(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල කුණු හරුප සඳහන් බවට පුවත්පත්වල පළවූ වාර්තාවල කුණු හරුප යන වචනය වෙනුවට අසභ්‍ය වචනය යෙදුවානම් සුදුසු යැයි සිතන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
කතානායකවරයා ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මතුකළ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (18) මතුවූ ගැටළුවකදී කතානායකවරයා ඒවායේ වැඩිපුර ඇත්තේ ඕපදූප වලට වඩා කුණුහරුප යැයි කළ ප්‍රකාශය පදනම් කරගනිමින් පුවත්පත් වල පළවූ වාර්තා පිළිබඳව මෙහිදී රාමනායක මහතා කාතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඔවුන් දෙදෙනා අතර අද (19) ඇතිවූ සංවාදයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගරු කතානායකතුමනි යනුවෙන් ආරම්භ කළ කතාව අවසන් කළේ කතානායකවරයාට ලොක්කා යැයි අමතමනි.
රන්ජන් රාමනායක මහතා.
ඊයේ මම බන්ධනාගාර රියෙන් මේ සභාවට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා.මට ඇහුණේ නැහැ ගෞරවනිය කතානායකතුමා මේ වගේ දෙයක් කියනවා නමුත් ජාතික පුවත්පතක් වන ලංකාදීප පුවත්පතේ අද තියෙනවා ‘‘ රන්ජන්ගේ කටහඬ පටවල වැඩිපුර තියෙන්නේ කුණුහරුප , මන්ත්‍රීන්ට දීම ගැන සලකා බලයි ගරු කතානායකතුමා කියයි කියලා.
මම හිතනවා තමුන්නාන්සේ ඉන්නේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න.මම බොහොම වගකීමෙන් කියනවා.පසුගිය ටිකේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වා මගේ කටහඬ පටි ගැන සොයන්න ජනාධිපති කොමිසමක් දානවා කියලා.මම ඒකට ඇගිලි ගැන ගැන බලාගෙන සිටිනවා.
ලංකාවේ ජනතාවට අයිතියක් තියෙනවා තමුන් ඡන්ද දුන්නු ,කාර් පර්මිට් දුන්නු , අවුරුදු පහෙන් පස්සේ විශ්‍රාම වැටුප් දුන්නු , කරන්ට් බිල් ලයිට් බිල් සැප වාහන වලම ගෙවන මේ පුද්ගලයන්ගේ පැටිකිරිය කතාබහ සහ ජීවත්වන ක්‍රමය ගැන දැන ගන්න අයිතිය තියෙනවා.
ඒ ගැන මේ කටහඬ පටි හරහා ජනතාවට දැනගන්න පුළුවන් මම වගකීමෙන් කියනවා. මේ කටහඬ පටිවල තියෙන්නේ මම කතා කරපු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටහඬ පටි දෙකක්.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හඬපටයක් , එස්.බී දිසානායක මහත්මයාගේ හඬපටයක්, කැබිනට් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳ ආශා අලුත්ගමගේ කටහඬ පට දෙකක් , විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ ශෂී වීරවංශගේ කඩහඬ පටි එකක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයාගේ හඬපටයක්.
මේ එකදු හඬපටයකවත් කුණුහරුප නැහැ. නමුත් කොහොමද ඔබතුමා හරි මේ සභාවේ කවුරු හරි මොකක්ද නිර්ණායකය කුණු හරුප නිර්වචන කළේ.
කතානායක
මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් පුවත්පත්වලින් දෙන ශීර්ෂ පාඨ ගැන මට බාර ගන්න බැහැ.මමත් කණගාටු වෙනවා.ඒ ගැන මමත් පොඩ්ඩක් හොයලා බලන්නම්.කුණුහරුප වෙනුවට අසභ්‍ය කියනවානම් අසෝබනයි කියනවානම් වඩා හොඳයි. ඒ නිසා මම පොයින්ට් එක ගන්නම් අවශ්‍ය විදියට. අදාළ පුවත්පත් සමඟ සාකච්ඡා කරලා යම්කිසි නිවැරදි කිරීමක් කරලා කතා කරන්නම්.පුවත්පත් ආයතන සමඟ කතා කරලා ඒ කටයුතු කරන්නම්.
රන්ජන් රාමනායක මහතා
ගරු කතානායකතුමනි දැනුත් මාධ්‍ය ඉන්නවා.ඔබතුමා දැනුත් කිව්වා අසභ්‍යයි කියලා.ලොක්කා එතකොට ඒකත් මාධ්‍යයේ යනවා නේ.
කතානායක
මම ඒක බලාන්න ඕන.හොයලා බලන්න ඕන.
රන්ජන් රාමනායක මහතා
එතකොට දැන් ආයේ කිව්වම ලොක්කා අරගොල්ලෝ ලියනවානේ.
රන්ජන් රාමනායක මහතා
පුදුම ආණ්ඩුවක් එතකොට ඔබතුමා දැනුත් කියනවා අසභ්‍යයි කියලා අර කට්ටිය දැන් ඒකත් ලියයි.
මං කියන කුණුහරුප ජනාධිපති අහගෙන ඉන්නවද
කතානායක
මම දැන් ඔබතුමාට කන් දුන්නනේ.හොදයි හොදයි මම අදලා ආයතන සමඟ කතා කරන්නම්.
බොහොම ස්තූතියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න හොඳයි. ඒ වචනෙට කියන නම කිව්වම හොඳ නෑ
රන්ජන් දැන්වත් ඔයා කරන බොරුව නවත්වන්න. ඔයා මිනිස්සුන්ට වියදම් කරේ මොනවටද කියලා අපි දන්නවා. ඔය හඬපටි ටික ළිද ලග සංගමයට දෙන්න.
එක එක අයගේ, අසීලාචාර ගතිගුණ හොදද නරකද යන්න කෑ මොරදීමද රටක වැදගත් ස්ථානයක කල යුත්තේ ? මොනතරම් මහජන මුදල් කන්දරාවක් ඒ සදහා වැය වෙනවාදවත් නොතේරෙන මෙවැනි 225 ඉදිරියේදීත් නඩත්තුවට ඉඩකඩ සලසනවාද නැද්ද යන්න තීරණය කිරීම සියලුම ලාංකිකයන්ගේ වගකීමක් බැවින් එමගින් දියවන්නාව අසුචි වල සුන්දර ආයතනයක් කිරීමට පෙලගැසෙමු.
කවුද කියන්නේ රන්ජන් මෝඩයෙක් කියල? බලන්න කොච්චර ලස්සනට තමන්ගේ මතය ප්‍රකාශ කරලා, කතානායකව යට කරලා, තමන්ට වාසියක් ලබා ගත්තද? මෙවැනි අය පාර්ලිමේතුවේ සිටය යුතුමයි. ඉක්මනට ඇප දෙන්න.
රන්ජන් දුරකථන කතා පටිගත කිරීම වරදකි. නමුත් එයින් මහජන මුදලින් වංචනික ලෙස ජීවත්වෙන මහජන දේපල කබසීනිය කරන වෙස් මුහුණු බැඳ සිටින දේශපාලුවන්ගේ සහ දුෂිත රාජ්ය සේවජ්කයන්ගේ ඇත්ත ජීවිත එළිවී ඇත.
කුණුහරුප වලට කුණුහරුප නොකිය වෙන මක් කියන්නද? අසභ්‍ය කිව්වත් අශෝබන කිව්වත් අශීලාචාර කිව්වත් එකම තේරුම. අනිත් එක ඉතින් තමන්ගේ හඬ පට සම්භාව්‍ය ගණයට දා ගන්න ඕනේ නම් කියන්නේ තිබ්බේ සම්භාව්‍ය වදන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තමන්ගේ රටේවත්, උත්තරීතර පාර්ලිමේන්තුවේවත්, පියෙක් වගේ ඉන්න කතානයකතුමාගේවත්, සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේවත් ගෞරවය ආරක්ෂා නොකරපු කෙනා තමන්ගේ හඬපට වලට ගෞරවය ඉල්ලනවා.
ඔතන නරකම කුණුහරුප කීවේ වාසුදේව පොඩි දරුවෝ ඉන්න විට.
හැමෝම රන්ජන්ගේ කුණුහරුප ගැන විතරයි කතා කරන්නේ. ඔය පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඒ හඬපටි වල තියෙන වැදගත් කාරණා ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. පුදුම සමාජයක් අපිට තියෙන්නේ.