
ගාල්ලේ කොටු පවුර මත සිටිමින් ශී‍්‍ර ලංකා - එංගලන්ත කි‍්‍රකට් තරගය නරඹමින් සිටි එංගලන්ත ජාතිකයකු වන රොබට් ලූවිස් මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියෙන් කළ විමසීමකදී ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පැවසූයේ තරගය නැරඹීම සඳහා ගාලූ කොටු පවුර මතට මහජනතාව රොක්වන බැවින් තරගය නැරඹීමට එහි යන සියලූ දෙනාම ඉන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
එංගලන්තයේ සුප‍්‍රකට කි‍්‍රකට් ලෝලීන් පිරිසක් වන ‘බාමි ආමි’ සමාජයේ සාමාජිකයකු වන රොබට් ලූවිස් මහතා ශී‍්‍ර ලංකා - එංගලන්ත කි‍්‍රකට් තරගාවලිය නැරඹීම සඳහා මාස ගණනාවක් ශී‍්‍ර ලංකාවේ රැදී සිටි අයෙකි.
ඔහු පසුගිය මාර්තු මාසයේදී එංගලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකාවට පැමිණි ගුවන් යානයෙන්ම ශී‍්‍ර ලංකාවට පැමිණියේය. එහෙත් කොරෝනා වයිරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගම පුහුණු තරගය අතරමග නතර කරදමා එංගලන්ත කණ්ඩායම ආපසු එංගලන්තයට ගියේය.
තමන්ගේ කණ්ඩායම ආපසු සියරට බලා ගියද එදා සිටම ශී‍්‍ර ලංකාවේ නතර වී සිටි රොබට් ලූවිස් මහතා ශී‍්‍ර ලංකාවේ පැවැති ඇඳිරී නීති සහ අගුළු දැමීම් සියල්ලටම මුහුණ දුන්නේය. වෘත්තීය වශයෙන් අන්තර්ජාල සැලසුම් ශිල්පියකු ලෙසින් කටයුතු කරන රොබට් ලූවිස් මහතා සිය රටෙන් සැතපුම් 5,400 ක් (කිලෝ මීටර 8,700 ක්) ඈත සිට සේවය කරමින්ම ශී‍්‍ර ලංකාවේ රැඳී සිටියේ එංගලන්ත කණ්ඩායම නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙනතුරුය.
එංගලන්ත කණ්ඩායම පසුගිය 3 වැනිදා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණි අතර තරගය ආරම්භ වීමට දින කිහිපයකට පෙරම ගාලූ කොටු පවුර වෙත ගිය රොබට් ලූවිස් මහතා තමන් තරගය නරඹන්නේ කොතැන සිටද යන්නත් කල්තබාම සනිටුහන් කරගෙන සිටියේය. ඒ වසර 1883 දී ඉංගී‍්‍රසි ජාතිකයන් විසින්ම ඉදිකරන ලද ගාලූ කොටු පවුරේ සුප‍්‍රකට ඔරලෝසු කණුව පාමුල ස්ථානයකි. එහෙත් තරගය ආරම්භ වූ අද (14 වැනිදා) උදෑසන පොලිසියේ නියෝග මත ඔහුට ගාලූ කොටු පවුර මතින් බිමට බැසීමට සිදුවිය.
රොබට් ලූවිස් මහතාට ගාලූ කොටු පවුර මතින් බිමට බැසීමට සිදුවූවද, එංගලන්තයේ සිට පැමිණි කි‍්‍රකට් විස්තර විචාරකයෝ ගාලූ කොටු පවුර මත සිට තරගයේ විස්තර විචාරයේ යෙදෙති. මේ සම්බන්ධයෙන් ගාලූ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් අනුමැතිය ලැබුණු හෙයින් ඔවුන්ට ගාලූ කොටු පවුර මත සිට විස්තර විචාරයේ යෙදීමට අවසර දී ඇති බවයි.

( අද උදෑසන තරඟය ආරම්භ වූ පසු )



(පසුගිය 12 වැනිදා රොබට් ලුවිස් මහතා ගාලු කොටුපවුර මතදී )
ඡායාරූප සහ අතිරේක තොරතුරු - ප‍්‍රංශ පුවත් සේවය
COMMENTS
මීටරයට කිලෝමීටරයක් ඈතින් කොටුවේ සිට බලන්න පුළුවන්.., අපේ නිලධාරින් මොනවද මේ කරන විකාර...? ටෙස්ට් තරගයක් නිසා වැඩි දෙනෙක් නෑ.
ඔහුට එම අවස්ථාව ලබාදුන්නා නම් හොඳයි...
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන හැටි ගැන ආඩම්බරයි. මෙයා යුක්‍රේන් වුණා නම් කොටු පවුරේ මොකක් කළත් කමක් නෑ.
මම ප්‍රවෘත්තියක් දැක්කා දකුණු ඇමෙරිකාවේ පේරු රටේ මාචු පීචු පුරාණ නගරය බලන්න මාස 03ක් බලන් හිටපු ජපන් ජාතිකයෙක්ට එම රජයෙන් විශේෂ අවසරයක් දුන්නා.
මේ සිදුවීම දැන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලත් ප්‍රචාරය වෙනවා. "සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව පවසන රජය මේ ප්‍රේක්ෂකයාට ඉදිරියේදී හෝ විශේෂ අවසරයක් මත හෝ ක්‍රීඩාංගණයට ගොස් තරගය නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ නම් එය මෙරට සංචාරක ව්‍යාපාරය පිළිබඳව ජාත්‍යන්තර වටිනාකමක් එකතු කර ගැනීමට රජයට මහඟු අවස්ථාවක් ලැබෙන බවත් ඒ හරහා දෙවැනි ටෙස්ට් තරගය හෝ නිදහසේ නැරඹීමට ඔහුට අවස්ථාව ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනය" බවත් කෙනෙක් අන්තර්ජාලයේ පළකර තිබුණා දැක්කා. මෙයාට තිබුණේ යුක්රේන් සංචාරක කණ්ඩායමත් එක්ක එන්නයි.
මේ මනුස්සයගේ ජීවිතය බේරුනේ ලංකාවේ හිටිය නිසා.., එංගලන්තයට හියා නම් ජීවිතය ශුවර් නැහැ. ඒ ගැන කියන් නැතිව වල්පල් දානවා... ලංකාවේ ගොඩක් මිනිස්සු මෝඩ නැහැ හරි බොලඳයි. ඒකනෙ කාගෙහරි දෙයක් කරපින්නාගෙන වැළපෙන්නේ...
ලංකා ක්‍රිකට් ආයතනයට නිරොධායන නීති පාලනයට අවසර දුන්නේ කව්ද?
ලංකාව ගැන හොඳ ප්‍රචාරයක් ලෝකෙට ගෙනියන්න තිබුණු අවස්ථාව නැතිකර ගත්තා. අනික රට අගුලු දාලා නැතිනං සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බැම්මෙ ඉඳන් මැච් එක බැලුවාම මොකද?
රෙස්පෙක්ට් සර්, අපේ පොලීසිය අන්තර්ජාතිකව අපිට ඉතා විශිෂ්ඨ ප්‍රසිද්ධියක් ලබාදුන්නාට...
හොඳ තීරණයක්...
ඕවා තමයි මේ අය අකුරටම ඉටුකරන නීතිය... ඒ මනුස්සයාට අපි ගරු කරන්න ඕනේ.... ඔහුගේ ක්‍රියාවට.. ඒ මනුස්සයා යුක්රේනයේ ඉඳලා ආවානම් ඔය නිලඇඳුම් දාගෙන එන අය අන්ධයින් වෙලා තමයි එන්නේ. ඕක තමයි අපිට වැරැදිලා තියෙන්නේ..
දැක්කනේ.. සර් එක්ක සෙල්ලම් බෑ. පර සුද්දන්ගෙන් ගාලු කොටුව බේරා ගැනීමට නායකත්වය දුන් වීරෝධාර ජනාධිපති ඇතුළු සියලු දෙනාටම අපගේ ප්‍රණාමය. නැතිනම් කිරිබත් කාලා තාලෙට රට රකින අපේ විරුවා ගීතය තාලයට ගායනා කරන්න..
මෙයාව එලෙව්වාට කමක් නෑ. අනේ යුක්‍රේන් අයට ඇතුළටම ගිහින් බලන්න ඉඩ දෙන්න...
සංචාරක ව්‍යාපාරයට මේකෙන් හොඳ තල්ලුවක් ලැබෙනවා. මේ ගැන අද බීබීසී පුවත්වලට ප්‍රචාරය වුණා.
නිවැරදි තීරණයක්... සුද්දෙක් වූ පලියට විශේෂ වරප්‍රසාද හිමිවිය යුතු නෑ. ඔතැනට තරඟය නරඹන්න තව අය රොක් වුනොත් මොකද වෙන්නේ?
පොලිසියේ උදවිය ඒ මනුස්සයා මේ රටට ආදරෙන් මෙච්චර කල් මේ රටේ හිටියා කියලාවත් ගරු කරන්න එපෑයැ..