පි .යේ හොරු දීපු මහජන දේපොළක් වන පැජට් පාරේ ගෙවල් 2 ත් ඉක්මනින් නැවත රජයට පවරා ගන්න මේ වගේ පෙත්සමක් සේවාධිකරණයට ඉක්මනින් බාරදිය යුතුයි .
ඕකද එයාට භාරදීපු පළමුවැනි නොතිසිය ? කලබල වෙන්න එපා... තව තව සිතාසි, නොතිසි වගේ දේවල් තවම එන්න පටන් ගත්තේ නැහැ !
මිට කලින් ජනාධිපති පවුලට අධිකරණයේ පෙනී හිටින්න වුනේ නැහැ නේද ? නීතිපතිවරුන් කකුල් දෙක ලගට ගිහින් උත්තර ලියාගෙන අවා ඒවා පරික්ෂා කෙරුවෙත්. දැන් බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා අපේ රටේ අධිකරණයට. හොඳ තෙලක් හිදින්න ඕන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න. මොන ව්‍යවස්ථාවේද තියෙන්නේ වරද කරුගේ නිවසට ගොස් සාක්ෂි ගන්න ? ඒ පිළිවෙල ගෙනාවනම් කාටත් හොඳයි. අධිකරණ සියල්ලම හිරගෙවල් වලට ගන්න පුළුවන්.
මුදලට රටම පවා දෙන්න තිබුන 62 ලක්ෂයක් අපි රැවටුන ජයමහ රට හැර ගිහින් වසර 4 පමණයි සිර දඬුවම් ලැබුනේ. ඔවුන්ට කළ හැකි දෙයක් නොමැත.
අපි හිතුවේ නොතිසි වෙනුවට නොබෙල් තියාගය හම්බ වෙයි කියල.