IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට නොතීසී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  සදහා පැරණි සහ නව නිර්දේශ ලෙස කරන ලද වර්ගීකරණය මත සහ දිස්ත්‍රික් පංගු ක්‍රමය මත පදනම්ව විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමට බලධාරීන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන මාර්තු මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

මෙම  ක්‍රමවේදය නිසා වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂා කළ තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් 2019 වසරේ දී අ.පො.ස.උසස් පෙළ විභාගයට ජීව විද්‍යා විෂයන් සදහා පෙනී සිටි සිසුවියක් ගොනු කළ රිට් පෙත්සමක් සළකා බලමින් අධිකරණය මෙම නොතීසි නිකුත් කෙරිණි.


සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.


ජීව විද්‍යා අංශයෙන් නව නිර්දේශය යටතේ අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.සනුමි තරින්දයා ද සිල්වා විසින් මෙම පෙත්සම් ගොනු කරඇත.


අධ්‍යාපන ඇමැතිවරයා, එම අමාත්‍යාංශ ලේකම්වරයා,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, එම සභාවේ සභාපතිවරයා, විභාග කොමසාරිස් ජනරාල්, සනත් පූජිත, නීතිපවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.


පෙත්සම්කාර ශිෂ්‍යාව වෙනුවෙන් නීතීඥවරුන් වන මිගාර ඩෝස්, සහ දිනේශ් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ.

 



අදහස් (0)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට නොතීසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site