IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන  බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
 
ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

 


(බෝම්බකරු රැදී සිටි කුලී නිවස)



අදහස් (11)

ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී

Perakum Monday, 22 April 2019 06:29 AM

මෙම නිවසේ හිමිකරු කවුද? ඔහු වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       202       283

ගල්කටස් Monday, 22 April 2019 06:41 AM

මෙවා පිපිරීමට පෙර සොයාගත්තා නම් ...? කවුද මෙවට වගකිව යුත්තේ ජනාධිපතිතුමා ආණ්ඩුවද??? විපක්ෂ නායකයාද..? නැත්නම් අපිද...?

:       33       172

jayath Monday, 22 April 2019 07:16 AM

අපි ! අපි ! අපි ! ජනාධිපති තුමා අන්තිම අහිංසකයි ! එයා ඔය මුක්ක්කන් කැව්මක් බදාගෙන , ජනාධිපතිකම ඇර අනිත් ඔක්කොම කරගෙන පාඩුවේ ඉන්නවා !ආණ්ඩුවත් මේකට වගකියන්න අවශ්‍ය නැහැ මොකද ආරක්ෂක ඇමති ආණ්ඩුවේ එක්කෙනෙක් නෙමි ! මුන්නහෙලා යැව්වේ අපි නෙව !

:       6       195

vipula Monday, 22 April 2019 07:25 AM

හරි හමන් නිලධාරීන් ඉහල පුටුවල නැතිකමත්, දේශපාලන නායකයන් හරිහැටි දැනුවත් නොකිරීමත්, දැනුවත් කළත් නිවැරදි තීරණ නොගැනීමත් යන කරුණු මත මෙවැනි දෙයක් සිදුවුණා. රටේ යුද්ධය නැතිකරන්න දේශපාලන මැදිහත්වීම් කොතරම් දුරකට අනර්ඝව සිදු වුණාද යන්න මෙය හොඳම උදාහරණයක්...

:       0       167

d.upul Monday, 22 April 2019 07:41 AM

බුද්ධි අංශ මෙම ප්‍රහාර පිළිබඳ කලින් ලිඛිතව දැනුවත් කරලා තිබියදීත් ආරකෂක අංශ මොකද කලේ?

:       7       60

Sudath Sri Monday, 22 April 2019 08:04 AM

මරාගෙන මැරෙන්න යන අයෙක් ජංගම දුරකථනය සහ සිම්පත් විනාශ කිරීම පිටුපස විශාල දෙයක් තිබිය හැකියි. බුද්ධි අංශ මෙම තොරතුරු අනුව සියලු දේ සොයා ගනීවි යයි මගේ අදහසයි...

:       0       195

saliyaMonday, 22 April 2019 10:19 AM

ඔවුන්ට එසේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

:       3       39

gbaseTuesday, 23 April 2019 02:49 AM

නමුත් වැඩිහරියක් බුද්ධි අංශ සාමාජිකයන් හිරේ....

:       320       1057

ගොන් වස්සාWednesday, 24 April 2019 05:27 AM

හොරකන් කරපු උන්, මිනී මරපු උන් හිරේ තමා !

:       0       0

Ahamed Tuesday, 23 April 2019 08:36 AM

යම් දේපලක් කුලියකට හෝ බද්දකට දීමේදී එම ස්ථානයට පදිංචියට එන පිට පළාත්වල පුද්ගලයන් පිළිබඳව ග්‍රාමසේවක සහතිකයක් හෝ පොලිස් සහතිකයක් ලබගැනීම අනිවාර්ය කළයුතුමයි. කාගේත් ආරක්ෂාවට...

:       0       0

udaya Tuesday, 23 April 2019 06:21 PM

දන්නේ නැති නිසා අහන්නේ ඔය බුද්ධි අංශ ඕව ගැන හෙව්වේ හිරේ ඉඳලද? මොකද බුද්ධි අංශේ ගොඩක් අය හිරේ දාල නේද? එදා ඉඳලම බුද්ධි අංශයට කෙලවන එක කලේ ඔය මහා දන මුත්තෝ දෙන්න. දැන් ගිහින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න ඔන්න ලෝකේ ඉන්න ඕනෙම එකෙක්ට අපේ රටට ඇවිත් පහරන්න පුළුවන් කියල. 2025 විතරයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ තනතුරක් ලැබේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site