IMG-LOGO

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට මුද්‍රා තබයි

(ඉන්දිකා රාමනායක)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටා ඇති නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (03) පැවසීය.

සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන්  පිටකර  වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති ද යන්න  සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්  මෙලෙස මුද්‍රා තබා  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

දැනට සිදුකළ  පරීක්ෂණ අනුව   සැකකාර පොලිස් නිලධාරීන්  නඩු භාණ්ඩ ගබඩාවෙන්  පිටකර  ඇති බවට හෙළි වී නොමැති බවත්   තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන  පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ  අපක්ෂපාතීව හා විනිවිධභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා පොලිස්පතිවරයා විසින්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා   අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද හෙතෙම  කියා සිටියේය.

මෙම සිද්ධියට  අදාල නිලධාරීන්ට වගවීමක් අතරම මෙම පරීක්ෂණ වලට  මෙම නිලධාරීන්ගේ  අල්ප හෝ බලපෑමක් ඇති විය හැකි බවට සැකකයක් ඇති නම් එම සැකය දුරුකිරීම සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ  අද  (03) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මධ්‍ය හමුවකදීය.

 

 

 



අදහස් (13)

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට මුද්‍රා තබයි

sam Friday, 03 July 2020 10:01 PM

අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසීම පිළිබඳව කදිම උදාහරණයක්...

:       0       0

SL Saturday, 04 July 2020 02:13 AM

අලෙවි කරනවට වඩා කරන්නේ කුඩුවලට හරි මත් පෙති වලට ඇබ්බැහි වූ තරුණයින්ගේ සාක්කුවල තිබුණයි කියා නඩු දමා කොලේ වසා විරයින් වීම. කුඩු විකුණන, කුඩු ගෙන්වන අය සත්ගුණවත් කිරීම... එයින් ලැබෙන සන්තෝසමෙන් උජාරුවට තම දරුවන්ට කන්න බොන්න දීම මම පුද්ගලිකවම මත්කුඩු වලට ඇබ්බැහි වූ දරුවන්...

:       0       0

siri Saturday, 04 July 2020 08:24 AM

අශ්වයා දැනටමත් පැනලා ගිහින් නේද?

:       2       63

BamunuarachchiSaturday, 04 July 2020 01:43 PM

නැහැ නැහැ අශ්වයා ඇතුළට දමන්න කලින් කලින්ම පන්නලා. මාර හොරු නේද? දැන් මොවුන්ටත් මරණීය දණ්ඩනය ලැබිය යුතුයි නේද?

:       2       24

siriSaturday, 04 July 2020 05:32 PM

බමුනුආරච්චි මහත්තයට නම් මේ වැඩේ උපහාසාත්මක වෙන්න පුළුවන්. ඒ උනාට මොලේ කලඳක් තියෙන කෙනෙකුටනම් මේකේ බරපතල කම හොඳට තේරෙනවා.

:       0       0

raheem Saturday, 04 July 2020 09:27 AM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා.

:       3       26

චින්තක Saturday, 04 July 2020 11:49 AM

පහුගිය යහපාලන රජය කාලේ බැංකු හොරාකෑවා, වරාය සහ එයාර්පෝර්ට් විකුණා විකුණා හොරා කෑවා, වවිනිසුරුතුමන්ලා හොර කතාබහ කරා, CID ලොක්කා මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජරාව කාලා අපරාධ ෆයිල් යට ගැහුවා, MCC අත්සන් කරලා ලැබිච්ච සල්ලි රතු සහ කොළ හොරු එකතුව හොරා කෑවා, අන්තිමට කුඩු රජවරුන්ගෙන් අල්ලපු කුඩු ටිකත් පොලිසියේ අයම හොරාකෑවා. කොටින්ම අපිට "යහපාලනය" කියන වචනේ ඇහෙද්දීත් මල පනින්න ගත්තා. ඒත් උඩ ඉන්න දෙවියෝ අන්තිම මොහොතේ දෙවියෙක් වගේ පාලකයෙක් පහළකරලා රට සහ ජනතාව බේරාගත්තා.

:       7       87

Prabha Saturday, 04 July 2020 01:50 PM

හිස් ගබඩාව වෙන්ටැති...

:       1       1

ranja02 Saturday, 04 July 2020 03:40 PM

ඇයි මේ මත්ද්‍රවය විනාශ නොකරන්නේ.?

:       0       0

raheem Saturday, 04 July 2020 04:35 PM

දැන් බලනකොට ඉතිරිවෙලා තියෙන ඒවා කලවම් කරපු ඒවාද දන්නේ නැහැ.

:       0       0

ගාමිණි කුවෙයිට් සිට. Sunday, 05 July 2020 08:33 AM

අඩුම තරමේ දුම්කොල කෑල්ලක්වත් ඔය ගබඩාවේ දැන් නැතිව ඇති. උදේට පොලිස් ජීප් එකෙන් ගෙනත් දානවා. ඒ අයම හයරින් වාහනයක් අරගෙන ඇවිත් හවසට අරගෙන ගිහිල්ලා විකුණනවා. දැන් අශ්වයා පැනලා ගිහිල්ලා ස්තාලෙට තඩි ඉබ්බෙක් දමලා ගෝනියකිනුත් ඔතලා....

:       0       0

sharm warn Monday, 06 July 2020 06:44 AM

එතකොට දැන් කට්ටයව එළියට දාන්නද දැන් සැලසුම් කරන්නේ..? කොහොමත් ඡන්ද ටික නැතිකරගන්න දෙගොල්ලොම ඉඩතියන්නේ නැහැ කියලා අපි මතක තියා ගන්න ඕනෑ. මෙතැන තියෙන්නේ රට ගොඩගන්න සටනක් නොවේ... බලය අතට ගන්න සටනක් විතරයි කියලා සිහියේ තියාගෙන මනාපේ දෙන්න.

:       0       0

සමන්ත Monday, 06 July 2020 07:59 PM

වැරදියි, වැරදියි, තුන් කට්ටියයි. ඇයි බලයට කෑදර, කුහක, රතු අලි පැටවූ ටික අමතක වුණාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 915 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1311 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site