(ලක්ෂ්මී ජයකොඩි)
කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ කොරෝනා වයිරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමීදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගත් බවට අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.
හකිම් මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහා ගෙන ඇති බවයි.
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන වදයක්ද? පුච්චන්න එපා කියලා කෑ ගහලා. ජාත්‍යන්තරේටත් කියලා. දැන් බයිලා ගහනවා. මේ අය තමයි රට අවුලන්නේ. ඕකත් හරියන්නේ නැතිනම් දෙන්න වෙනවා ගෙදරම භූමදානය කරගන්න කියලා.
ජාතිවාදී කටකින්ම එය ප්‍රකාශ කිරීම ඉතාමත්ම හාස්‍යජනකයි.
ඇයි මේවා මුස්ලිම් කාත්තන්කකුඩි රාජධානියේ වළලන්නේ නැත්තේ? මුස්ලිම් පල්ලිවලට අයිති සුසාන භූමි වුණත් කමක් නෑ. හරියට කරන විදිහක් ජනාධිපතිට හා අගමැතිට ට්වීට් කරත් ඒ අය බැලුවේ නෑ. මේ අය තව සැරයක් ජිනීවා රවට්ටලා රටම අනතුරේ දාන්න හදන්නේ...
එහෙනම් ඉතිං ගෙදර මිදුලේ වැලලීම වඩාත්ම හොඳයි. මොකද නිතර සිහිපත් කරලා යාඥා කරන්නත් ලෙහෙසියිනේ...
මේවා නිකන් බොරු නාඩගම්...!!!
උතුරේ ජාතිවාදයක් ඇතිවෙනවා නම්..., දකුණේ වැලලුවත් ඒ ජාතිවාදය ඇතිවෙනවා. එහෙනම් පුච්චන්න..
දැන් ප්ලෑන් කරන්නේ තමන් කැමැති තැනක භූමදානය කරන්න අවසර ගන්න.
ඒකනෙ මම නිතරම කිව්වේ මිනී ටික සෞදි අරාබියට යවන්න කියලා. එතකොට ජාතිවාදයක් ඇතිවෙන්නෙ නැහැනේ...
ඉස්ලාම් භක්තිකයකු වීම වරදක්ද? මොනවා කෙරුවත් තේරුම් ගන්නේ වැරැදි විදිහට... !!!
හොඳම තැන හකීම් මහත්තගේ ගෙදර මිදුල...
මේ ඔක්කොම පිටුපස රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණ ක්‍රියාත්මකයි.
කමිටුව මාස 06ක් පොල් ගෑවද? ලෝකේ පුරාවටම අවසර දෙද්දී මෙහෙ විතරක් වතුරෙන් අවදානම. ආණ්ඩුව මහ විකාරයක් වෙලා...
හකීම්, මරික්කාර්, සාලි, මනෝ ගනේෂන්, සුමන්තිරන්, සම්පන්තන් වගේ අයට නම් ජාතිවාදය ඔලුවටම ගහලා වගේ.. අනිත් අයටත් ඒවා ඇතුල් කරනවා ඡන්ද ටික බලාගෙන...
මොන කරුමයක්ද මේ? හැමෝටම සම තැන තියෙන්න ඕනෑ කියලා කියනවා. ඊට පස්සේ එයාලට විතරක් එක එක විදිහේ වෙනම නීති තියෙනවා. කෝ මේ එක රටක්... එක නීතියක්...?
කමෙන්ට්ස් ටික දැක්කාම හිතෙනවා හකීම් හරි කියලා... මෙහෙමත් රටක්...