( රංජන් කස්තුරි)
කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි ඔසුසල්වල මේ දිනවල වැඩි වශයෙන් මුඛ ආවරණ ( මාස්ක්) අලෙවි වන බව වාර්තාවේ.
කොළඹ කුරුඳුවත්තේ පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික ඔසුසල් වලද ඉකුත් දින කිහිපය පුරාම මුඛ ආවරණ අලෙවිය ඉහළ ගොස් තිබිණි.
මේ අතර අප කළ විමසුමකදී කොළඹ ප්‍රධාන ඔසුසලක සේවකයින් පැවසූයේ අද (26) වන විට තමන් සතුව තිබූ මුහුණු ආවරණ තොගය විකිණි අවසන් වූ බවයි.
මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සේවකයෝ පැවසූහ.
COMMENTS
මුඛ ආවරණ ගේන්නෙත් චීනෙන්ද දන්නේ නෑ... බලාගෙන ගන්නේ..
ළඟදී මැතිවරණයක් එන නිසා ඔය මුඛ ආවරණ තොගය තොරතෝංචියක් නැතුව කියවන්නට බලා ඉන්න හිස් මිනිසුන්ට නොමිලේ බෙදා දීමටත්, හුදී ජන අපගේ ප්‍රයෝජනය සඳහා කන් ආවරණ හෙවත් ඇබ තොගයක් ගෙන්වා තැබීමටත් ඔසුසලට හැකිවේවා...!!!
රජය මේ මුඛ ආවරණ විකුණන ෆාර්මසිවලට දැඩිලෙස පාලනයකට යටත් කළයුතුයි. එහෙම නොවුණහොත් වෙළඳුන් බොරදියේ මාළු බාන්න පුළුවන්... අහිංසක දුප්පත් මිනිහාට මේවගේ දේවල් මිලදී ගතනොහැකිව මියයාමට සිද්දවෙයි.
රතු, චම්පට හොඳ කටකලියාවක් තමයි.
මුඛ ආවරණ ඔසු සැල් වලින් මිලදී, නොගෙන, හාඩ්වෙයාර් කඩ වලින් මිලදී නොගන්නේ ඇයි? ඒවා ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් ඉහළයි. ලංකාවේ අංක එකේ අපිරිසිදු ස්ථානයක් වන, රජයේ රෝහල් වල සිටින සියලුම රෝගීන්ට මුඛ ආවරණයක් ලබා දිය යුතු යයි මම යෝජනා කරනවා. දොස්තරලට මතක් වෙන්න කලිනුයි මම ඒ බව මතක් උනේ. කොහොමත් ඉතින් දුවන්නන් වාලේ රැළට දුවන මිනිස්සුනේ අපේ රටේ වැඩි හරියක් ඉන්නේ? දැන් ඉතින් ලෝකේ පෙරළගෙන දුවයි මුඛ ආවරණ හොයාගෙන........