(චමිල් රූපසිංහ)
ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබෙන අතර එම ලියවිල්ල ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබූහ.
ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් අද (12) මල්වතු මහ විහාරයට ගොස් එම ලිඛිත පොරොන්දුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබුණු අතර අමාත්‍යවරයා මල්වතු පාර්ශිවයේ අනුනායක හිමිවරු වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිවරුද මේ සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගත්හ.
ශ්‍රී ලංකාවේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 16 වන පිටුවේ සඳහන්ව තිබෙන බවත් ඒ සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය හා ආරක්ෂාව සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වන පිටුවේ පැහැදිලිව දක්වා තිබෙන බවත් අමාත්‍යවරයා මහානායක හිමි හමුවේ පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙවර ජනපතිවරණය නිමිත්තෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී මේ බව පැහැදිලිව දක්වා තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බවත් මේ නිසා තමන් රටේ ඒකීය භාවයත් බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයත් ආරක්ෂා කිරීමට සෑම විටම කටයුතු කරන බවත් මහනාහිමිවරුන්ට සපථ කර සිටීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත් බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.

COMMENTS
අන්තිම මොහොතේද හාමුදුරුවන් මතක් වුනේ. ඉතිහාසයේ සංඝයා වහන්සේලට වැඩියෙන්ම හිරිහැර වුනු යුගය විදිහට පහුගිය අවුරුදු 4 ඉතිහාසගත වෙනවා. එතකොට කොහෙද ඔය බෞද්ධ කියන සජිත් හිටියේ ?
සතවර්ෂයේ ලොකුම විහිලුව !
උත්සාහය නම් හොඳයි. ඒත් ඕක බොරුවක් කියන එක රටම දන්නවනෙ.
ටෙලි නාට්‍ය සංදර්ශන කවදද ඉවර වෙන්නෙ?
දැන් අලුත්ම එක දිවුරුම් පෙත්සම්
මෙතුමාලා මේ හිතන් ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලද? මෙච්චර කාලයක් ආණ්ඩු කරානේ? ඉතින් ඒ අවුරුදු පහ ඇතුලේ දෙන්න තිබුනනේ ඔය ලියවිල්ල? දැන් මේ පත්තුවෙලා කරන බොරුව මොකක්ද?
හදීසියේම බෞද්ධාගම ගැන මතක් වෙලා! පහුගිය අවුරුදු 4 1/2 මේ රටට කරපු විනාසේ මදිවට තව බොරු කරන්න අවස්තාවක් ඉල්ලනවා!
එක් ඇමතිවරයෙක් කිව්වා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ කියලා. ඒ දවස්වල මේ උපාසක මහත්වරුන් හිටියෙ කොහෙද.
චම්පික මහත්තයෝ ඔයා ඔයාගේ පපුවට තට්ටු කරලා බලන්න ඔයාලා අර සෝම හාමුදුරුවන්ට පිංසිදුවන්නට පාර්ලිමේන්තු ගිහින් බුද්ධාගම වෙනුවෙන් පෙනී හිටියද කියලා. බොරු රගපෑම් දැන්වත් නවත්වන්න.
චරිතවත් පුද්ගලයෙක් ඕන ඔයවගේ දුත මෙහෙවරකට.
බොහොම පරක්කු වැඩියි.
සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානයක් දීල තිබෙනවා නම්, ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වන පිටුවේ පැහැදිලිව දක්වා තිබෙනවා නම් තවත් මොනවද ගිහිල්ල කියන්නේ?
සජිත් තරම් බුදු ධහමට සේවය කල පාලකයෙක් හෝ ඇමතිවරයෙක් ගිය අවුරුරු 71 ම හිටියේ නැත සබැ සත්ත්‍ය එයයි .
දැනුයි මතක් වෙලා තියෙන්නේ මේ කට්ටියට මේවා ගැන. අනුකම්පා කරමු නේ....
අනේ හාමුදුරුවනේ බොහෝම ප්‍රවේශමෙන් කියවලා දායක දායිකාවන්ට උපදෙස් දෙන්න. 1977 දී JR ජයවර්ධන මහතාගේ ˜ධර්ම්ෂ්ඨ සමාජ˜ සංකල්පය පෙන්නලා මැකියාවේලිගේ කුමාරයාගෙ “Just society” හදලා කරපු විනාශය අති මහත් ය. 2014 දී මෛත්‍රී පාලනයක් සඳහා වූ වෙනස” නමින් කරන්නට ගියේ “A Compassionate , Governance A Stable Country” යන්න ය. එය ජෝර්ජ ආර් බුෂ්ගේ 2000 මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කරගත් Compassionate conservatism නම් මතවාදය ය. අවසාන මොහොතේ පවා ඇමරිකන් ගිවිසුම මගින් කරන්න ගොස් ඇත්තේ ද එම ප්‍රතිපත්තියයි. මෙම ප්‍රකාශණය ද සීමාවක් නැති ඉදිරි ගමණක් සදහා එක්ව ඉදිරියට යන්නට ජනතාවට ආරාධනා කරයි. ඉතා ප්‍රවේශමෙන් තේරුම් ගනු ලබත්වා.
11/11/2019 විකාශය වුන මහේෂ් සේනානායකගේ සිරස සටන වැඩසටහන බැලුවානම් මේ රටේ මිනිසුන්ට තේරෙයි අපිට අවශ්‍යදේ. මිනිස්සුන්ව බෙදන්න පුළුවන් හැම විදියටම දේශපාලුවෝ බෙදපු විදිය හොදටම පැහැදිලි උනා ඒ වැඩසටහනින්. මහේෂ් සේනානායක වගේ නායකයෙක්ගේ අවශ්‍යතාවය තදින්ම රටට අවශ්‍යය මොහොතක් මේ.
2003 වසරේදී කොටින් විසින් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් යාපනය සහ ත්‍රිකුණාමලය අතර ප්‍රවාහනය කළ ලංකා මුදිත නැවට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එවකට පැවැති යු.එන්.පී රජය එය සුළුකොට සලකා මග හැරපු හැටි අද මේ මොහොතේත් රජය මගින් පළකර අන්තර්ජාල පුවත්වල තිබෙනවා. එහෙම ජාතික ආරක්ෂාව සහ බුද්ධාගම නොසලකා හැරපු ආණ්ඩුවක සජිතුත් හිටියා. ඒ කාලයේ අගමැති රනිල් තමයි ආපහු සජිත් යටතේ තමුන් අගමැතිවෙන බව කියන්නේ. හාමුදුරුවරු සහ ඡන්දදායකයන් ඔය ලණු ගිලිනවාද?
ඔබලා වැනි ජනතාව රවටන නායකයන් මේ රටට පාපයකි.
ඊට පසු සමතැන් දීමේ ප්‍රතිපත්තිය උඩ බුද්දාගමට තිබෙන තැන අනික් ආගම් වලට දෙනවා. එතකොට අන්‍ය ආගම් වලින් ප්‍රශ්න නැහැනේ නේද?