(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරු බව කියන පාතාල කල්ලි නායකයා අද (07) අලුයම දිවුලපිටිය බල්ලපාන ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 37 - 21 තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් ‘‘ගොනා කෝවිලේ රාජා ‘‘ නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඇතුලු කල්ලියක් ඉකුත් 29 වැනිදා රත්මලානේ හෝටලයකින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා එය ලබා නොදීම නිසා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමෙන් පසු එය මෙහෙය වූ ප‍්‍රධාන සැකකරු බව කියන ගොනාකෝවිලේ රාජා නැමැත්තා දිවුලපිටිය ප‍්‍රදේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද අලූයම බල්ලපාන මරදගහමුල මාර්ගයේ පාලු නිවසක් වටලා ඇත.
මෙම මාර්ගයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට මෙම පාලු නිවස පිහිටා ඇති අතර පොලිසිය මෙම නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගැනීමට සැරසෙද්දී පොලිසියට වෙඩි තබමින් සැකකරු පලා යාමට උත්සාහ කළ බව පොලිසිය පැවසීය.
මේ අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුනු සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු පොලිසියට වෙඩි තබා ඇත්තේ බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකින් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත එම ගිනි අවිය පොලිස් බාරයට ගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය පාතාල කල්ලි නායකයාගේ මරණයට හේතුව ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය පරීකෂණයක් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාගේ මෙයෙවීම යටතේ මිනුවන්ගොඩ පොලිසිය , පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්න්ධය පරීක්ෂණ පත්වන බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු සැඟවී සිටි නිවස
(ඡායාරූප - ටෝනි කරුණානායක)
COMMENTS
වැඩේ ගොඩින්ම බේරිලා. එකම ප්‍රතිකර්මය...
මෙවැනි අපරාධකාරයින්ට දිය යුතු හොඳම දඬුවම මෙයයි. දැන් ඉතින් මානව හිමිකම් කාක්කන් එයි රෙදි උස්සගෙන...
සිදුවිය යුතුදේ සුදුසු ලෙස ක්‍රියාත්මක වීම ගැන සතුටුයි.
හෙට මාධ්‍ය හමුවක් තියලා මේ මැරුණු මිනිහා වෙනුවෙන් යුක්තිය ඉල්ලුවොත් පුදුම වෙන්න එපා.. එහෙම රටක් මේක.. මේ වගේ තිරිසනුන් මහමග මිනිස්සුන්ට වෙඩි තියනකොට කප්පම් ගන්න කොට මත්ද්‍රව්‍ය ජාවාරම කරනකොට අයිතිවාසිකම් නැති වුනේ රටේ සාමාන්‍ය ජනතාවගේ.. හිරේ ගිහින් ආපහු මාස 6න් එළියට ඇවිත් සුපුරුදු ජාවාරම් කළා. මේ වගේ පිළිල අතුගා දමන්න තමයි අපි රටේ ජනාධිපති පත් කලේ.. මේ වගේ පාතාලයින්ට සම්බන්ධ එකෙක් ඇරෙන්න රටේ අති බහුතරයක් මේ ක්‍රියාදාමය අනුමත කරනවා.. නැතුව මේ රට හදනවා බොරු..
අන්න නියම මෙහෙයුම්... ජය වේවා ..!!!. දැන් ගොනාගේ ගොන් වැඩ ඉවරයි..
රාජා අයියා... ඔබ අමරණීයයි.
අවි ගත්තෝ අවියෙන්ම නසිති. රටකට පාතාලයක් අවශ්‍යම නැත. එය කෙසේ හෝ අවසන් විය යුතුය. නඩු දැමීමෙන්ද කිසිදු ඵලක් නැත.. ඉන් ඵල නෙලන්නේ නීතීඥයින් පමණි..
මේ සිදුකළ ජාතික මෙහෙවර ට සියළුම පොලිස් නිලධාරීන්ට ජාතියේ උපහාරය...!!!.. ඉතිරි අයගෙත් අලගිය, මුලගිය, වැලගිය තැන් සොයා මේ උවදුරෙන් රට බේරාගැනීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
යහපාලුවන් කාලයේ නම් මේ වගේ පාතාල මර්ධනයක් කරන්නේ නැහැ...
අවි ගත්තෝ අවියෙන් නැසෙති... සුබ පණිවිඩයක්...
මහජන මුදල් වලින් පින්බත් දෙන ආණ්ඩුවේ බෝඩිමට යවන්නේ නැතිව මේ විදියට අවසන් වනවානම් කොතරම් හොඳයිද..?
මෙලෙසම ගම්පහ දිසාවේ පාතාලය සුන්කර පෙන්වන්න. ඔට්ටුයි බැහැ. ඔක්කොම ගෝඩ් ෆාදර්ලා පොහොට්ටු ලැයිස්තුවේ...
බැරිම තැන... ගෝඨා වැඩ පටන් අරන්...
ඉහත කමෙන්ට්ස් වලින් පෙන්වනවා ජනතාවගේ අභිලාෂය... අවි ගත්තානම් අවියෙන්ම නසිනු අැති...
දිනපතා මෙවැනි සුබ පණිවිඩ අසන්නට ලැබේවා...!!! මෙවැනි අඳබාල මිනිසුන් සිරගෙදර දමා පෝෂණය කිරීමට අපට අවශ්‍ය නැත.
හොඳයි... වෙන්න ඕන දේ ඒ අයුරින් සිදුවෙනවා..
රටින් පිට සිට අපරාධ මෙහෙයවන අයට උණ ගැනෙන්ට, ලංකාවේ ඉන්න අයගේ ගෝලයින්ට මේ වගේ වැඩක් දුන්නා නම්, රටේ අපරාධ 80%ක් අඩකර ගත හැකිය.
මේවගේ පාතාලය විනාශ කරන්න හමුදාපතිතුමාට රට බාර දෙන්න ...
හමුදාවට රට බාර දෙන්න... පාතාලය නැති කරන්න.
මේ ගොනාකෝවිල කියන පැත්තේ ඉන්නේ මහ ගොන්හරක් බව ලැබෙන ප්‍රවෘත්ති වලින් පෙනෙනවා.. මේක තිබෙන්නේ කොහෙද?