(දසුන් රාජපක්ෂ)
එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම සාකච්ඡාව පවත්වා මැතිවරණ කොමිසමෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම ජාතික සමගි බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පැවසුවේ හංසයා ලකුණ මහමැතිවරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතින බවයි .
තවදුරටත් ජාතික සමගි බලවේගයට අයත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර සන්ධානය සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගෙන මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එහි දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට සන්ධානයේ බහුතරය කැමති බව කීය.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගි බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරු සහභාගී වී සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
එ.ජා.ප නායකයා රනිල්..... කෝමද ටිකිරි මොලේ.
පුදන කොටම කාපි යකා කිව්වලු…..අලියත් නැති වුණොත් තමා වැඩේ තියෙන්නේ.
දැන් ලකුණු නැතුව ඡන්ද ප්‍රතිඵල දෙන්න වෙන්නේ හඩ පරීක්ෂණයකින්ද ?
ඇයි මේ හැමෝගෙම සිහිනය "සුපිරි වාහනය" ලකුණින් තරග කරන්න බැරි?
මොකෙන් ආවත් බඩුම තමයි.
මේවට තමයි කියන්නේ රනිල් මහත්මයාගේ දේශපාලන පරිණත භාවය කෙතරම්ද කියන එක. සජිත්ගේ නොපැසුණු ඔලුවට රනිල් එක්ක හැරෙන්නවත් බැහැ. අපේ එජාපයට සහ අලියට ජයවේවා ! කඩාගෙන ගිය කට්ටියට සොරි ඩොට් කොම් තමයි.
ජාතික සමගි බලවේගය? අපොයි සමගිය දෝරේ ගලනවා....
මොකෙන් ආවත් දිනන්න දෙන්නේ නැති එකේ ඉල්ලන්නේ නැතුවම ඉන්න එක තමයි වඩාත්ම නුවණක්කාර වැඩේ.
කුණු බක්කිය ලකුණ වඩා උචිතයි.
සර් ලා ඔක්කොටොම හරියන්නේ සමනලයා ලකුණ! හුහ් හුහ් හූ සමනලයෙක් වගේ පියබලා
දාගන්ඩ හිතාගෙන හිටිය නම නම් ඉස්තරම්. ඒ උනාට ..පක්ෂයේ ඉන්න අය එකාට එකා බලයට ,නායකත්වයට කුලල්කා ගන්න එකමනේ කරන්නෙ ?
මේ සංධානවලට සත්තුන්ගේ නම් නැතුව වෙන ලකුණු ඇත්තෙම නැද්ද. පුදුමයි ඉබ්බා ලකුණ කාටවත් මතක් වුණේ නැති එක
දැන් ඉතින් දිනුවොත් රනිල් තමයි අගමැති.
කලවැද්දා ලකුණ ගැළපෙනවා.
මෙයා තමයි පක්ෂේ කෑවේ.
පාක්ෂිකයින්ට පක්ෂෙ එපාකලේ මේ අය