(බන්දු තඹවිට)
බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වනවිට කොඩිතුවක්කු ආරච්චිලාගේ රුවන් වීරසිංහ නමින් පෙනී සිටින 30 හැවිරිදි අඹන්වත්ත ,රජවැල්ල ලිපිනයේ පදිංචි අයෙකු සහ පන්විලහේන ,වේයන්ගල්ල ,අගලවත්ත ලිපිනයේ පදිංචි අබ්දුල් රහීම් මොහොමඩ් ෆයිසර් නමැති 39 හැවිරිදි අයෙකි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිසියම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට පොලිසිය සැකකරන අතර මොවුන් විසින් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් වන බුහාරි පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුමක් තිබෙන බවට මොවුන් විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
සිංහල නමින් පෙනීසිටින පුද්ගලයා තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇති අතර ඔහු දිගන ප්‍රදේශයෙන් පැමිණ වේයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසේ නැවතී සිට ඇත.
COMMENTS
වැඩේ කෙරෙනවානම් මොනනමින් හිටියත් අපිට මොකෝ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලාම කපමු.
සිංහල බෞද්ධයන් මුස්ලිම් පල්ලි වලට ගැහුවා කියල ප්‍රචාරය යවන්න වෙන්න ඇති. මීට කලකට ඉහත දිගනදී මුස්ලිම් කඩ වලට ගැහුවෙත් මොවුන්ම වෙන්න ඇති.. සිංහල බෞද්ධයන් පිට වරද දාන්න. මේ ආණ්ඩුවත් කලේ ඒකමනේ.. ත්‍රස්තවාදයට ආගමක් නැත. දැන්වත් මුස්ලිම් සහෝදරයන්ට තේරුම් යන්න ඕනේ මුස්ලිම්වරුනුත් ආරක්‍ෂිත නැහැ කියල මේ අන්තවාදීන්ගෙන්.. මුස්ලිම් සමාජයෙන්ම මේ අන්තවාදී කල්ලි විනාස කරන්න ඕනේ..
තව්හීද් ජ්මාත් වහාම තහනම් කල යුතුයි .
ඕක රඟපෑමක්
බමුණු මහත්තයෝ ඔබේ බොහෝ අදහස් සමග මා එකග වන නමුත් මේ අදහස සමග එකග විය නොහැකිය. මන්ද මින් සිදු වන්නේ යලිත් යුද්ධයකට මුල පිරීමකි. ඔවුන් පෙනී සිටින්නේ ඇමරිකාව වැනි බටහිර රටවල උවමනාව වඩාත් සාර්ථක කර ගැනීමට පෙනේ.
බමුණුආරච්චි මොලේ තරම පෙන්නලා තියෙන්නෙ. තවත් කළු ජූලියකට ගියොත් ලංකාවට තව අවුරුදු ගානක් ආපස්සට යන්න වෙයි. බමුණා කියන්නේ මේවා මෙහෙයවන බලයට තන්හා ඇති පාලකයන්ගේ හොරනෑවක් බව පේනවා.
මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිංහල අන්තවාදීන් ඉන්න බව ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තරය අතර වැරදි මතයක් ගොඩනැගීමට ප්‍රයත්න දැරුවා.... නැවත නිවැරදි කිරීමක් කළා එය එහෙම වුනේ නැතිබව. ඉතින් මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගතයුතුයි.
මොවුන් අාවේ ගහන්න නෙවෙයි ගහනවා වගේ පෙන්නන්න.. ලස්සනට මාධ්‍යයට දෙන්න පුළුවන්නේ සිංහල අන්තවාදීන් මුස්ලිම් පල්ලිවලට ගැහුවා කියලා...