IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දෝනි ක්‍රිකට් පිටියෙන් සමුගනී


අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන ප්‍රධානම තරගාවලි තුනේදීම ලෝක කුසලාන දිනාගත් එකම නායකයා බවට පත්වූ මහේන්ද්‍ර සිං දෝනි සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබාගන්නා බව අද (15 වැනිදා) නිවේදනය කළේය.

"ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තුතියි... පැය 19.29 (රාත්‍රී .7.29) සිට මා විශ්‍රාමිකයකු ලෙසින් සලකන්න යයි ඉන්සටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් මහේන්ද්‍ර සිං දෝනි කියා තිබිණ. දෝනිගේ වීඩියෝවක්ද ඊට ඇතුළත් කර තිබිණ.

වසර 2007 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් මහේන්ද්‍ර සිං දෝනි 2011  දී එක්දින සීමිත ඕවර ලෝක  කුසලාන ජයග්‍රහණය දක්වා ඉන්දියාව කැඳවාගෙන ගියේය. පසුව ශූරයන්ගේ කුසලානයත් ඉන්දියාවට දිනා දුන් මෙම කඩුලු රකින්නා වසර 2009 නොවැම්බර් මාසයේ සිට 2011 අගෝස්තුව දක්වා ටෙස්ට් ලෝක ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායමේ නායකයාද විය.

වසර 2014 දෙසැම්බර් 30 වන දින ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් දෝනි 2017 ජනවාරි මාසයේදී එක්දින නායකත්වයෙන්ද ඉවත් වූයේය. එහෙත් දිගින් දිගටම විස්සයි-20 අන්තර්ජාතික තරග සඳහා ක්‍රීඩා කළ ඉන්දීය පිලේ හිටපු නායකයා මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි වීමේ සූදානමින් සිටියේය.

ඉන්දියාවේ රාන්චි නුවර පදිංචි 37 හැවිරිදි දෝනි එක්දින තරග 199 ක් සහ විස්සයි 20 තරග 72 ක් සඳහා ඉන්දියාව මෙහෙයවීය. ඔහු වසර 2007 දී ඉන්දීය නායකයා ලෙස නම් කරන ලද අතර විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්තේ එම වසරේදීය.

 

 



අදහස් (1)

දෝනි ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mahesh Saturday, 15 August 2020 04:38 PM

දෝනි ගියත් රනිල් නම් අස්වෙන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 619 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site