IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තමන්ට අසාධාරණයක් වූ බව ශශිකලා කියයි

එෆ්.අස්ලම්

යාපනය දිස්ත්‍රීක් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ඒකකය තුළ වංචනික අන්දමින් අකටයුත්තක් සිදුව තිබෙන බවත් මනාප ලැයිස්තුවේ දෙවන තැන ගත් තමන් සිව් වන තැනට පත්කර පරාජය කර තිබෙන බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රීක්කය සදහා තරග කළ ශෂිකලා රවිරාජ් මහත්මිය අද(9) ලංකාදීපයට පැවසුවාය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තම නියෝජිතයින් මෙන්ම පිළිගත හැකි පාර්ශව සියල්ලම ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් යාපනය දිසාවෙන් දෙවන තැනට තමා පත්ව ඇති බව සහතික කළ බවද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීම යාපනය දිසා ලේකම් කාර්යාලයේ ස්ථාපිත මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරිමේ මධ්‍යස්ථානයේදී 6 වනදා රාත්‍රියේ සිදුවූ අතර මනාප ලැයිස්තුවේ පහළින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථනය වෙත පැමිණීමෙන් පසු යම් අකටයුත්තක් එතුළ සිදුවූ බවද රවිරාජ් මහත්මිය සදහන් කළාය.

ඒ පිලිබදව ලංකාදීපය සමගින් වැඩිදුරටත් අදහස් දක්වමින් ශෂිකලා රවිරාජ් මහත්මිය මෙසේද කියා සිටියාය.


''මනාප ගණින අවස්ථාවේදී මමයි දෙවන තැන ගෙන සිටියේ.ඒ බව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටි  තම නියෝජිතයින් හා පිළිගත හැකි පාර්ශව සියල්ලම සහතික කර තිබුණා. නිල මනාප ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් මා දීර්ඝ වෙලාවක්  බලන් සිටියා.ගොඩක් රෑ වෙලයි මනාප ප්‍රතිඵල ලබා දුන්නේ. නිල මනාප ප්‍රතිඵලයට අනුව දෙවන තැන සිටි මා  සිව් වන තැනට පත්කර තිබුනා.මෙය විශ්වාස කළ නොහැකි සිදුනොවිය යුතු සිදුවීමක්.මා විශ්වාසයෙන් කියනවා මමයි දෙවෙනි තැන හිටියේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයෙ අපේක්ෂකයකු නිල වශයෙන් මනාප ප්‍රකාශ කිරීමට පළමුව  එස්.ටී.එෆ් ආරක්ෂකයින් සමගින් යාපනය  දිස්ත්‍රීක් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ එහි නිලදාරීන් සමග දීර්ඝ වෙලාවක් සාකච්ඡා කරන් හිටියා. ඔහු පරාජිතයෙකු බව ඒ වන විටත් සියළු දෙනා දැනන් හිටියා.ඒ නිසා ලොකු විරෝධයකුත් ඔහුට පැවතියා.විරෝධය නිසා ඒ අවස්තාවේදී නොසන්සුන්තාවක් ඇති වූනා.
මා පිටුපස පැත්තෙන් නිල මනාප ප්‍රතිපල නිකුත් කරන තැනට යන්න  උත්සහා කළත් පොලිසිය ඊට ඉඩ දුන්නේ නැහැ. නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔහුගේ ආධාරකරුවෙකුත් පිරිසකුත්  ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය තුළ ඒ වනවිට රැදී සිටියා. ඒ ගැන මම පොලිසියෙන් ඇහුවත් ඔවුන්ගෙන් කිසිදු පිළීතුරක් ලැබුනෙ නැහැ'' යැයිද ශෂිකලා රවිරාජ් මහත්මිය පැවසුවාය.

ශෂිකලා රවිරාජ් මහත්මියගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් යාපනය දිස්ත්‍රීක්කයෙන් දෙවන ස්ථානයට පත් එම්.ඒ.සුමන්තිරන් මහතා මෙසේ සදහන් කළේය.

''හතරවන ස්ථානයට පත් රවිරාජ් මහත්මිය අවාසනාවන්ත ලෙස පරාජයට පත්වුනා.ඇයට කවුරු කියල දුන්නද කියල දන්නෙ නැහැ ඇයට හිමි මන්ත්‍රී අසුන මම ගත්ත කියලා.සිද්ධාර්ථන් මහත්තයා එහෙම  කියල කියන්න පුළුවන් සිය ගණනක මනාප සංඛ්‍යාවකින් ඉදිරියෙන් හිටපු නිසා.ඔහු එහෙම කරන කෙනෙක් නෙවෙයි.4000කට අධික මනාප සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටි මා  ඇයගේ ස්ථානය ලබාගත්තා කියල ඇය කියල තියෙනවා.

පළමු වතාවට මැතිවරණයට තරග කළ කාන්තාවක් නිසා ඇය ගැන විවේචනය කරන්න මම කැමති නැහැ.ඇයගේ පරාජයට මාත් කණගාටුවෙනවා.ඇය කියන පරිදි ඡන්ද ප්‍රතිඵල එහෙම වෙනස් කරන්න බැහැ'' යැයිද සුමන්තිරන් මහතා සදහන් කලේය.


මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ යාපනය දිස්ත්‍රීක් දිස්ත්‍රීක් තේරීම්භාර නිලදාරී කේ.මහේෂන් මහතා මෙසේ සදහන් කළේය.

''මනාප ප්‍රකාශ කරන අවස්ථාවේ අපේක්ෂකයින් හා ආධාරකරුවන් අතර පැවති පරස්පර විරෝධී මතවාදත් මනාප ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබද නිසි අවබෝධයකින් නොමැති වීමත් මත මෙවන් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

මනාප ගණනය කිරීම් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් ඉදිරිපිට සිදුකරනු ලැබුවා.ඒ ඒ නියෝජිතයින් මනාප ගණනය නිවැරදි බවට සහතික කිරීම්ද සිදුකර තිබෙනවා.කිසිම වංචාවක් හෝ අකටයුත්තක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ සිදුවී නැහැ'' යැයි සදහන් කළේය.



අදහස් (0)

තමන්ට අසාධාරණයක් වූ බව ශශිකලා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site