IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට හිටපු නගරාධිපති බන්ධනාගාරයෙන් රෝහලට

 ( ජයන්ත සමරකෝන් ) 
අගුණකොළපැළැස්ස  බන්ධනාගාරයේ  සිරදඩුවම්  විදින හම්බන්තොට හිටපු නගරාධිපති  එරාජ් රවීන්ද්‍ර  නැමැත්තා  හදිසියේ රෝගාතුර වී  තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට  සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා  තර්ජනය කිරීම  ඇතුළු  චෝදනා කිහිපයක් යටතේ  ඔහුට වසර 5 ක සිර දඩුවමක් නියම කෙරුණි.

 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ  එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද  සිර මැදිරි වසා දමා  සිටි බව කියන හිටපු නගරාධිපතිවරයා  හදසියේ අසනීප වී තිබිණි.
මොහු විශේෂ ගණයේ අපරාධකරුවෙකු ලෙස  නම් කර සිටින බවද වාර්තාවේ. 

 



අදහස් (13)

හම්බන්තොට හිටපු නගරාධිපති බන්ධනාගාරයෙන් රෝහලට

Prabha Sunday, 18 August 2019 02:24 PM

බලාගෙන ගියාම ඔක්කොම ලෙඩ්ඩුනේ....

:       0       22

Hafeel Sunday, 18 August 2019 02:40 PM

හැබැයි ප්‍රමාද වෙලා රෝගාතුරු වෙලා.

:       0       1

Chanak los angeles Sunday, 18 August 2019 03:50 PM

සාටකයන් රටට මොනතරම් ජවනිකාවන් බිහිකලාද .. මේ එම එක් ජවනිකාවක් .

:       0       2

Ajith Nissanka Sunday, 18 August 2019 04:55 PM

රෝහලෙන් ලගදීම නැවතත් නගරාධිපති තනතුරට ! මේ සැරේ එන්නේ ඇත්ත පිස්තෝලෙත් අරගෙන !

:       0       1

විජිත් Sunday, 18 August 2019 05:01 PM

පිස්තොලේ කොහෙද දන්නේ නැහැ.

:       0       1

රාජපස්ස Sunday, 18 August 2019 05:03 PM

බයවෙන්න එපා, බොරු ලෙඩක් දාගෙන ටිකක් කල් ඉන්න

:       0       1

Kumar Sunday, 18 August 2019 06:07 PM

වීඩියෝ එකේ නම් සිංහයෙක් වගේනේ... වාහනය පස්සේ දුවගෙන ගියේ... දැන් මොකද? වසර 13ම ආරෝග්‍ය ශාලාවේ ඉන්නද කල්පනාව...?

:       0       1

lion Monday, 19 August 2019 12:10 AM

කාටත් හිරේට ගියාම හැදෙන ලෙඩේ මෙයාටත් හැදිලා. මේවා වෙන්න ඕන කරන අපරාධ වලට .

:       0       110

ඇර සොයිසා Monday, 19 August 2019 01:20 AM

කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ මොහුට හිතුනෙ නැද්ද. එහෙම හිතුනනම් මෙහෙම දුක්විදින්න වෙන්නේ නැහැනේ.

:       0       21

Amila Monday, 19 August 2019 02:19 AM

රියදුරු බලපත්‍රය ගනිද්දී අලුත් කරද්දී මෙඩිකල් ගන්න ඕන හැමෝම. ඉතින් මේ දේශපාලුවන්ටත් නිලධාරීන්ටත් එසේ ක්‍රමවේදයක් ඕනනේ.

:       0       20

ලුම්බිණි Monday, 19 August 2019 02:48 AM

ඔයගොල්ලන්ගේ පුරුද්දක් නේ බන්ධනාගාරයෙන් රෝහලට යන එක.

:       0       21

kumara Monday, 19 August 2019 06:41 AM

ආයෙත් අහලා...

:       0       4

Bandula. Monday, 19 August 2019 11:30 AM

ඡන්දෙ ඉවරවෙනකම්ම ඇතුලේ තිබ්බා නම් ඔය ලෙඩ ඔක්කොම සනීප වේවි..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site