
රිච්ටර් මාපාංක 6.3 ක තදබල භූමි කම්පාවකින් අද දහවල් මධ්‍යම ග්‍රීසිය හෙල්ල ගොස් තිබේ. මෙම භූමි කම්පාව හේතුවෙන් පාසල් ඇතුළු ගොඩනැඟිලි ගණනාවකට අලාභ හානි සිදුවී ඇති අතර කම්පන කේන්ද්‍රය ආසන්නයේ සිටි ජනතාව බියවී මහා මාර්ග වලට දිව ගියහ.
“හැම දෙයක්ම වුණේ අධික වේගයකින්. මිනිස්සු ගොඩනැඟිලි වලින් ඉවතට දුවගියා.. තවමත් ගැහෙනවා වගේ” යයි ප්‍රාදේශීය නගරයක් වන එලසෝනා නගරයේ නගරාධිපති කාර්යාලයේ සේවිකාවක් පැවසුවාය.
“වාසනාවට වගේ ළමයින් සියලු දෙනාම ඉතා ඉක්මනින් පන්ති කාමර වලින් එළියට ගන්න ගුරුවරුන් සමත් වුණා. ඒ නිසා කාටවත් කරදරයක් නෑ” යයි තවත් අයෙක් පැවසීය. තමන්ගේ නිවසේ හිරවී සිටි ආබාධිත අයකු පසුව බේරාගෙන තිබේ. ඔහුගේ නිවසේ බිත්තියක් කඩා වැටී තිබේ.
භූ කම්පන කේන්ද්‍රය පිහිටා ඇත්තේ එලසෝනා නගරයට කිලෝමීටර 21 ක් දකුණින්, පොළොව මට්ටමේ සිට අඩි 26 ක් ගැඹුරිනි.
පසුකම්පන තුනක් පමණ සිදුවී තිබෙන අතර ඉන් එකක් රිච්ටර් මාපාංක 4.0 කි. තවත් පසු කම්පන ඇති වේ යයි විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ග්‍රීක බැඳුම්කර වලට මොකක් වෙයිද?