නව ගුවන් හමුදාපති ලෙස මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ.
ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා අද (29) විශ්‍රාම යාමට නියමිතව ඇත.
එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද සිය තනතුරෙහි දිවුරුම් දුන්නේය.
සුමංගල මහතා 1984 දෙසැම්බර් 13 වැනි දින බදවා ගැනීම 13 යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට බැදී ඇත.
මුලික පුහුණුව සහ උසස් ගුවන් යානා පුහුණුව නිමාකර 1986 අගෝස්තු 15 වැනි දින ගුවන් නියමු නිලධාරියකු වශයෙන් අධිකාරියට පත්විය.
නව ගුවන් හමුදාපතිවරයා හෙට (30) පෙරවරු 8.00 ගුවන් හමුදා මුලස්ථානයේ දී සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතයි.
දෙස් විදෙස් පුහුණු රැසක් නිමාකර මහතා ගුවන් හමුදා සිටින දක්ෂ ගුවන් නියමුවකු වන මානුෂිය මෙහෙයුම් සමයේ දී යුද හමුදාවේ 57, 58, 59 යන සේනාංක සමග ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ස්විශේෂි මෙහෙවරක් ඉටුකළේය.
එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා 2016 ඔක්තෝබර් 01 වැනි දින ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වශයෙන් ද පත්කර තිබුණි.
වසර 34 ක ගුවන් හමුදා සේවා කාලය තුළ දැක් වු දස්කම් හේතුවෙන් වඩමාරච්චි මෙහෙයුම් පදක්කම්, පුර්ණ භූමි සේවා පදක්කම, දේශපුත‍්‍ර සම්මානය, රණශූර පදක්කම (තෙවරක්ම), උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, විශ්ෂ්ඨ සේවා විභූෂණය ඇතුලූ පදක්කම් රැසකින් ඒ මහතා පිදුම් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයාය.
දෙදරු පියෙක් වු ඒ මහතා කොළඹ නාලන්ද විදුහලේ ආදි සිසුවෙක් වේ.
( ඉන්දිකා රාමනායක)
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුමංගල ඩයස් ගුවන් හමුදාපති තනතුරට
අශේන් Wednesday, 29 May 2019 05:12 AM
බහුල අවස්ථාවල ලංකාවේ තනතුරු දෙන්නේ විශ්‍රාම ගන්න ඔන්න මෙන්න තියෙද්දී.... ඉතින් ජාමේ බේරාගෙන රස්සාව කරලා විවේක ගන්නවා, පරිනත තරුණ නිලධාරීන් කාලෙම දුන්න නම් තමා හරි හමන් වැඩක් කරගන්න පුළුවන්.