( නිමන්ති රණසිංහ )
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක මත මුදා හැරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(25) නියෝග කළේය.
මහජන මුදල් අවභාවිත කළ මැතිවරණ නීති උල්ලංඝනය කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.
බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරිම සුවිශේෂි කාරණයක් ලෙස සලකා බැලු මහෙස්ත්‍රාත් එලෙස ඇප ලැබ දෙමින් මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනමට ලක් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ඕනෑම අවස්ථාවක එහි පෙනී සිටිමටද අධිකරණය නියෝග කළේය.
ශරීර ඇප කරුවන් ළගම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
තව දෙන්නයි ඉන්නේ ඔය දෙන්නම ළඟදීම එයි. සබරගමු පැත්තේ එක්කෙනෙක්... අනිත් එක්කෙනා කොළඹ..
සර්, ඔබගේ කොලේ වහලා ගහන ගේම අති විශිෂ්ඨයි.
අපේ සිල්වා පුතාගෙත් කාලෙ හොඳ වේගෙන එන්නේ. අඩුවට තියෙන්නේ ගඟ දෙබෑ කරගෙන එන්නේ මොන නයාද කියන එක...
ඇමතිධුර දෙකක් තව ඉතුරුයි, එකක් බදියුදීන්ට?
ජයවේවා, ඔහොම යමු.
ඇප නොදී පුළුවන්ද 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තේ මෙයාගේ ගමෙන්නේ...
අනාගතේ ලොකුම ඇමැති මෙයයි ළමයිනේ.
69 ලක්ෂයක් ගත්තේ... 2/3ක් ආණ්ඩුව ඡන්ද ගත්තේ. 20 සම්මත කරගත්තේ මෙයාගේ උදව්වෙන් බව ලෝකයාම දනිති කොල්ලනි..
බදුර්ධීන් නැත්නම් 69 ලක්ෂයත් නෑ, 2/3 ත් නෑ, 20 ත් නෑ ඉතින් මේ ආණ්ඩුව මැණිකක් වගේ බදුර්ධීන් රැකගන්න ඕන තමයි එක රටක් එක නීතියක්.
2015 මැතිවරණ කාලෙදීත් මාධ්‍යවල මොහුවිසින් අවතැන් වූවන් ප්‍රවාහනය කළා කියලා යුද්ධය අවසන් වී වසර 11ක් පසුවීත් කොහොමද අවතැන් වූවන් රටේ සිටින්නේ? අවතැන් වූවත් ඡන්දය තිබෙනවා නම් ඡන්දය දැමීමට අවස්ථාවක්තිබිය යුතුයි නේද?
අපේ සර් ගහන ගේම් ඒ වගේම ගහපු ගේම් ජනතාව තාම දන්නේ නැහැ. ඒවා කොච්චර දැනගත්තත් අපේ සර්ට මෝඩ ජනතාව අත උස්සනවා.
බදියුර්දීන් සහ සහරාන් නැතිනම් අද මේ ආණ්ඩුවත් නෑ. සර් කෙනෙකුත් නෑ අබරන් ගොයියෝ... ඒකයි ඇත්ත.
මේ ආණ්ඩුව බදියුදීන්ටයි, සහරාන්ටයි සදා ණයගැතියි නේද සර්?
ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමාට සුබපතන අතර, අර පහුගිය ටිකේ ඔබ දෙසට හැරී උඩුබුරාපු බලුරැල සොයා ගැනීමට සහාය වෙන මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි... අනේ, ඇත්තටම ඒ සිංහ වෙස් බැඳගෙන නාඩගම් නටපු බලුරැලට මොකද වුනේ කියලා දන්නා කෙනෙක් කියන්නකෝ...
අපිට නම් හොඳටම හිනා...
20 සම්මත වීමෙන් ආපු සුපිරිම බලය තමයි...
ස්තුතියි සර්... ඔයාගැන හරිම ආඩම්බරයි.. ඔහොම යං..
ඇයි අනේ ඔයාලා ඔහොම කමෙන්ට් දාන්නේ..? අයවැය ඡන්දෙ දවසෙදිවත් මම පාර්ලිමේන්තු ආවේ නැහැනේ. ඉතින් මාව නිදහස් කළාම මොකද වෙන්නේ? ඔයාලා දන්නවද මට ඉදිරියෙදී ඇමැතිකමකුත් ලැබෙන්න ඉඩ තියෙනවා.
චීවරධාරීන් කෝ?
එහෙම වෙන්න එපෑයැ ඉතින්... අම්බලමේ පිනා. වළං කදක් ගෙනා.. ඒක බිඳපි ගොනා... ඒක වෙන බවබ දැනන් උන්නු අපිට ඉතින් හරි හිනා.