ඉරානයේ හමුදා ප්‍රකාශනයක් උපුටා දක්වමින් යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. එය මානව අත්වැරදීමක් බවද කියැවේ. මෙම ගුවන් යානයේ මගීන් 167 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ගමන් ගත් අතර යානය වෙඩි වැදී බිම හෙළීමෙන් ඒ සියලු දෙනාම මිය ගියහ. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්‍රත්ක්ෂේප කළ නමුත් අවසානයේදී “මානය අත්වැරදීමක්“ වශයෙන් එය පිළිගැනීමට ඉරානයට සිදුවිය. ඉරාන රජය ඒ සම්බන්ධයෙන් විපතට පත් මගීන්ගේ පවුල් වලින් සමාව අයැද සිටී. යුක්රේනයේ අන්තර්ජාතික ගුවන් සේවයට අයත්, බෝයිං 737 වර්ගයේ ගුවන් යානය යුක්රේනයේ අගනුවර වන කයිවි නගරය වෙත පියාසර කිරීම සඳහා ගමන් ඇරඹූවා පමණි. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නමුත් ඔත්තුසේවා තොරතුරු මගින් එක්සත් ජනපදය සහ කැනඩාව කියා සිටියේ ඉරානය ස්ථිර වශයෙන්ම යානයට වෙඩි තැබූ බවයි. මම ගුවන් යානයේ ඉරාන ජාතිකයෝ 82 දෙනෙක්, කැනේඩියානු ජාතිකයෝ 63 දෙනෙක් සහ යුක්රේන ජාතිකයෝ 11 දෙනෙක් සිටියහ. යානය කඩාවැටුණ ස්ථානයේ මිසයිල කොටස් දක්නට තිබුණ බවද කියැවේ. එහෙත් යුක්රේන විමර්ශකයන් එහි ළඟාවීමට පෙර යානයේ සුන්බුන් ඉවත් කරන ලදි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
ඉරානය කළ මේ පහත් ක්‍රියාව මුළු මිනිස් ප්‍රජාවටම කරන ලද අපරාධයක් හැටියට සැලකිය යුතු වෙනවා. බටහිර රහස් ඔත්තු, චන්ද්‍රිකා ඡායාරූප නොතිබෙන්නට ඉරාන බොරුකාරයන් කියපු විදියට එය තවත් සාමාන්‍ය ගුවන් අනතුරකි... ත්‍රස්තවාදී ප්‍රහාරයක් මගින් ඉරානය යලිත් වරක් අසරණ ජීවිත සිය ගණනක් බිලිගෙන තිබේ.
ඒකනේ .. අනිවාර්යයෙන්ම මේ අය අර ඇමරිකන් බේස් වලට ගහන්න ගිහින් ඕකට වදින්න ඇත්තේ. මෙයලා ගාව රුසියානු අවි ආයුධ නම් තියෙන්නේ ආයේ දෙකක් නෑ ගහපු එකට නෙමේ අනිවාර්යයෙන් වදින්න ඇත්තේ.
මිනිසුන් ලෙසින් ඉපදුනු තිරිසනුන්ගේ මිලේච්ඡ ක්‍රියාවක්. අහිංසක නිරායුධ මිනිසුන් බලය සහ යුද්ධය නිසා ජීවිත වලින් වන්දි ගෙවලා.
මේ සියල්ලටම මුල ඇමෙරිකන්කාරයින් මැදපෙරදිග ඇතිකරන කරන යුද්ධයි. ගිවිසුම් ගසාගෙන ඇමෙරිකන්කාරයින් ලංකාවට ගෙන්නා ගන්නට තැත් කරන අයට මේවා හොඳ පාඩම්.
ඒ පැත්තේ ඉන්නවා අපේ එක්කෙනෙකුත්. මහ මැතිවරණට ඉවරක් උන හැටියේ එයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වෙනවා කියලයි කියන්නේ.
ඉරානය දැන් කුමක් කීවද මෙහි ප්‍රතිඵල විඳිය යුතුමය.
කරන කලට පව් මිහිරිය මි සේ.....................
දරුණු අත් වැරදීමක්. මේ ඛේදජනක සිද්ධියට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බව ඉරාන බලධාරීන් කියා සිටිනවා. මේ සිද්ධිය සිදුවීමට පෙර සියලුම මගී ගුවන් යානා පියාසර කිරීම අත්හිටුවන ලෙස ආරක්ෂක අංශ විසින් රජයෙන් කර තිබු ඉල්ලීමට රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබී ඇති බවද සැලයි.
අනාගතයේ මෙවැනි සිදුවීම් නොවන්න කටයුතු කරනවානම් තමා හොඳ.
දෙවියන් වහන්සේ දූෂිත දේශපාලුවන් හැර දමා අහිංසක මිනිසුන්ගේ ජීවිත ගෙන යයි. හේතුව ඔහුට ලෝකයේ අවසානය දැකීමට අවශ්‍ය විය හැකිය.
ඇමෙරිකන් බාබේරියන් අවුට්...
ඇමෙරිකාව නොහිටින්න අපි ඔක්කොම මුස්ලිම්..........................