
කොරෝනා වසංගතය ඩුබායි හි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානයටත් රිංගාගෙන ඇති බැවින් එය දින කිහිපයකට වසාදමා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථාන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ. එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය නියාමනයන් අනුව මෙම සේවක පිරිස අනිවාර්යයෙන්ම හුදෙකලා වී සිටිය යුතුය.
දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම සඳහා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඩුබායි මූලස්ථානය දින කිහිපයක් වසා තබනු ඇත. එය නැවත විවෘත කිරීමට පෙර විෂබීජානුහරණය කෙරෙන අතරේ එහි කාර්ය මණ්ඩලය නිවසේ සිට වැඩ කරනු ඇත.
කෙසේ වෙතත්, ඩුබායි නුවර කේන්ද්‍ර කරගනිමින් නවාතැන් ගෙන සිටින අයි.පී.එල්. කණ්ඩායම් හය සඳහාම පුහුණුවීම් කිරීම සඳහා අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණය “ආරක්ෂිත” බව නිවේදනය කර තිබේ. අයිපීඑල් කණ්ඩායම් හයක් දැනට ඩුබායි නුවර සිටින අතර ඔව්හු ඩුබායි ස්පෝර්ට්ස් සිටි හි පිහිටි අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණයේ පුහුණුවීම් පහසුකම් භාවිතා කරති.
“අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණය පිහිටා තියෙන්නේ කාර්යාල මූලස්ථානයට යාබදව නොවෙයි. අනෙක් අතට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාර්ය මණ්ඩලයේ කිසිවකු අයි.පී.එල්. පුහුණු සැසිවාරයන්ට සහභාගි වෙන්නේත් නෑ. එනිසා අයිසීසී ඇකඩමිය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.“
“අයි.පී.එල්. කන්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බියක් ඇතිවීමේ කිසිදු ප්‍රශ්නයක් නෑ” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනා ඇවිදින් ක්‍රිකට් ලෝක මූලස්ථානයත් වසාදමයි