( ඉන්දිකා රාමනායක)

මිද්දෙණිය  දඹේතලාව  ප්‍රදේශයේ   අද  (3) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින්   (36) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව  මිද්දෙණිය පොලිසිය කියයි.
 
මෙම පුද්ගයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වී  පස්වරු 1.10 ට පමණ  කාරියමඩිත්ත  පිහිටි නිවස බලා යන අතරේ මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුව ඇත.
  වෙඩි වැදුණ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.  ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.