(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙක් අද (20) වැලිගම, මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම සැකකරුවන් සමග මෝටර් රථයක් හා මත්කුඩු කිලෝ 100 පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව විශේෂ මෙහෙයුම් අංශය මගින් මෙම වැටලීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්කුඩු තොගයක් මිලදී ගැනීම සඳහා වැලිගම, මෝදර ප්‍රදේශයට පුද්ගලයෙක් පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ පරික්ෂාවේදී මෝටර් රථය තුළ තිබී මත් කුඩු කිලෝ 25 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම අවස්ථාවේදී එහි රැදී සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඒ අසන්නයේ ඉඩමක සඟවා තිබූ තවත් මත්කුඩු කිලෝ 75 සොයා ගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
ඉතාලියට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්ගම, විදුර නැමැත්තාට මෙම මත්කුඩු තොගය අයත් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මුහුදු මාර්ගයෙන් මෙරටට මෙම මත්කුඩු තොගය එන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොළඹ, වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශය මගින් වැටලීම සිදු කර ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටි 100 ක කුඩු අල්ලයි
leel gunawardena Friday, 20 November 2020 06:58 PM
හිතාගන්න බැහැ. තාමත් මහ ජාවාරම සිදුවෙනවා.
Kalana Bihalpola Saturday, 21 November 2020 03:06 AM
සැපයුම් ඇමැතිවරුන් කවුද?
Kamal Koyrala Saturday, 21 November 2020 02:13 PM
කෝ කෝටි 100 කුඩු ටික.
BamunuarachchiSunday, 22 November 2020 12:52 AM
මොකද බිස්නස් එක පටන් ගන්නද?
Bamunuarachchi Sunday, 22 November 2020 12:57 AM
කොරෝනා කලබල අස්සේ කුඩු ඇල්ලීමත් කරගෙන යනවා. බොහොම හොඳයි. බිස්නස් නිවුස් සඟරාවක ගෝඨාබය මහතා කියා තිබුණා ඔහු පටන් ගත්ත වැඩක් අතරමග නවත්වන්නේ නැහැ කියලා...