
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් 12 දෙනකු අද (8) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව පසුගිය දින 12 ක කාලයේදී කොරෝනා ආසාදිත රෝගීන් 421 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ජූලි 27 වැනිදා රාත්‍රිය වන විට කොරෝනා ආසාදිත රෝගීහු 673 ක් රෝහල්ගතව සිටියහ. එහෙත් පසුගිය දින 12 ක කාලයේදී රෝගීන් 421 ක් සුවය ලැබීම නිසා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 252 ක් දක්වා අඩුවී තිබේ.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2839 කි. ඔවුන් අතුරින් 2576 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.
රෝගීහු 11 ක් පමණක් මියගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැනේ රට වහගෙන කොරෝනා නැහැ කියන එක.. මැද පෙරදිග කන්න නැතුවයි, කොරෝනා හැදිච්ච මිනිස්සුයි ගෙන්න ගෙන බලන්නකෝ..
කොරෝනා නැති එකත් හරි... මොකක්ද මේ රටේ හැම පැත්තෙන්ම ඇහෙන හෘදයාබාධ මරණ..? හරියට හෘදයාබාධ වසංගතයක් පැතිරුණා වගෙයි.
කොරෝනා නැති එකත් හරි... මොකක්ද මේ රටේ හැම පැත්තෙන්ම ඇහෙන හෘදයාබාධ මරණ? හරියට හෘදයාබාධ වසංගතයක් පැතිරුණා වගෙයි.