IMG-LOGO

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා


නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක්

මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර 10 ක් ගන්නා ලදි. පාසල් වසා දැමීමේ සිට සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල  ආසන ධාරිතාව අනුව පමණක් මගීන් ගෙනයාම දක්වා එම පියවර ක්‍රියාත්මක වනු ඇත. 

මේ අතර සමාජය තුලින් යළිත් කොරෝනා රෝගියකු වාර්තා වී ඇති නිසා කොරෝනා කොරෝනා වයිරසය  මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

බලධාරීන් විසින් ගන්නා ලද කඩිනම් තීරණ 10 පහත පරිදි වෙයි.

නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලුම පාසල් වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 

දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සියලුම පෙර පාසල් හෙට (ඔක්තෝබර් 05 වැනිදා) සිට වසා තබන බව කාන්තා කටයුතු හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 

සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල මගීන් ගෙනයා හැක්කේ  ආසන ධාරිතාව අනුව පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිවේදනය කරයි. මෙම නිර්දේශය මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. 

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති හෙට (05 වැනිදා) සිට සතියක කාලයක් වසා තැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කරයි. 

ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක සේවාවන්හි කටයුතු කරන මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සාමාජිකයින්ට නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්න‘යි යුද හමුදාපතිවරයා දැනුම් දී තිබේ. 

කැළණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමාරාච්චි ආයුර්වේද ආයතනය, යක්කල සහ නයිවල පිහිටි  උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනය හෙට (05 වැනිදා) සිට වසා තැබේ. මෙම ආයතනව වල සිටින සිසුන් වහාම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දෙයි. 

මිගමුව සහ මහර බන්ධනාගාරවලට සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට‍ පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම නතර කර තිබේ. 

ගුවන්තොටුපොළ  පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්ත වසා දැමීම සම්බන්ධයෙන් තීරණයක් හෙට ගැනීමට නියමිතය. 

මේ වන විට ඇඳිරිනීතිය පනවා ඇති දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයන්හි පදිංචිව සිටින ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමට පෙර තම තමන්ගේ අංශ ප්‍රධානීන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙස විවෘත දැනුම් දීමක් කෙරෙයි. 



අදහස් (0)

නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32591 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15145 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9955 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 135 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 414 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site