IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනයට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය

කෘත්‍රීම ස්වසන යන්ත්‍ර හෙවත් ස්වසන සංවාතන යන්ත්‍රවල  (වෙන්ටිලේටර්ස්)  සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා සහාය දෙන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස්දී ඇත.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය කර තිබෙන කෘත්‍රිම ස්වසන යන්ත්‍ර සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය ආසාදනයවී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට අවශ්‍ය සායනික කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.ඩී.එස්. අශාන් සිසුවාට අවශ්‍ය පහසුකම් සිය ආයතනය මඟින් සලසා ඇතැයි ද හෙතෙම කීය.

එහි මූලික සාම්පලය සතියක කාලයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව ද දිසානායක මහතා කීවේය.

කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහාය දැක්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම් බවත් ඒ සඳහා 0774569098 අමතන ලෙසත් දිසානායක මහතා තවදුරටත් කීය.

055


 



අදහස් (7)

වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනයට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය

Kumara Sunday, 29 March 2020 05:42 PM

තෙරුවන් සරණයි....!

:       1       166

de silva Sunday, 29 March 2020 06:04 PM

ඕව මේ හදිස්සියට හදන්න පුළුවන් දේවල් නොවේ. හොඳම වැඩේ දැනට ප්‍රමිතියකින් යුතු යන්ත්‍ර පිට රටකින් ගෙන්වා ගැනීමය. මේ යන්ත්‍ර හරියට ක්‍රියා නොකලොත් ලෙඩා මිය යන අතර , මේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් ඒවා සීරුමාරු කරන්නට යාමෙන් සෞඛ්‍ය සේවකයන්ට මේ ලෙඩේ බෝ වීමේ අවධානමක් ඇත.

:       284       183

PradeepMonday, 30 March 2020 03:17 AM

කොහොමත් හොඳ වැඩක් පටන් ගන්නකොට ඊට බාධා කරන අය ඉන්නවා. නමුත් ඉන් නොසැලී ඉදිරියට යාමයි වටින්නේ. පිටරටකින් ගෙන්වන්න කිව්වට ලෝක වෙළද පලේ උග්‍ර හිඟයක් තිබෙන බව සිල්වාට නොවැටහීම කණගාටුයි. මේ මොහොතේ දේශීය නිෂ්පාදන, දේශීය කර්මාන්ත ගොඩ නගා ගත හැකිනම් හෝ දියුණු කරගත හැකිනම් අපි දිනුම්... ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු... ජයවේවා...!!!!

:       0       0

dilanMonday, 30 March 2020 03:41 AM

ඇමෙරිකාවටත් වෙන්ටලේටර් යන්ත්‍ර මදිවෙලා ඉල්ලන ගානක් දෙන්න. අපිට වෙන්ටලේටර් යන්ත්‍ර විකුණන්න කියද්දී අපිට ඕන තරමක් යන්ත්‍ර දෙන්නේ ඔහේගේ තාත්තද? දැනට දෙන බෙහෙත් හේත් පවා පරණ මිලටම අපිට දෙන්නේ චිනයයි, ඉන්දියාවයි, රුසියාවයි විතරයි, මේක මේ රජය තුන්කල් බලාගෙන නුවණින් ගත්ත තීරණයක්...

:       0       0

Kumar Monday, 30 March 2020 02:11 AM

මෙවැනි නිපැයුමකින් එක ජීවිතයක් බේරාගැනීමට හැකිනම් බොහොම යහපත් දෙයක්... දැනට ලංකාවේ රෝගීන් ගණනට වැඩිය වෙන්ටිලේටර් යන්ත්‍ර තිබෙනවයි සිතමි.

:       0       0

de silva Monday, 30 March 2020 02:34 AM

මෙවැනි යන්ත්‍ර ලංකාවේ අපටම නිෂ්පාදනය කරගන්න පුලුවන්නම් ඉතා හොඳයි.. මෙවැනි දෙයක් නිෂ්පාදනය කරන්න පෙලඹෙන තරුණයන්ව අපි ධෛර්යමත් කරන්න ඕනේ... අවශ්‍ය උපකාර කරන්න ඕනේ... නමුත් ලෝකයේ මෙවැනි යන්ත්‍ර (සෞඛ්‍ය උපකරණ) නිපදවන බහුජාතික සමාගමකට වුණත් අලුත් යන්ත්‍ර මාදිලියක් සැලසුම් කර නිෂ්පාදනය කර වෙළඳපලට ගෙන එන්න අඩුම තරමින් වසර 1 1/2 වත් ගතවෙනවා.. එයට හේතුව මේවා භාවිත කර කෙලින්ම අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර නව මාදිලියේ යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය සහ තත්ව පරීක්ෂණය සඳහා පමණක් අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙන එක... එමනිසා මෙම සිසුවා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් නිපදවන මෙම යන්ත්‍රය වෙළඳපලට ගෙන එන්න අවුරුදු 2ක් වත් ගතවෙන්න පුළුවන්... මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැහැ. එමනිසා අදාල යන්ත්‍ර ප්‍රමාණය දැනට නිෂ්පාදනය කරන සමාගමකින් ඇනවුම් කරමු. එම අතරතුර මෙම මෙම සිසුවාගේ යන්ත්‍රය වැඩි දියුණු කිරීමට අවශ්‍ය උදව් කරමු ..

:       0       0

mewan Monday, 30 March 2020 04:55 AM

ඉතින් මෙපමණ කාලයක් මේවා පිටරටින්ම වැඩි මිලට ආනයනය කරන්න හේතුව ඉතා සක් සුදක් සේ කාටත් පැහැදිලියි නේද? අපේ රටේ නව නිපැයුම් කරන්නන්ට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් හිමි නොවීම ජාතියේ අවාසනාවක් නොවේද? මෙතෙක් සිටි සියලුම දේසපාලුවන්ට කොමිස් නැති වන නිසා නොවේද? ජනතාව දැන්වත් පාට පක්ෂ බදාගෙන කුලල් කා ගැනීමෙන් වාසි ලබන්නෝද? මෙම ජනතා (අ) හිතවාදී දේශපාලඥයෝම නොවන්නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1047 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site