IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මධුමාධවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිදු වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
 
මධුමාධව අරවින්ද මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති අජිත් ප‍්‍රියන්ත, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
නීතීඥ තුෂාර දිසානායක මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
‘‘පෙත්සම්කරු පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක සහ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවේ.2011 සිට 2014 වසර දක්වා කාලය තුළ පෙත්සම්කරු කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු හැටියට කටයුතු කළේය.
 
පෙත්සම්කරු පසුගිය මස 11 සහ 12 වැනිදින අත්තනගල්ල ,වේවැල්දෙණිය , මීරීගම , ඉඹුල්ගොඩ සහ අලවල යන ප‍්‍රදේශයන්හි මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිතව ඇතැයි කියන ජනාධිපති මැතිවරණය සඳහා ප‍්‍රචාරක රැස්වීම් සංවිධානය කළේය.
 
මේ අතර දිවුලපිටිය ප‍්‍රදේශයේ ඉදිරි දිනයන්හි රැස්වීම් පැවැත්වීම සඳහා ව්‍යාපාරිකයෙකු වන නාලක සමරතුංග නැමැති මිතුරු හමුවීම සඳහා පෙත්සම්කරු මෙම මස 13 වැනි දින පස්වරු 7.00ට ඔහුගේ නිවසට ගියේය.
 
මෙම ගමනට පෙත්සම්කරුවන්ගේ මිතුරන් කීහිපදෙනෙකුද එක් විය.පෙත්සම්කරු සිය මෝටර් රථයෙන් ව්‍යාපාරික නාලක සමරතුංග මහතාගේ නිවසට ගොස් ඔහුත් සමඟ දිවුලපිටය බලා පිටත් විය.දිවුලපිටිය නගරයට යායුත්තේ මිනුවන්ගොඩ නගරය පසු කරගෙනය. මිනුවන්ගොඩ නගරයට ළගා වෙන විට විශාල රථවාහන තදබදයකට මුහුණ දුන්නේය.පෙත්සම්කරු තම රථයෙන් බැස ඒ පිළිබඳ විමසීය.
 
එහිදී මිනුවන්ගොඩ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වී ඇති බව දැනගන්නට ලැබිණි. මේ අවස්ථාවේදී පෙත්සම්කරුව යම් කිසිවෙකු තමන්ව වීඩියෝ ගත කර ඇති බව දැනගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී පෙත්සම්කරු ඇද සිටියේ ජාතික ඇඳුමය.
 
පසුදින පෙත්සම්කරු මෙම කලහයට සහභාගීවී ඇති බව සඳහන් කරමින් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය විය. මෙම වීඩියෝ පටය දුෂ්ඨ චේතනාවෙන් නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා විසින් මෙලෙස භාවිත කර ඇති බව පෙත්සම්කරු කියා සිටී‍.



අදහස් (15)

මධුමාධවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Buddika Thursday, 23 May 2019 02:10 PM

මොකක් ??? ඔක්කොටම කලින් නතමන්ගේ ඉතිහාසය බලනවා..... ඉස්කෝලෙදි මොකද උනේ..... ඊට පස්සේ විවාහ ජීවිතේට මොකකද? උනේ....... තමන්ගේ අයිතිවාසිකම් වලට කලින් යුතුකම් ඉටුකළාද හොයලා බැලුවානම් හරි නේද?

:       0       0

සෙනෙවි Thursday, 23 May 2019 02:49 PM

මෙන්න බබෙක්...

:       0       0

sunil Thursday, 23 May 2019 04:29 PM

මිනිස්සු මෝඩයෝ කියලා හිතන් ඇත්තේ.

:       0       11

රවින් Thursday, 23 May 2019 04:34 PM

තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පුකිරීමට නොහැකි නිසානේද.මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්නේ?

:       0       7

මල්ලී Thursday, 23 May 2019 05:40 PM

අපි බබ්බු. මොන ජනාධිපති අපෙක්ෂකයා වෙනුවෙන්ද අප්පා මැතිවරණ ප්‍රචාරක රැස්වීම්, කවුද අපෙක්ෂකයා කියල කියමුකෝ එහෙනං....

:       0       6

rohana Thursday, 23 May 2019 11:45 PM

ඉතින් මහත්තයෝ වරදක් කරලා නැත්නම් බය වෙන්නේ මොකටද?

:       0       7

wijith Friday, 24 May 2019 01:05 AM

මධුමාධව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහිඋන හොඳම මොළ කරුවන් ගෙන් කෙනෙක් . ඔහුව අත්අඩංගුවට ගන්න එපා මොහු තමා ඊළඟ ජනපති තනතුරට නියම සුදුස්සා.

:       60       18

Nishan Friday, 24 May 2019 01:32 AM

රට ගිනි තියන්න විතරයි චන්ඩිකම්.

:       0       12

appuhami Friday, 24 May 2019 01:42 AM

හා හරි.. අපි බත් කන හරක්නේ...

:       0       10

Athula Friday, 24 May 2019 03:34 AM

මොවුන් ඉන්නේ මිනිස්සු කුලප්පු කර එයින් බොරු දේශප්‍රේමීන් පෙන්වා කොහොම හරි බොරදියේ මාළු බාන්න ඔච්චර බය නම් මොකටද ගියේ..?

:       0       15

sirimal Friday, 24 May 2019 07:29 AM

නැතුව නැතුව. ලොක්කට අවුරුදු හතරක්ම එක නඩුවක් ඇදගෙන යන්න මේ උපාය හොඳනම් අපට නරක මොකෝ ?

:       9       17

Kumara Friday, 24 May 2019 08:33 AM

මෙයාගේ පැටිකිරිය කවුරුත් දන්නවා. දැන් බබා මොත්තේ දානවා.

:       0       13

Sarasi Friday, 24 May 2019 08:44 AM

මංකොල්ලකාරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන්, මිනීමරුවන් ඔක්කොම කියාවි... අත්අඩංගුවට ගන්න එපා අපි දේශමාමක සද්භාවයෙන් තමයි ඔක්කොම කලේ කියලා.

:       0       0

ananda R Friday, 24 May 2019 10:59 AM

බස් එක නතර වුනේ මිතුරා අඬගැහුවේ තැබෑරුමක්ම ළඟදීද..?

:       0       0

raju Saturday, 25 May 2019 08:29 PM

කරන ඔක්කොම වැඩ කරලා අන්තිමට මුලික අයිතිවාසිකමක් ඉල්ලනවා අත්අඩංගුවට ගන්න එපා කියලා. මේක මාර රටක්. මාර නීතියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 236 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2092 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site