(අජිත්ලාල් ශාන්තඋදය)
ලාහුගල, බක්මිටියාව තිඹිරිගොල්ල රක්‍ෂිතයේ නිධානයක් හාරමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු , නිධානය හෑරීමට යොදාගත් එක්ස්කැවේටර් යන්ත්රයක්, ජෙනරේටරයක් ඇතුළු උපකරණ තොගයක් සහ පූජාභාණ්ඩ කිහිපයක් අද (25) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලාහුගල ජාතික උද්‍යානය සහ බක්මිටියාව තිඹිරිගොල්ල රක්‍ෂිතය මායිම්වන කරඳ ඔය ආසන්නයේ මෙම නිධන් හෑරීම සිදුකර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ලාහුගල කඳවුරේ නිලධාරීහූ මෙම වැටලීමට එක්ව සිටි සිටියහ. මෙම නිධන් හෑරූ බව කියන ස්ථානයට ‘හතරමහ නිධානය’ ලෙස හඳුන්වන බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එක්ස්කැවේටර් යන්ත්රයක්, ජෙනරේටරයක්, ජලයේ ගිලවන වතුර මෝටරයක්, ගල් විදින ශකර් යන්ත‍්‍රයක්, කලුගල් පලු කිරීමට ගන්නා යාන්ත‍්‍රික තල, අලවංගුවක්, පොරවක් ද එහි තිබී අත්අංඩගුවට ගෙන ඇත.
ඊට අමතරව බහිරව පූජාවක් පැවත්වීමේ දී ගන්නා පූජාභාණ්ඩ, දුම් කබලක්, පන්දම්, ආරක්‍ෂක මුට්ටි අටක්, බිල්ලට දීමට ගෙනා කකුළෙක්, මල්තටුවක් ආදියද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හතර මහ නිධානය සොයන්න ගිහින් අත්අඩංගුවට
lankasri Sunday, 25 August 2019 06:39 PM
සතර මහා නිධානෙ තිබිල නේන්නම්... එක්ස්කැවේටර් යන්ත්රයක්, ජෙනරේටරයක්, ජලයේ ගිලවන වතුර මෝටරයක්, ගල් විදින ශකර් යන්ත‍්‍රයක්, කලුගල් පලු කිරීමට ගන්නා යාන්ත‍්‍රික තල, අලවංගුවක්, පොරවක්, ද එහි තිබී අත්අංඩගුවට ගෙන ඇත
Bandara Sunday, 25 August 2019 09:58 PM
අර ජනදුක හඳුනන දේශපාලුව නිවෙයි නේද?
saliyaMonday, 26 August 2019 07:41 AM
ඒවගේ අය එනකොට මේ වගේ දේවල් වෙනවා. අපිට කියන්න තියන්නේ, රජා භවතු ධම්මිකෝ... කියලා තමයි.