IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත.

ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි. 

ලොව ප්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි. 

මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි. 

ඉකුත් මාර්තු මාසයේ දී රජය විසින් පනවන ලද හදිසි නීතිය, සිංහල බෞද්ධ සහ දෙමළ, මුස්ලිම් යන ප්‍රජා අතර ඇති වූ ගැටුම් කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බවත් ශ්‍රේණිගත කිරීම් සඳහන් කරමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම සමස්ථයක් දෙස බැලීමේදී එම සිදුවීම් හා වෙනස්කම් කොළඹ නගරයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ බව ද එහි දැක්වේ.

යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ 2017 වසරේදී එම ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානය පැමිණීමට සමත්වූ විය. වසර 2017 දක්වා වසර පහක කාලයක් සැලකීමේදී කොළඹ නගරය සියයට 2.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.

ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ශ්‍රේණිගත කිරීම්වල 112 වැනි ස්ථානයටත්, නේපාලයේ කත්මණ්ඩු නගරය 129 වැනි ස්ථානයටත්, පාකිස්තානයේ කරච්චි නගරය 137 වැනි ස්ථානයටත්, බංග්ලාදේශයේ ඩකා නගරය 139ටත් පත්ව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රියාවේ වියානා නගරය සමත්ව තිබෙන අතර ඔස්ට්‍රියාවේ මෙල්බර්න් දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්ව ඇත. 

 



අදහස් (15)

ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ

gallage Tuesday, 14 August 2018 07:06 PM

අප්‍රිකානු රටවලුත් අපිට වැඩ ඉස්සරහින් වගේ.. ඉතින් රට දල යන එක පුදුමයක් ද.. අයියෝ සාලේ.....

:       0       4

sanath Tuesday, 14 August 2018 07:40 PM

දැනට තියෙන හැමදෙයක්ම වෙනස් කරන්නේ නැතුව අපේ හමේ පාට සුදු කලානම් රේටින් එක 100 ට වත් එනවා.

:       104       22

NuwanWednesday, 15 August 2018 06:16 AM

මෙන්න මෙහෙම හිතන පතන මිනිසුන් නිසාතමයි මෙහෙම වුනේ

:       2       7

NuwanThursday, 16 August 2018 08:17 AM

මෙක හරියටම හරි. වියනා නගරයෙ මන් ගිහින් තියෙනවා. කොළම කොළ පාටයි. එක උදාහරණයක් දෙන්නම් ඇලක් යනවා නගරෙ මැදින් වතුර බොන්න පුලුවන් හරිම පිරිසිදුයි. මිනිස්සු හරිම විනිතයි. ලන්කාවේ මින්ස්සුන්ගෙ හැදියාව අන්තිමයි. අපේ රට එක රැයකින් ඔය ලිස්ට් එකෙ උඩට ගන්න පුලුවන් එක මිනිස්සු අතේමයි තියෙන්නෙ

:       0       1

විජිත් Friday, 17 August 2018 03:58 PM

ස්ට්‍රියාව ඇත්තටම . පිරිසිදු නගර වගේම හරිම " විනීත "මිනිස්සුන්ගෙන් පිරුන ඉතාමත්ම පොහොසත් රටක්. අනේ ...අපේ මේ චුටි රට ඊටත් වැඩිය ලස්සන වගේම විනීත මිනිසුන් සිටින පොහොසත් රටක් කරන එක එතරම් අමාරු නැහැ.නමුත් ඉස්සෙල්ලම මේ කාලකන්නි දේශපාලුවන් ඔක්කොම පන්නා දැමිය යුතුයි.ඔවුන්ට හිමි සියලුම වත්කම් පවරා ගතයුතුයි. ( මුන් මේවා මහජනයාගෙන් හොරා කෑ ඒවා.) ඔවුන්ට හිමි අසාධාරණ විශ්‍රාම වැටුප් අවලංගු කල යුතුයි.පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ නැති, උගත් බුද්ධිමත් අවංක රටට ආදරේ ඇති, මින් පෙර දේශපාලනය නොකළ තරුණයින් පිරිසක් රටේ බලයට පත්කළ යුතුයි. 1948 සිට අද 2018 දක්වාම රට පාලනය කල පක්ෂදෙකේ හිටපු හොර තක්කඩි දේශපාලුවන් කලේ මහා ජනයාගේ දේපොළ මුදල් ඇතුළු රටේ සියලුම වස්තුන් හොරා කෑ එකයි සිංහල දෙමල මුස්ලිම් ,බර්ගර් ,මැලේ...වැනි රටේ " අයිති කරුවන් " එකිනෙකා භේද බින්න කොට උනුන් ඇනකොටා ගන්නා තත්වයට පත් කිරීමයි. මේ රටේ සියලුම කැරලි ( දකුණේ 2ක් උතුරේ ත්‍රස්ත කැරැල්ල ) ඇති කලේ ඔය දේශපාලකයින් යයි කියා ගන්න " හිඟන්නන්" විසින්මයි.නමුත් දවසක් උතුරත් දකුණේත් මිනිස්සු එකතුවෙලා මේ " හිගන්නන්ව" පන්නා දැම්මොත් අපි දිනුම්.

:       3       32

td Tuesday, 14 August 2018 08:35 PM

හොරකම, කුහකකම, ඉරිසියාව, බෙලිකපිලි, නැතිව සුදුස්සාට ( creative ) සුදුසු තැන දුන්නොත් ලංකාව ඉදිරියට ගැනීමට අපහසු නැත.

:       1       225

ajith Tuesday, 14 August 2018 08:45 PM

තව එකක් පහලට බැස්සම කොලබ ජීවත් වෙන්න නුසුදුසුම නගර 10 ට එන්න පුළුවන්. එතකොට කොහමද ගැම්ම.

:       1       27

Dileepa Wednesday, 15 August 2018 12:50 AM

එතකොට ලෝකේ උතුම් රට 130වෙනියා.

:       0       24

Saththaya Wednesday, 15 August 2018 02:08 AM

දැන් මුළු රටම ජීවත්වීමට සුදුසු පරිසරයක නෙමෙයි තියෙන්නේ. හැමතැනකම එතනෝල් , කුඩු සහ ගංජා. ඡන්ද දිනන්න රටට ලබල දුන් දායාදවල්. අද තරුණයෙක් හොයාගන්න බැහැ රටට පලදායි , පිස්සු විකාරයෙන් ඉන්නේ. බලය තියාගන්න කරපු සෙත තමයි ඕක. දැන් වැඩි මනාප ගන්නෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ ටිකයි.

:       0       7

upali Wednesday, 15 August 2018 04:04 AM

අපිත් එක්ක වැඩකරන ඉන්දියන් අය කියනවා නවදිල්ලියත් එක්ක බලනකොට කොළඹ සුරපුරයක් කියලා. නමුත් ශ්‍රේණිගත කිරීමට අනුව අපි නරකයි.

:       0       0

දිලඅම Wednesday, 15 August 2018 04:14 AM

ලස්සනට හැදීගෙන ආපු කොලඹ කාල දැම්මම මෙහෙම වෙන එක අහන්න දෙයක් ද ඇති 130වත් හම්බ උනා. හදල දුන්න දේ පවත්වගෙන යන්න බැරි බූරුවො ඉන්න රටක් මේක.

:       96       106

akilaWednesday, 15 August 2018 05:59 AM

ඔයාට කියවන්න බැරිද ? කොළඹ පහල ස්ථානයකට වැටිලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ අපේ මිනිසු කරපු මෝඩ වැඩ හින්දා, ඒකට වගකියන්නත් ඕනේ ඔය පැරදිලා යටින් ඉඳන් උල්පන්දම් දෙන අය තමයි.

:       29       278

savanthThursday, 16 August 2018 03:48 AM

අකිල අපි කාටත් කියවන්න පුළුවන්. ඒත් ඔයාට තේරුම් ගන්න පුලුවන්ද? මතකද 2014 හෝ 2015 මුල කොළඹ නගරය ඉතාමත්ම ලස්සනට දියුණුවෙන නගරවල පලවෙනි තැනට තේරුනා. අපේ රටේ කරුමෙට ඒ දෙය සිද්ධවුණේ ගෝඨාභය යටතේ නිසා අපේ අලුත් ආණ්ඩුව අර හැමදෙයම අනික් පැත්ත හැරෙව්වා. මතකද අරලිය ගහ මන්දිරය ඉස්සරහ තිබුණු මල් පෝච්චි ටිකත් ගෙනිච්ච. කාලෙකින් කොළඹ අවිද්දද? මුණ එක්ක තරහ වුන නිසා නහය කැපිල්ලක් තමයි මේ ආණ්ඩුව කරේ. හැබැයි කපන්නේ අපේ නහයවල්.

:       0       1

Mahee Wednesday, 15 August 2018 04:19 AM

වැරදියි වැරදියි, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. නෑ ඒක පට්ට ගහපු න්‍යායක්, කවුරුවත් පිළිගන්නේ නෑ. ඒ හින්ද අපි කියමු අපි අභ්‍යන්තරවත් ජාත්‍යන්තරවත් නොබැඳි, මධ්‍යස්ත රටක්, ඒ හින්ද අපි හිතා මතාම හොඳම සහ නරකම කියන අන්ත දෙකටම නොවැටී ඉන්න තීරණය කළා කියල.

:       0       1

ravi Wednesday, 15 August 2018 04:30 AM

"" හිටපු හැටියට .. මලා මදැයි ... කියන්නේ මේවට .. !

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1638 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 803 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 669 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 337 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 575 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 531 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site