(බදුල්ලේ පාලිත ආරියවංශ)
රුපියල් කෝටි 3කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමග අත්අඩංගුවට ගැනීමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය අද (02) රාත්‍රී සමත්විය.
ලැබුන තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
කම්කරු නිවාසයක් තුළ කාමරයක් තුළ සුදුහාල් වලින් ආවරණය කර තිබූ මෙම වාලම්පුරිය යාපනයේ සිට රැගෙන ආ බව සැකකරු පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටියේ තේ වත්තක පදිංචි කරුවෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


COMMENTS
පොළවෙන්, මුහුදෙන් හම්බවුන සම්පත් ඒ හොයාගත්ත පුද්ගලයාට අයිති නැත්ද එතකොට ?
දන්න කෙනෙක් කියනවාද, වාලම්පුරි, තියාගන්න හරි විකුණන්න හරි තහනම් ඇයි කියලා? කොලඹ පැත්තේ කෙනෙක් ප්‍රසිද්ධියේ වාලම්පුරි විකුනුවා. මේ ළගකදී එයා බොරු වාලම්පුරි විකුනලා පොලිසිස් අත් අඩංගුවටත් පත් වුනා..
දැන් ඒ අහිංසක මනුස්සයා මේක විකුණලා කීයක් හරි ගත්තම මොකද්ද තියන වැරැද්ද.. පොලිසිය කියන්නේ, පැහැදිලි ඊරිසියාවම තමයි..
මා සිතන්නේ පොලිසිය බෙලි කටු පස්සේ යන්නේ නැතිව මත් කුඩු මුදලාලිලා, මිනීමරුවන්, මංකොල්ලකරුවන් පසු පස යනවා නම් වඩා හොඳ යයි කියායි.
පිලිපීනෙන් ඕවා ඕනේ තරම් නිකන් ගන්න පුළුවන්
කකුළුවෝ ඉස්සෝ දැල්ලෝ විකුනන්න පුලුවන්නම් මුහුදේ ඉන්න ගොලුබෙලි කට්ටක් කෝටි ගණන් දීලා ගන්න සල්ලි තියන අයත් ඉන්නවානම් එවැනි සල්ලි බෙලි කටුවක් විකුණා තමන් සතු කර ගැනීමේ වරද කුමක්ද? දකුණට කැරකුණ බෙලි කට්ටක් රුපියල් 10-15 කට විකුනන්න සහ ගන්න පුලුවන්නම් වමට කැරකුණ කට්ට විකුනන්න හෝ ගන්න බැරි නීතිය කුමක්ද ? වාලම්පුරි විදේශ වලින් ගෙන්වීම තහනම් කර රටේ සල්ලි පිටරටට යන නිසා ඉන් පසු මේ අටමගල් කටු විකිණීම නිත්‍යානුකුල කරන්න. එවිට ලග ඇති කෝටි ගණන් මුදල් ඔලුව ඇති කෙනෙකුට ලැබීමෙන් රටට යහපතක්ම වේ. මේවාට රැවටී මිලදී ගන්නා අය ලග එතරම් මුදල් තිබීම රටකට කෙසේවත් යහපතක් නොවේ.
ඡායාරූපය අනුව මෙය වාලම්පුරියක් නොවේ. වාලම්පුරියක් වශයෙන් සලකන්නේ ටර්බිනෙල්ලා පයිරම් වර්ගයේ දකුණට කැරකුණු සංඛයයි. මෙය ට්‍රයිටන් විශේෂයක් විය හැකි අතර මතකය අනුව ලංකාවේ ආරක්ෂිත විශේෂයක්.
ඇත්තටම මෙතන මොකද්ද වෙච්ච නීති විරෝධී වැඩේ? අත් අඩංගුවට ගත් වාලම්පුරියට මොකද වෙන්නේ? අන්තිමට ඒක කොහාටද යන්නේ?
දන්නා කෙනෙක් කියනවාද බෙල්ලා කෝටි 3 ක් වටින්නේ ඇයි කියලා ? කව්ද එයට වටිනාකම දෙන්නේ ? මොනවද බෙල්ලා මිනිසාට දෙන සම්පත් ?
නීතිය දන්න කෙනෙක්වත් පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද කියලා. රූපවාහිනී එකේ දැන්වීම් දාලා වාලම්පුරි විකුණනවා. මේ අහිංසක මනුස්සයෙක් අල්ලගෙන හිරේ දානවා
වල්ලපට්ට සීන් එක දැන් ඉවරයි. අලුත්ම එක වාලම්පුරි. මේවා විකිණීමට බැරි මොකද? ඕකට කොටි තුනක් දීලා ගන්න මීහරකෙකුත් ඉන්නවා නම්, ඕක විකුණපු මිනිහා කැමැත්තෙන් එ්ක දෙනවා නම් තව මොනවද?
වාලම්පුරි වාසනාව ගේනවා නම් ලඟ තියාගත්ත කෙනා හිරේ යන්නේ මොකද? සුදු හාල් ගෝනියේ දාපු නිසා වස් වැදිලද?
ලංකාවේ පොලිසිය කටයුතු කරන්නේ අපේ කාලය සහ මුදල් විනාශ කරන බහුභූත වැඩවලට, දක්ෂිණාවර්තව කැරකුණ බෙල්ලා ළඟ තියාගන්න, විකුණන්න පුලුවන් නම් වාමාවර්තව කැරකුණ බෙල්ලා විකුණන්න තහනම් මොකද? මම දන්නා තරමින් එ්ක තහනම් කියලා නීතියක් නැහැ. කරුණාකර මේ විකාර නවත්වලා තේරුමක් ඇති වැඩක් කරන්න... අර පිටරටවල ඉන්න අපරාධකාරයින්ට තිබෙන වරෙන්තු ඉන්ටර්පෝල් හරහා එම රටවල්වලට බාරදෙන්න කටයුතු කරන්න.
වාලම්පුරි සඳහා මේ සතා මරා දැමීමක් සිදුවිය හැකිනිසා තහනම කමක් නැහැ. එහෙම නම් ලඟ තබා ගැනීම ප්‍රවාහනය සහ විකිණීම කියන කාරණා 3ම තහනම් කළ යුතුයි. අනේ මන්දා අපේ රටේ නීති...
ලංකාවේ වැලිත් තහනම්, පසුත් තහනම්, බෙලිකටුත් තහනම්, ලීත් තහනම්, මසුත් තහනම්... අඩුම තරමේ රජයට බදුගෙවලා නිපදවන බියර් බෝතලයත් විකුණන්න තහනම් සල්ලි තිබෙනවා නම් මේවා ඕනෑතැනක ගන්න තියෙනවා. මේ ජාවාරම් කරන්නේ බොහෝවිට දේශපාලකයන්ගේ ගෝලයෝ... බලපත්‍ර නිකුත් කරලා නිලධාරීන් විශාල පගාවක් උපාය ගන්නවා.. මනුස්සයෙකුට ජීවත් වෙන්න ගෙයක්, දොරක් හදාගන්න විදිහක් නැහැ. මිනිස්සු පොහොට්ටු වල නැගලා ජීවිතය පරදුවට තබලා හරි රට අතහැරලා යනවා. මෙහෙම ගියොත් ඉදිරියට රටේ ඉතුරු වෙන්නේ, දේශපාලකයෝ, හොර ජාවාරම්කාරයෝ, රජයේ නිලධාරීන් සහ වයසක මිනිසුන් සහ රෝගීන් පමණි. තරුණයා පණ එපා කියලා අරාබි හරි යාවි.. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ... අපේ දේශපාලකයන් කරන්නේ තම මඩිය තර කරගැනීමට හැමදෙයකටම විකල්ප ඉදිරිපත් නොකර ඒවා තහනම් කරන එක පමණි...
රටේ ඉහළම තැන වෙන මහා බැංකුව කොල්ල කනකොට බලාගෙන ඉන්න අපේ රටේ මහපොළවට සතු මෙවන් දෙයක් විකුණන්න මිනිහෙකුට බැරි මොකද?
දොර වැහෙනවට තියන්න නියමයි. මට නම් ඊට වඩා වටිනාකමක් පෙනෙන්නෙ නැහැ.
ශ්‍රී ලංකා ව දැන් පුංචි කොලොම්බියාවකි. රටේ නීතියක් නැත. නීතිය පාලකයාට අවශ්‍ය ලෙස හසුරවයි.
ඇයි මේකට අත්අඩංගුවට ගන්නේ? මොකක්ද නීතිය?
මේක අනිත් අතට නේද කැරකිලා තියෙන්නේ . උඩට එනකොට දකුණට එන්න ඕනි . තහනම් දෙයක් නෙවෙයි . වංචා කරලා කෙනෙක් අහු උනේ එකේ අපි නොදන්නා (ජාවාරමක් ) දෙයක් ඇති . සම්පත් රට යවන්න නරකයි හොරෙන් . ඉස්සරහට මොනවා අල්ලයි ද ඔහොම ගියොත් .
පොලිසියට බෙලිකටු පස්සෙ යන්න තමයි තියෙන්නෙ වෙන වැඩ නෑනෙ අනේ මෙහෙම රටක්......................