(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දුන් බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද(19) පැවසීය.
ඉහත ලිපිය භාර දීම අද(19) පෙරවරුවේ සිදුවූ අතර පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර එහි තීන්දුව අනිද්දා(21) දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් හෙතෙම කියා සිටියේය.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද(19) පස්වරුවේ පැවැත්විණි.
පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී සුපුරුදු ආකාරයට පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.
COMMENTS
කොල්ලෝ ටික රනිල්ව බිත්තියටම හේත්තු කළා නේද?
ඒක හොඳයි. අනුන්ගේ අපේක්ෂකයන්ගේ වගතුග හොයන්නේ නැතිව තමන්ගේ කෙනෙක් පත් කරගන්න
මගේ අනාවැකිය කරු . ඔහුගේ අත් කිලිටි නැත .
අයියෝ .... ලැජ්ජයි....
හදිස්සි වෙන්න එපා. ඡන්දෙ ඉවර උනාම පත් කලාම ඇති.
මේ මන්ත්‍රීවරු 54 දෙනා ඉල්ලුවට මොකටද අපේක්ෂකයා නම් කරන්නේ? රටේ ජනතාවට කලබලයක් නැත. රනිල් හෝ සජිත් හෝ ඝෝටාභය හෝ වෙනත් පුද්ගලයෙකු රටේ ජනතාවට ලොකු නැත. රටේ ජනතාවට ලොකු ලෝකෙන් ණයට අරන් රජයේ සේවකයින්ට පඩි ගෙවන තත්වයක තිබෙන මේ රට ගොඩ ගැනීමට වැඩපිළිවලක්ය. ඒ ඒ විෂය ඥානය හා පලපුරුද්ද මෙන්ම උගත්කම මෙහෙයවා රටේ ඇති සියලු බේද මෙන්ම ලෝක බලවතුන් ඇතුළු සියලුම ආකාරයන්ගෙන් රටට පිටින් එන බලපෑම් පාලනය කරගනිමින් සාමුහිකව කලයුතුය. එය ඉතා බැරෑරුම් වැඩකි. මේ වැඩය සජිත්ගේ හෝ ඝෝටාභයගේ හෝ වෙනයම් කෙනෙකුගේ තනි මතයට කිසිසේත් කළ නොහැක. ඇරත් අද ජනාදිපති පදවියට පත්වන කව්රු උනත් දැනගතයුතු ප්‍රධාන කරුණ වෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හිතුමතේට වැඩ කළ නොහැකි බැවින් එකිනෙකාගේ නමින් යුග බිහිකර රටවැසියා මෝඩයින් කර තම සුදිය ලැබූ යල්පැනගිය පාලනය අවසාන බවය. සජිත් ප්‍රමදාස යුගය හෝ ඝෝටාභය යුගය බිහිකරන්න හිතන ඔල්මොටලයෝ මේ බව වටහාගෙන නැත. පාවෙන බුද්ධිමත් ජනතාව තම නමින් යුග බිහිකරන බව කියමින් මමත්වය මතු කරමින් කෑමොර දෙන අය ප්‍රතික්ෂේප කරන අතර. ඉහත කි වැඩපිළිවෙල ගැන කියන අයට පමණක් ගරුකරන බවත්. කැමැත්ත දෙන බවත් දැනගන්න.
දැන් කියනවාලු 2015 බලවේග සියල්ල එකමුතු කරගෙන අනුර කුමාර පොදු අපේක්ෂකයා කරමු කියලත්. මෙහෙමත් කෝලම්.