( ජයන්ත සමරකෝන් )
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පල ලබා ගැනීම සඳහා අද (23) රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එසේ නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
නැවත දැනුම්දෙන තුරු හඬ පරීක්ෂාව සඳහා සැකකරු ඉදිරිපත් නොකරන ලෙස අධිකරණයෙන් කළ දැනුම්දීමකට අනුව එලෙස ඉදිරිපත් නොකළ බවඳ උසස් බන්ධනාගාර නිලධාරීයෙක් පැවසීය.
නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව මන්ත්‍රීවරයා අද රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඉකුත් 17 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර තිබිණි.
COMMENTS
වැඩේ යට ගහයි වගේ! කොයි කාගේත් හොර අහු වෙලා ඇති එහෙනම්! නීතිය පසිඳලන ආයතන ගැන තිබෙන විස්වාසය බින්දුවටම බැහැල!
රන්ජා කාගේ කාගේත් කබඩ්ස් ටික ඇරෙන්න සැලැස්සුවා. දැන් ඉතින් ඒවායේ තියෙන ඇට සැකිලි පෙනෙන්න පටන් ගත්තු නිසා කබඩ්ස් ටික වහලා දාන එක ඇගට ගුණයි කියාලා හිතෙන්න ඇති.
ඒ මොකද? යන්න බයද කටින්ම අහුවෙයි කියල?
අපි නම් ඕක ඔහොම වෙනවා කියලා දැනගත්තේ 21වෙනිද රන්ජන් පාර්ලිමේන්තුවේ කල කතාව අහපු වෙලාවේමයි. කාගේ කාගේත් වෙස්මුහුණු ගැලවෙන නිසා වැඩේ අතරමග නැවතුණා. තව වැඩි දවසක් යන්න කලින් රන්ජන් නිදහස් වෙනවා කියන එකත් අපි නම් දන්නවා. රන්ජන් පාර්ලිමේන්තුව්දී අභියෝග කළා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නඩු දාන්න කියලා. කෝ අර මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොරුවට කාර්ඩ්බෝඩ් වීරයින් වගේ කෑගහන කට්ටිය. දැන් එයාලා කෑගහන්න ඕනෑ රන්ජන්ගේ හඩ පරීක්ෂණය නැවත්වීමට එරෙහිවයි. මේ හැමදෙයක්ම බඩ ගෝස්තරවාදී දේශපාලුවන් කරන තුප්පහි වැඩ. අපේ රටේ තරම් දුෂිත දේශපාලුවන් ඉන්න රටක් ලෝකයේ කොහෙවත්ම නැතුව ඇති. උල්කාපාතයක් පාර්ලිමේන්තුවට කඩාගෙන පාත්වෙලා හරි කමක් නැහැ අනේ මුන් සේරම ටික මකබෑවිලම යන්න ඕනෑ. කොහොම වුණත් රන්ජන් වීරයෙක් වෙන එක නවත්වන්න දැන්නම් කාටවත්ම බැරිවේවි...!!!
අපි අප ගැන හිනාවෙමු. අපි අප ගැන හඬා වැටෙමු. අපේ මව් රටේ පුරවැසියන් ලෙස අපට කිසිඳු වටිනාකමක් නැත. නායක කාරකාදීන් සදා දිනේවා...!!!
වැඩේ පොඩ්ඩක් කචල් වගේ නේද?
මෙතුවක් කල් මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් දුන්නේ පුද්ගලයෙකු වශයෙන් රන්ජන්ව හා පසුගිය රජයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කල හැකි හඬපට වලට පමණයි. නමුත් මේවා උසාවි ගෙනිච්චාම කාගේ කාගේත් කෙරුවාවන් එළියට ඒවි. ඒ වුණාට එයාගේ බිරිඳගේ සළුපට එයා හැර වෙනත් අයත් ගලවලා තියන බව හඬපට වලින් එළිවුණාම දැන් උන්නැහේ ඉන්නවද? නැද්ද? කියලවත් හොයාගන්න බැහැ.
අපොයි වෙච්චි දෙයක්! එළවළු, ලූණු, හාල්මිල ටිකක් බහිනකන් වත් මේක අල්ලං යන්න බැරි වුණානේ...
රන්ජන්ගේ පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ සෑහෙන දෙනෙක්ගේ ඇඳුමේම මලපහ වෙලා ඇති.. කාලෙන් කාලෙට එන මෙහෙමත් නාටක... මෝඩයින් ඉන්න රටේ අමුතු දෙයක් නොවේ.
වැඩේ හොඳටම අවුල් වගේ. පනින්න පෙර සිතා බලනු..
"නැවත දැනුම්දෙන තුරු" කියන්නේ මහමැතිවරණය අවසන් වන තුරු නේද? අපි නොදන්න මහෙස්ත්‍රාත්ලා, දිසාවිනිසුරුවරුන්ලා...
තව දෙයක්... මේ රටේ ආණ්ඩුව හඬපට පස්සේ එළවනවා. විපක්ෂය තමන්ගේ නායකයා කවුද කියලා තෝරාගන්න බැරුව කුලල් කාගන්නවා. ජනතාවගේ ප්‍රශ්න එහෙම්මයි. මෙහෙම වුණාම ඉතින් ජනතාවට දෙවියන්ගේම පිහිට තමයි..
ඔවුන් දැන් ඔක්කොම හංගන්න බලයි. මොකද කාගෙ කාගේත් කෙරුවාවල් එළියට ඇවිල්ලා තියෙන්නේ... කෝ රටේ නීතිය..?
බමුණෝ , ඔයා කෝ? ඔයාගේ කෝල්ස් තියෙනවද රන්ජා එක්ක...?
නීතිය නැව්වා වත්ද? එයාගේ ටේප් තියෙන නිසා...
ඇප ලැබිලා එලියට ආපු ගමන් දැක ගත හැකි වෙයි.
මට නම් බය රංජන්ට මොකක් හරි අනතුරක් වෙයිද කියලයි
අර රන්ජන්ගේ ලොකර්වල තියෙන බව කිව්ව එවාත් අරන් තමා හඬ පරීක්ෂණය කළ යුත්තේ.. බයවෙන්න එපා...
බලමුකෝ මොනවද වෙන්නේ කියා..?
නිදහසෙන් පසු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සිටි එකම අවංක, නිහතමානී දේශපාලනඥයා 'රන්ජන් රාමනායක'.
බත්කන හරක්ට ඕවා තේරෙන්නේ නෑ. මොකද නෙළුම ඔලුවේ පිපිලානේ තියෙන්නේ...
අසව් !! අසව් !!!! හඬපට ඇතැයි සිතන ඕනෙම කෙනෙකුට, අවුරුදු ගණනකට සෑහෙන රෙදි සෝදන කුඩු හෝ දියර නොමිලේ ලබාදෙන්න පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න යනවලු. ලෝකේ තියෙන රෙදි සොදන යන්ත්‍ර නිෂ්පාදකයින්ගෙන් පාර්ලිමේන්තු ලොබිය පිරි ඉතිරී යනවාලු.
රන්ජන් කිසිදිනක ඔය හඬපට නිකුත් කරන්නේ නැහැ. එසේ කළොත් ඔහුට යන එන මං නැතිවෙන බව ඔහු හොඳට දනී. දැන් වෙන්නේ රන්ජන් පාර්ලිමේන්තුවේ සිටින අනිත් හොරුරකින අතර, ඒ හොරු රන්ජන් රැකීම පමණයි. රන්ජන් දැන් දඟලන්නේ තමන්ගේ ගැලවීමට පමණක් වන අතර, ඔහු සැබෑ ජනහිතවාදියෙක් නොවේ.
සිංගප්පූරුවෙන් ගේනවා කියපු උපකරණ තවම ලැබිලා නැතුවා වගේ.
මේක මහ පුදුම වැඩක්නේ. මොනවද මේ රටේ දැන් වෙන්නේ? අර මහ ඉහළින් කෑගැහුව මහබැංකු හොරකමේ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් ඉදිරිපත් කරන්න එපා කියලා නියෝග එනවා, දැන් රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒවා සභාගත කරන්න අවශ්‍ය නැහැ කියලා නියෝග එනවා. ඇයි මේවා ජනතාවගෙන් හංගන්නේ?
එළියේ ඉන්න ඕන කෙනා ඇතුලේ. ඇතුලේ ඉන්න ඕන 224 ක් එළියේ.
Warnakulasuriya, රන්ජන්ගේ වත්කම ගැන අපි කතා කොරන්නේ නැහැ කෙනෙකුගේ චරිතය දූෂනවලින්ම පිරිලා නැත. කොතනක හෝ හොඳ පොඩ්ඩක් ඇත. එසේම හොඳ ක්‍රීයා වලින්ම පිරිලාද නැත.
මොහු මේ තරම් ජනතා හිතවාදියෙක් නම්, ඇයි ඔයා කියන හඬපට තවමත් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ නැත්තේ? රන්ජන්ගේ තියෙන්නේ නිකම් කුණුහරප සද්දේ විතරයි. මෙයා 225න් තව කෙනෙක් විතරයි.
මේකත් අධිකරණයට බලපෑම් කිරීමක් වගේ තමයි මට නම් පේන්නේ...