(චමිල් රූපසිංහ)
 
කෝවිඩ් - 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5 ක් ලබා දිම අස්ගිරි මහා විහාර පරිශ්‍රෙය්දි අද (27) සිදුකෙරිණි.
  
මෙහිදි මෙම වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදාදීම සදහා  අස්ගිරි මහා විහාර පාර්ශවයේ  මහා නායක අති වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් විසින් පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත  හා සහල් තොගයක් ද ලබා දුණි.