විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.
අද (05) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
පක්ෂ නායකත්වය පිළිබඳ තීරණය ඉදිරියේදී ගැනීමට එහිදී තීරණය කර තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..!!! රටම ඉල්ලන්නේ සජිත්.
රනිල් මහතා දේශපාලන වශයෙන් කෙතරම් නම් සූර පුද්ගලයෙක්ද යන්නට මෙයද උදාහරණයකි. දැන් ඉතින් ඒ පරාජයත් (මහා මැතිවරණ) සජිත් පිටටම!
ජයවේවා...!!!
අලුත් දෙයක් නෙමෙයි. ඩඩ්ලි සේනානායක මහත්මයා 1970 ජේ.ආර්. මහත්තයාට දීලයි ගියේ...
කෑ ගහලා, කෑ ගහලා ජනපති අපේක්ෂක වුණා. කෑ ගහලා කෑ ගහලා විපක්ෂ නායක වුණා. ඊ ළඟට කෑ ගහන්නේ?
සුබ පැතුම්...
ජයවේවා...!!!
ජයවේවා...!!!
යාන්තන් එක යුද්දයක් ඉවරයි එජාප පිරිසට. මීළඟ සටන පක්ෂ නායකකම රනිල්ගෙන් ගලවගන්න එක තමයි. කවදා ඒක අතාරිද දන්නේ මහත්තයම තමයි. මොනවා උනත් එජාප පාක්ෂිකයන්ට කිරිබත් කන්න පුළුවන් හේතුවක් මේක.
සජිත්ට තව මදි, දැන් පක්ෂ නායකකමත් ඉල්ලයි. පාක්ෂිකයන් බලාගෙන ඉන්නේ. උඩ පනින ඔක්කොම සජිත්ගේ පැත්ත ගන්නේ වාසි බලාගෙන. පාක්ෂිකයින් ඔක්කොම සජිත්ට කැමති නැත. කැමති නම් පරදින්නේ නැහැනේ...
ජයවේවා ඔබතුමාට... සුබ පතනවා... කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න.
අපෙන් සුබපැතුම්... ඒජාප..යට සුබ අනාගතයක්...
බලමුකෝ ඒකත් කරන හැටි. ජනාධිපති අපේක්ෂකකම ඕනෑ කියලා ඉල්ලගෙන ගොන් කතා කියලා තිබ්බ ඡන්ද ටිකත් නැති කරගත්තා. ඒකත් පරාදවෙලා දැන් විපක්ෂනායකකමට පොරකනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගැලපෙන්නේ නැතිනම් වෙන උගත්, බුද්ධිමත් නායකයන්... එජාපෙ නැද්ද මේ සාමාන්‍ය පෙලවත් පාස් නැති කෙනෙකුට දෙන්නේ? මොනව නැතත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි එකම සුදුස්සා. බලන්න එතුමාගේ නිහතමානිකම මෙයා ඉල්ලපු හැමදේම දුන්නනේ. ඒ අරගෙනත් කරගන්න බෑනේ...
පොඩි මිනිහට ජයවේවා!
අද නොදුන්නොත් සිරිකොතේ නිදාගන්න හිතාගෙන කොට්ටෙත් අරන් ඇවිත්..
රනිල් ගැන එජාපයවත් හරි අගය කිරීමක් නොකිරීම, UNP යෙත්, රටේත් අභාග්‍යකි. 2005 ඔහු මහින්දට පැරදුනේ ඡන්ද180,786 කිනි. 2019 දී, සජිත් පැරදුනේ ඡන්ද 1,360,016 කිනි. රනිල් උතුරේත්-නැගෙනහිරත් 85% ඡන්ද සජිත්ට ලබා නොදෙන්න, සජිත් පරදින්නේ ඡන්ද මිලියන 2 කිනි. 2005 දී, උතුරේ ඡන්ද දීම LTTEය අහෝසිකර තිබියදීත්, රනිල් එදා, තව ඡන්ද 90,393ක් ගත්තා නම්, 2005දී ඔහු ජනාධිපති වන්නේය. ඔහු 2010, 2015, 2019 තරග 3න්ම අනෙක් තරගකරුවන්ට ඉඩ දුනි. ඔහුට අප බැන්නත්, එකක් අප අමතක නොකළ යුතුය. ඔහු 4 වරක් අගමැතිකම් කළත්, 3න් වරක්ම රටේ ජනාධිපති අනෙක් පක්ෂයක (චන්ද්‍රිකා සහ මෛත්‍රී) වූවා පමණක් නොව, ඔවුන් රනිල්ගේ කකුලෙන් අදින්නට විණි. 1993/94 මාස නවයකදී පමණක් DB විජේතුංග රජයේ අගමැතිලෙස පමණක් එය සිදු නොවීය. රටට අවශ්‍ය වන්නෙත්, රටට යෝග්‍ය වන්නෙත් GR / MR සුසංයෝගය වුවත්, රනිල් නාමය කිර්තිමත්ය. අප රටේ උපාධියක් ලැබූ එකම අගමැතිත් ඔහු පමණි.
පොඩි මිනිහගේ බලාපොරොත්තුව...
වැඩක් නැහැ.. ගෝඨාභයට තවත් වාසි... යූ.එන්.පී.යට කවදාවත් බැහැ අායෙමත් ආණ්ඩුවක් පිහිටුවන්න.
නායකයෙකුට ඔබතුමා ගැලපෙන්නේ නැහැ. ඔබතුමාගේ ආසනයත් පැරදුණු එකේ රටක් දිනවන්න ඔබතුමාට බැරි බව අපි දන්නවා.
ජනාධිපතිවරණෙන් පස්සේ ලංකාවේ මේ වෙන වැදගත් දේශපාලන පසුබිම එක්ක සජිත්ට හීනෙකින්වත් මැතිවරණයක් දිනන්න වෙන්නේ නැහැ. මොකද හැමෝම දැනගත්තා සජිත් සහ ඔහු වටා ඉන්නා පිරිස බෞද්ධයින්ට ලං වෙන්නේ ඡන්ද වලට මිසක් ජාතික හැඟීමකින් නොවෙන බව දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා මෙවර මේ සියලුම රාජ්‍ය නොවන සංවිධානවල පදේට නටන සහ බෙදුම්වාදීන්ට කඩේයන මේ පිරිස දේශපාලනයෙන් සදා අනාථ වෙනවා. එය මගේත් රටේ බහුතර ජාතිමාමක ජනතාවගේත් පැතුමයි.
සීට් බෙල්ට් කෝ?
දේශපාලනයේ දී කුලල් කා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ...
බොහෝ සුළුතරයකට උඩ පන්නිනට හැක. නමුත් මේ එජාපයේ අවසානයයි. කණගාටුයි.
ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනගහනය 50% ඉක්මවා ගියදවසට සජිත් ජනාධිපති වෙනවා. ඊට කලින් දෙමළ සිංහල සියලුම ජනතාව ශ්‍රී ලන්කන් විය යුතුය. මුස්ලිම් අය නම් හිතන් ඉන්නේ ඒ අය අරාබියේ කියලා..
මේ රටේ නායකකම් කරන්න පුලුවන් මැදමූලනේ අයට විතරද? ප්‍රේමදාසලට මොකද බැරි. කුහක, දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදී දේසපාලුවන් ඉන්නතාක් මේ රටට කිසිම සුගතියක් නැහැ.
සජිත් විපක්ෂ නායක වීම ගැන එතුමාට මගේ සුබ පැතුම්... සජිත් වැනි විපක්ෂ නායකයෙකු ලැබීම රටේ භාග්‍යයක් විදිහටයි මම දකින්නේ... රටකට හොඳ ආණ්ඩු පක්ෂයක් මෙන්ම එම ආණ්ඩුව කරන වැරදි ගැන කතා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍ය වෙනවා.
කෑම ලෑස්තියි..!
අවුරුදු 20ක්ම විපක්ෂයේ ඉන්න හොඳේ...
පසුගියදා පුද්ගලයෙකු කියනවා ඇසුණා ඔහු දේහලක්ෂණ විද්‍යාව දන්නවා ඒ අනුව දැනට සිටින දේශපාලකයින්ගෙන් නායකත්ව ගතිලක්ෂණ තිබෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය මැතිතුමාට, රනිල්ට, කරු ජයසූරියට හා නවීන් දිසානායකට පමණයි කියා.
සජිත් පරාද කරේ කහ සිවුරු පොරවාගත් අයයි. තාත්තත්, පුතාත් කලේ පවුල් 1000 ඉන්න ගමට ගෙවල් 100ක් දීලා විරුද්ධවාදීන් 900 ක් ඇතිකරගෙන පැත්තක ඉඳගෙන ඡන්ද ගරාගෙන කන එකයි...
කපුරු හාමිට ලංකාවේ දේශපාලනය ගැන කිසිම වැටහීමක් නැත. තව අවුරුදු විස්සක් විතර ගෝඨාභය ලංකාවේ ජනපති කියන එක අමතක කරන්න එපා
අනේ මන්දා සමහර අයනම් කියලා තියනවා රටම ඉල්ලන්නේ සජිත්ව කියලා. හැබැයි රටම ඉල්ලනවා කිවුවාට ඡන්ද ලක්ෂ 13කින් පරාදයි. අඩුම තරමේ එයාට එයාගේ ආසනයවත් දිනාගන්න බැරිවුණා නේද? කවුරු නායකයා වුනත් වැඩක් නැහැ වටේ ඉන්න හොරු ටික අයින් කරනකම් දිනන්න බැහැ. ඉස්සර එක යුගයක් තිබුනා කැපුවත් කොළ පාට, කැපුවත් නිල්පාට කියලා කියාගත්තු. හැබැයි දැන් ඒ යුගය ගෙවිලා ඉවරයි. දැන් මිනිස්සු හොදට හිතලා බලලා තමයි කතිරය ගහන්නේ දේශපාලඥයෝ හිතනවාට වඩා නම් මිනිස්සු බුද්ධිමත්.
අලුත් ගමනක් යන්නට අපි ඉන්නවා ඔබත් එක්ක. ජය වේවා!
සුබපැතුම් ! ශක්තිමත් විපක්ෂයක් ඇතිවිට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්.
මෙහෙමයි. එජාප තරුණ මන්ත්‍රී කැරලිකරුවන් පිරිසක් මාෆියාවක් බවට පත් වෙලා. රනිල් සහ ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත්ව පත් කරන්නේ සජිත්ටවත් එජාපයටවත් තියෙන ආදරේට නොවෙයි. අර ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලිලා ජේ.ආර් යටතේ විරාජමානව හිටියා වගේ මේ අයට රනිල් ඇතුළු ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත් යටතේ ඒ පැරැන්නෝ හිටියා වගේ ඉන්නයි ඕන. ඇයි දැන් ඉන්නේ මධ්‍යම තනතුරු වලනේ. රනිල් කෙලින් වැඩ කරන නිසා මේ අයට ඒ මනුස්සයා ඇහේ කටු අනිනවා වගේ. මේ කැරලිකරුවෝ තමයි සජිත්ටත් පස්සේ කොටන්නේ. අන්තිම කෙලෙහි ගුණ නොදත්, ආත්මාර්ථකාමී දුර්ජනයෝ ඒ අය ඒ අය මරා ගන්න දවසක් එනවා. එතකොට රනිල්ලා, රවීලා, ජෝන්ලා, වජිරලා, අකිලලා පක්ෂෙන් ගිහිල්ලා. තව අවුරුදු 20 කට එජාපයට ආත්මයක් නැහැ. එන ඔක්කොම ඡන්ද පරදිනවා. රනිල්ව තියාගත්තොත් ආත්මයක් තියෙනවා.
චමත් කියන කෙනානම් දේශපාලනෙන් කෙළපැමිනි කෙනෙක් වගේ. පෙරහැරෙ ලස්සන පේන්නේ බලන් ඉන්න කෙනාට මිසක් පෙරහැරෙ යන කෙනාට නෙවෙයි. ලංකාවේ දේශපාලුවෝ ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
පරාජයේ අන්ත පරාජයකටද යන්න හදන්නේ?
ලෝකේ කැරකෙනකොට එක කාලයක් එක යෝධයෙක් කරගහගෙන යනවලු ඉන්පස්සේ අනික් යෝධයාට දෙනවලු. ඒ වගේ විරුද්ධ පක්ෂේ නායකකම අවුරුදු විසිපහක් තිහක්ම කරගපු රනිල් මීළඟ අවුරුදු විස්ස තිහ කරගහන්න "උගත්, බුද්ධිමත්, පනස් පහේ තරුණ නායකයට" බාරදුන්න වගයි. එයට සුදුසු ඔය වගේ තනතුරක් තමයි. රටක් කරගෙන යන්න තරම් දැනුමක් නැහැ. පෙනෙන්නේ නැතිද වෙහෙර විහාර හදනවා කිව්වා මිසක් රටට වැඩක් ඇති වැඩපිළිවෙලක් කිව්වේ නැහැනේ.
මේ. සැවොම මොනවා කිව්වත් තව අවුරුද්දකින් රටේ අගමැති තනතුර ඔබට හිමි වෙනවා. කවුරුත් ලියලා තියාගන්න. බොරුනම් බලන්න. බොරු සාස්තර කාරයෝ වගේ නෙමේ මම. සජිත් අගමැති ඔබට ජය !
පොදු පෙරමුණට විශාල ජයක්. මහා මැතිවරණයේදීම එජාපය හෝදලාම දමත හැකි මෙයාගේ නායකත්වයත් සමග.
මෙයා කවදාවත් ඇමතිකමකට වඩා ඉහලට යන්නේ නැහැ.
ඔබ තාත්තා වගේ දක්ෂයෙක් නම් නෙමෙයි.
කොහොමත් පන්සල් ටික වන්දනාවේ යන්න. ඒක තමා ලංකාවේ වත්මන් ජාතික සහ ආගමික අනන්‍යතාව කියල මාකට් කරන්නේ.
මේකේ රනිල් ඕන කියලා කමෙන්ට් දාලා තිබෙන 95% ක් පොහොට්ටු කුලී හමුදා අය .
මහා මැතිවරණයකදී ලොකු අභියෝගයක් තියනවග නොදෙන්නවා නොවෙයි. ඔබතුමා විපක්ෂ නායකකම ලබගත්තද? තමන් ඉන්න පක්ෂය බේරාගැනීමට ගත්ත සුදුසු තීරණයයි. රට වෙනුවෙන් හොඳ විපක්ෂ නායකයෙක් වෙලා ඉවසීමෙන් කටයුතු කරගෙන යන්න. ඔබට උචිත කාලයේ ඔබට උචිත තනතුරු ලැබෙයි. සුබපැතුම්..!!!