( චමිල් රූපසිංහ සහ පි.ශාන්ත බංඩාර )
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා වන සමන්තුරේ පදිංචි ආර් සේකර් හා මොලගොඩ පදිංචි මගියෙකු බවද පොලිසිය පවසයි.
මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම බස් රථය පහළ කඩුගන්නාව වංගුව අසලදි රථයේ ඉදිරි පා පාවුරුව කඩා වැටිම නිසා කොන්දොස්තරවරයා මගියා බිමට වැටි ඇත. අනතුරුව ඉදිරිපස රෝදයට යට වී දැඩි ලෙස තුවාල සිදුවි ඇති බව පොලීසිය කියයි.
කොන්දොස්තරවරයාගේ දේහය හේනාවල ප්‍රාදෙශිය රෝහලේ හා මියගිය මගියාගේ සිරුර මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් බස් රථයේ රියදුරු මවනැල්ල රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලීසිය කියයි.



(ඡායාරූප -පි.ශාන්ත බංඩාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මොන තරම් අවාසනාවන්ත සිදුවීමක්ද ? මියගිය අපේම සහෝදර පුරවැසියන් දෙදෙනාට නිවන් සුව අත්වේවා !!! සෑම දෙයකම අඩු ලුහුඩුකම් විව්වෙචනය කරනවා නොහිතන්න...මහජන ප්‍රවාහනය සදහා යොදා තිබෙන බස්රථ ( ලංගම , පෞද්ගලික අංශයේ දෙකෙහිම )වැඩි ප්‍රමාණයක් සත්වයන් ප්‍රවාහනයටවත් සුදුසු නැති ඒවා බව බාලධාරීන්ට නොතේරෙන්නේ මන්ද ???මාර්ගයේ ධාවනයට යෝග්‍යද නැද්ද සොයා නොබලනවාද ??
ඉතා ම ඉතා ම අවාසනාවන්ත සිදුවීමක්..
පාස්කු බෝම්බෙට කලින් මාර්ග අනතුරු රැල්ලකින් ගොඩක් මිය ගියා....පාස්කු උණුසුම ගියා විතරයි ආයෙම මාර්ග අනතුරු දවස ගානෙ...පුදුම නරක කාලයක්.
කෝච්චියේ වගේ නෙවෙයි බස්වල පා පුවරුවේ යන්න වෙන්නේ බස් එකේ එච්චරටම සෙනග ඉන්නවනම් තමයි. ඒ උනාට කොටි 17ක් දීල ලොක්කෝ සැප වාහනවල යන නිසා බේරුනා.. නැත්නම් පව් ඒ අහිංසකයොත් ඒගොල්ලන්ට ජන්දේ දීපු මිනිස්සු වගේ පා පුවරුවේ ගිහින් මැරෙන්න තිබුණා.
පුවරුව යට ටකරන් යටින් ශක්තිමත් බවට යකඩ බටයක් වත් දාල තිබ්බ නම් ඔහොම වෙන එකක් නෑ. බස් කොම්පැනියෙන් වන්දි ගන්න ඕනි කෝටි ගානක් . එකරලා මේ වගේ බස් අයින් කරලා දාන්න ඔනේ සේවයෙන්.
නිසි පරීක්ෂාවකින් තාෙරව ධාවනයට යෙදවු අයට දඩුවම් කල යුතුයි....
ඔය පා පුවරුවේ යන එකත් විලාසිතාවක් කරගත්තු කට්ටිය ඉන්නවා. විශේෂයෙන් කොන්දොස්තරලා. සමහරු බස් එකේ කොච්චර ඉඩ තිබ්බත් ඇතුළට එන නෑ. ඒ වගේම දැන්වත් ඔය පා පුවරුවේ ගමන් කිරීම තහනම් කිරීමේ නිතිය හරියට ක්‍රියාත්මක කරනවා නං තමයි හොද. මොකද පා පුවරුවටත් දරන්න පුළුවන් බරක් තියෙනවනේ.
ඔන්න ලංකාවේ පොදු ප්‍රවහනේ තත්ත්වේ ජනතාවට සේවය කරන්න කියල එන්නේ ඒ උනාට හම්බකිරීල්ල විතරයි...... හැම තැනම මේ අහිංසක ජීවිත වලට කවුද වග කියන්නේ ...... මොන අපරාදයක්ද අමු අමුවේ මෙහෙම මිනිස්සු මැරෙන්න අරින එක...... තව වෙඩි වදින්නේ නැති වාහන ගෙන්නන්න තමයි වලිකන්නේ......
හුඟාක් කණගාටුදායකයි...
සනත්, කාලේ කිසිම වරදක් නැහැ. හරක් වාහන එලවන්න පටන් ගත්තම මේක වෙනවා. මේ ඩිපෝ එකේ ඉංජිනේරුවා හිරේ දාන්න ඕනේ... එය වාහනේ චෙක් කරලා පාරට දාන්න අවසර දෙන්න ඕනේ. මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කමට කාලෙට බැනලා වැඩක් නැහැ..
ලංගමේ බස් රථ නිසි නඩත්තුවක් තියා නිසියාකාරව සෝදා අතුගා පිරිසිදු කිරීමක්වත් කරන්නේ බොහොම කලාතුරකින්... මට්ටක්කුලිය ඩිපෝවේ කාර්මික අංශය මෙයට වගකිවයුතුයි. වහාම පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න.
පාපුවරුව නිකම් ගැලවුනේ නැහැ... වම් පස පාර අයිනේ ගලක වැදිලා එ්ක කැඩිලා ඒ දෙන්නා මැරෙන්නේ... නැතිව බස්වල පාපුවරු නිකම් වැටෙන්නේ නැහැනේ...
මේ රියදුරන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ.
අවුරුදු 30-40-50 පරණ මේ වාහන ගැන කුමන කතාද? වෙඩි නොවදින වාහන 3 විරුද්ධ පක්ෂ නායකයාට තියාගෙනත් තව වාහනයක් ඉල්ලන රටක් මේක... එක්කෙනකුට එකවර එක වාහනයක යනවා හැර වාහන 3, 4ක යන්න පුළුවන්ද?
පව් ජීවිත... මේක තමයි දැන් රටේ තත්වය...
හරියාකාර නඩත්තු නොමැතිකමේ ප්‍රතිපල. ඒ වගේම දරාගත හැකි ප්‍රමාණයට වඩා මගීන් ප්‍රවාහනයෙන් මෙම රථ වලට එය දරාගත හැකිද?
කමක් නෑ සුඛෝපබෝගී බස් 17ක් ලංගමට ගෙනෙනවනේ
මේක රියදුරාගෙ වරදින් සිදුවුන අනතුරක්.
අනේද කියන්නේ ජනතාවගේ ගමන් පහසුව තියා තියෙන බස්රථයක්වත් අලුත්වැඩියා කරන්නේ නැහැ. කතාවට ගියාම හැමදාම බස් රථ ගෙන්වන නිසා නඩත්තුවක් වත් නැහැ. තියෙන කෑලිත් ගලව ගලවා විකුණනවා. ලංගම ඉන්න සේවකයෝත් මේ සේරටම වග කියන්න ඕනෑ..
ප්‍රමිතියෙන් තොර වාහන අධික ලෙස ප්‍රමාණයට වඩා මගීන් පැටවීම නොසැලකිලිමත්කම, මුදලට ඇති තණ්හාව, අධික වේගය මේ ඔක්කොගේම අවසන් ප්‍රතිඵලය...
මෙය බස්රථ නොව ලොරි බොඩි බස් රථය, වෙන රටවල බස් රථද, දැන් ඉන්දියාවේ සාදන බස් රථද විදේශ රටවල අනුව සකස් කර ඇත. නමුත් ලංකාවේ නොමැත. තවද මගින් නංවනු ලබන්නේ බසය ඉදිරි දොරටුවෙන් වන අතර බැස්ස වන්නේ පිටුපස දොරෙනි, නගරාන්තර බස් රථ වල දොරටු 3 ක් ඇත, බලන්න උදා හරණයක් වශයෙන් ඩුබායි නගරය, ඩුබායි ට්‍රාන්ස්පෝට් ඔතෝරටි බලන්න (කෙසේ වෙතත් මෙම බස් රථයේ කොන්දොස්තර සිටිය යුත්තේ පිටු පස දොරටුවේය, මගියා පාපුවරුවට යායුත්තේ බසය නැවත් වීමේදීය)
බස් රිය ගමනට සුදුසුද පරීක්ෂා කරන්නේ රියදුරු නොවේ. එයට වෙනමම නිලධාරියෙක් ඉන්නවා ගරාජ් එකේ...