
(ටි එල් ජව්ෆර්කාන්)
ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.
එමෙන්ම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
මෙම ඝාතන නඩුව පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණිනි.
එහිදී නීතිපති වෙන්වෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි. කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.



COMMENTS
එක රටක් නීති ගොඩක්..., මම කිව්වේ ඇමරිකාව ගැන...
තවත් අහිංසකයෙක් නිදහස්...
මේවා දැක්කාම අපගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙන්නේ. අපේ රට දිහා ලෝකයා හිනාවෙනවා ඇති මහ හයියෙන්...
චූදිතයන් අයුක්තියකට පත් නොවී නීතියේ ආධිපත්‍ය හා අධිකරණ ස්වාධීනත්වය ආරකෂා කිරීම ගැන ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතුයි. ගරු අධිකරණයට ස්තූතියි...!!!
එතකොට දැන් කවුද වෙඩි තියලා තියෙන්නේ? සැකපිට සිටි සියලු දෙනා නිදහස් කළාට පස්සේ වෙඩි තියපු කෙනෙක් නැතුව යනවා නේද?
සිර මැදිරිවල සමබර ස්ථාවරය තබැගැනීම සඳහා ලැබුණු තීරණයක් මේක... රන්ජාට සිරකුටියක් දීම සඳහා තමයි පිල්ලෙයාන් ඉවතර දැම්මේ. ඒක වැරැදිද?
විශිෂ්ඨයි සරු... දැන් සැපද?
කවුරුහරි කියනවාද නඩුව ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නැහැ කියලා නීතිපති කිව්වේ ඇයි කියලා?
සාමාන්‍ය මනුස්සයෙක් රක්ෂිත බන්ධනාගාර මාසයක් ගිහින් ආවොත් ඇඟපත වැහැරිලා ගන්න දෙයක් නැහැ. නමුත් මෙයාට කෑමෙන් මෙන් අඩුවක් තිබිලා නැහැ වගේ. ඉඳලා තියෙන්නේ සුපිරි රක්ෂිතයක වගේ...
ඉතින් මේ සත්‍ය ගැන නේද රන්ජන් රාමනායක හැමදාම කිව්වේ...? සති දෙකක් ඇතුළත ආණ්ඩුවේ ඇමතිලාට විරුද්ධව තිබූ නඩු කීයක් නිදොස් කොට නිදහස් කළාද? එක රටක්, එක නීතියක්...
මහදැනමුත්තා...
රාජපක්ෂලාගේ තවත් වැඩක්... නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ නිකම්ම තැනක් විතරයි.
මේ සහගහන අපරාධවලට ඉඩදෙන ලංකාවේ ලොක්කන්ට හෙන හතම පතමි.
එක රටක්.. , එක නීතියක්.. විශ්මිතයි!!!
නීතිය, සාධාරණත්වය පක්ෂය සහ පාට අනුව වෙනස් වෙලා. එක රටක නීති ගොඩක්.. නීතිය ගැන තිබූ විශ්වාසය සහමුලින්ම නැතිවෙලා. මිනීමරුවෙක් නඩු නැතිව නිදහස් කළේ පරරාජසිංහම් සියදිවි නසාගත්තා කියලා කියන්නද? මේ සියල්ලටම වගකිව යුත්තේ මේ අපරාධය කරපු 69 ලක්ෂයේ මෝඩරැළ.. මෙන්න සෞභාග්‍යයක තරම..
ගරු, පිල්ලෙයාන් මැතිතුමනි, ඔබට සුබ අනාගතයක්..!! මෝඩ සිංහලයින්ට වර්තමානයට වඩා අනාගතයේදී, ඔබතුමාගේ අගය හා වටිනාකම ගැන හොඳ අවබෝධයක් ඔවුන් විසින්ම ලබා ගනීවි. ඔබ විසින් සිදුකල උතුම් ක්‍රියා තවදුරටත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!
මේ අහිංසකයන්ට නිදහස දීපු අපේ අධිකරණයට ස්තුතිය. දැන් තමයි රටට පණ ඇති ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැති කෙනෙක් ලැබිලා තියෙනවා. මේ රට ලෝකයේම පළමු තැනට එනවා වැඩිකල් නොගිහින්. ස්තුතියි සර්...
‘සසර වසනතුරු‘ කියලා කිව්වේ ඕක තමයි.
අවුරුදු 04ක් රිමාන්ඩ් කරලා හිටියට වන්දියක් ගෙව්වත් පුදුම වෙන්න එපා.
මිනීමරුවන් නිදොස් කොට නිදහස්. ලෝකේ උතුම් රට ලංකාවලු...
පිල්ලෙයාන් වගේ වෙලේ සුදාවත් නිදහස් කෙරුවොත් නරකද? කුඩුජාවාරම්කාරයාගේ පිහිටෙන් දේශපාලුවන් කී දෙනෙක් ගොඩගියාද?
අර රන්ජන් හිරේ දැම්ම එකට සර්ගේ පස්සෙන් හිටි ගොට්ටන් මෙතන නැත්තේ ඇයිද දන්නේ නැහැ?
අපරාද කරලා අන්තිමට නතර වෙන්නේ පාර්ලිමේන්තුවේ. මේ අය අහිංසක මිනිසුන් කොයිතරම් පීඩාවට පත්කරලා ඇත්ද?