නව කොරෝනා වයිරසයේ මූලාශ්‍රය සොයාගැනීම සඳහා ගන්නා ඕනෑම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට චීනය විවෘත යැයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවැසීය.
ජාත්‍යන්තර සහයෝගීතාව ඇතිව නව කොරෝනා වයිරසයේ හඳුනාගැනීම සඳහා කෙරෙන ඕනෑම විමර්ශනයකට චීනය සහාය දෙන බව ද හෙතෙම කීය.
කෙසේ නමුත් එම ඕනෑම විමර්ශනයක් ‘‘දේශපාලන මැදිහත්වීම්වලින්’’ තොරව සිදුවිය යුතු යැයි ද ඔහු කීය.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් චීනයේ කීර්තිනාමයට හානි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලනඥයන් උත්සාහ කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
454
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා වයිරසයේ මුල සොයාගැනීමේ ඕනෑම උත්සාහයකට චීනය විවෘතයි
Ruwan Sunday, 24 May 2020 05:02 PM
දැන් ඉතින් චීනය ඔක්කොම සාක්ෂි විනාශ කරලා ඇති.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 01:41 AM
එසේනම් ඇමෙරිකාවට හැකිනම් චීනයට කරන චෝදනා සහ එම තොරතුරු ප්‍රසිද්ධියේ ඔප්පු කරලා පෙන්වන්න කියා අභියෝග කරන්න. ඇයි එහෙම නොකරන්නේ ? ලෝකෙට ඇත්ත හෙළිවී චීනාගේ රෙදි ගැලවෙන නිසා. අප ඇමරිකන් ගැත්තන් නොවෙයි.චීන ගැත්තන් විය යුතුද නැහැ.අපට ඕනෑ නියම සත්‍ය දැනගන්නයි.ලොව විනාශ කළ මේ මාරාන්තික වයිරසය කව්රුන් හෝ නිපදවුවාද නැද්ද යන්න දැන ගන්නයි.
Koralage Monday, 25 May 2020 03:08 AM
ලෝකයේ කිසිම මනුෂ්‍ය වර්ගයක් නොකන වවුලන්, බල්ලන්, නයි, පොළොංගු එකී නොකී කටට ලංකරන්න බැරි දහ ජරා සුප් බිල මස් කාලා.. ලෝකෙටම මේ කොරෝන වසංගතය බෝකරලා දැන් එනවා කොරෝනා වයිරසයේ මුල සොයන්න ලෝකෙට කියන්න. ඔය බොරු පාට් නැතුව මේ ලෝකේ රටවල ලක්ස ගණන් මිනිස්සු මරලා... කෝටි ගණන් ලෙඩ කළාට හැම රටකටම නැති කරපු ජිවිත වලට චීනෙන් වන්දි ඉල්ලන්න තියෙන්නේ. මේ කරපු දෙය මහපොළොව උහුලන මොනතරම් අපරාධයක්ද?
rambo02 Monday, 25 May 2020 05:31 AM
ඇමෙරිකා එක්සත් ජනපදයේ දැන් ඡන්දය ලඟාවෙමින් තියනවා. ඉතින් කාට හරි මොනබාල්දියක් හරි පෙරලලා, ඡන්දය දිනාගන්න තමයි ඔය දඟලන්නේ.. මේකට අපි සිංග්ලිෂ් වලින් කියන්නේ දේශපාලනය කියලයි...