(ඩයනා උදයංගනී)

         

දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

බදුල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලන්ගොඩ, ඉඹුල්පේ සහ  ඕපනායක, මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟවටකෝරළේ සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහි ඕවිට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම අවදානම පවතින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

 

එබැවින් එම ප‍්‍රදේශවල කඳු,පෑවුම් ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි පදිංචි ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද ඔහු කීවේය.