(ඩී.ජී.සුගතපාල)

චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද  සිංගප්පූරු ජාතිකයින් 9 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඔවුනට කොරෝනා ආසාධනය වී නැති බවට තහවුරුවී ඇති බවත් කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු අද (04) පැවසීය.

මෙම කුඩා නෞකාව සැමන් නිෂ්පාදනය කරන චීන සමාගමකට අයත් එකක් වන අතර එහි 30 දෙනෙකුගෙන් යුත් සේවක පිරිසක් සිට ඇත. එම පිරිසෙන් සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකුට හදිසියේ ඇතිවූ උණ රෝගි තත්වයක්  නිසා  නැව මුහුදේ නවතාගෙන සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල වරාය වෙත ගෙනැවිත් එම 9 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ට ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් උණ සෑදි ඇති බව පසුව අනාවරණය වී තිබේ.