IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කෘෂි අපද්‍රව්‍ය එවීම ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න

(විනීතා එම් ගමගේ)

පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දින (25) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

 බාසල් සම්මුතිය යනු අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම පිළිබඳව ඇති ජාත්‍යන්තර ගිවිසුමකි.

එමෙන්ම මෙම බහාළුම් මෙරටට ගෙන්වා තිබෙන්නේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් බවත්, ඒ සම්බන්ධව යුක්රේන සමාගම විසින් මෙරට සමාගම කිසියම් රැවටීමක් කර තිබේ ද යන්න පිළිබඳව මේ වනවිට අදාල අංශ විසින් අවධානය කර ඇතත් බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කිරීම කෙරෙහිද දැඩිව අවධානය  යොමු කළ යුතු බවට ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.

මෙරට පුද්ගලික ආයතනය විසින් මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහාළුම් මෙරටට හිතාමතාම ගෙන්වන ලද්දේද, නැතහොත් ඔවුන් රැවටීමකට හසුව ඇත්ද යන්න සොයා බැලිය යුතු මෙන්ම විසඳා ගත යුතු කාරණයකැයිපෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට පුද්ගලික ආයතනය රවටා ඇතැයි ඔවුන් කරන ප්‍රකාශය මෙරට බලධාරින් රැවටීමට යොදන ලද උපක්‍රමයක්ද යන්නත් ගැනත් විධිමත් සොයා බැලිමක් කළ  යුතු බව කීය.

මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නැයි මධයම පරිසර අධිකාරියට උ‍පදෙස් දුන් බව ද අමාත්‍යයවරයා කීය.

කෙසේ වුවද කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුලුවිය හැකි  බැවින් ඒවා වහාම යුක්රේනයට ප්‍රතිඅපනයනය කරන්නැයි ද නිලදාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

 



අදහස් (14)

කෘෂි අපද්‍රව්‍ය එවීම ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න

Era Friday, 25 December 2020 06:39 AM

යුක්රේනයට විශේෂ සැලකිලි . කොරොනත් ආවානේ....

:       0       10

Raveendra Friday, 25 December 2020 07:38 AM

මහජනතාවට ලැබී තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවට පැහැදිලි කර ගැනුමට මෙය හොදම අවස්ථාවක් බැවින් කරුණාකර මෙම විනාශකාරී අපද්‍රව්‍ය ගෙන්වන ලද ආයතනයෙ නම මෙන්ම ආයතනය අයිතිකාරයාගේ නම් ගම් ප්‍රසිද්ධ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එමගින් ඉදිරි අනාගතෙදිවත් මෙසේ වුවහොත් අපේ මුසල ආයතන මෙන්ම අපේ මුසල මිනිසුන් හට දැක ගැනුමට හැකි වෙනු යන්න වැටහෙනු ඇත. තවද මෙම වාක්‍ය (මෙරට පුද්ගලික ආයතනය විසින් මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහාළුම් මෙරටට හිතාමතාම ගෙන්වන ලද්දේද, නැතහොත් ඔවුන් රැවටීමකට හසුව ඇත්ද යන්න සොයා බැලිය යුතු) මගින් ඇමතියා විසින් මෙම නිවට කාලකන්නි ආයතනයට නීතියෙන් පැනයාමට උපදෙස් වක්‍රාකාරව ලබාදුන්නේද යන්න වැටහෙන්නේ අපට පමනිද? මක්නිසාදයත් ආයතනයක් රැවටීමට තරම් එම ආයතනයේ ඉන්නේ ළදරුවන්ද සටකපට ගල් ආදන්ද යන්න තේරුම් ගැනුමට දිව්‍යලෝක ඥානය අවශ්‍ය නැති බවවත් මේ ඇමති නොදනිම කනගාටුවකි.

:       0       21

Nihal Friday, 25 December 2020 11:08 AM

රැවටීමක් කර තිබේද කියලා ඇහුවොත් නෑ අපි හිතා මතාම ආනයනය කළා කියයි ද?. මේ අය දැනටමත් ආනයනය කරුවන්ට සාක්ෂි දිය යුතු පිළිවෙළ ප්‍රසිද්ධියේම උගන්වලා තියෙනවා. පොඩි මිනිහෙක් තමන්ගේ පාවිච්චියට විද්යුත් උපාංග වගේ දේවල් ආනයනය කලාම පුළුවන් තරං වද දීලා සල්ලිත් අරගන ලොකු පාඩුවක් කරලා තමයි භාණ්ඩ නිදහස් කරලා දෙන්නේ. එතැනදී රැවටීමකට ලක් කලාද කියලා බලන්නේ නැහැ නේද?

:       0       13

isuru Friday, 25 December 2020 11:36 AM

රට බංකොළොත් වුණූ රට වෙලාගෙන මෙයාලා බයිලා කියනවා... අසාර්ථක රටක් කළා මෙ ආණ්ඩුව...

:       4       12

jagath G Friday, 25 December 2020 11:38 AM

අප ද්‍රව්‍ය වලට කොමිස් කීයක් ලැබුණාද?

:       2       10

beau Friday, 25 December 2020 12:11 PM

පැමිණිලි කරලා වැඩක් නැහැ... මෙ රටෙම ඉන්න හොරු ටික අල්ලලා ඔවුන්ව හිරෙ යැවිය යුතුය. ඔවුන්ගේ වස්තුව ඔක්කොම රාජසන්තක කළ යුතුය. ඔක පිටුපස ඉන්න දේශපාලකයෝ ටිකත් අල්ලගෙන ඒ අයටත් දඩුවම් දිය යුතුය.ඒ අයගේ වියදමින්ම ඔය දහ ජරාව ඔක්කොම එවපු රටටම යැවිය යුතුය. රාජපක්ෂගේ පැමිණිලිවලින් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. රටෙ නීතියට අනුව මෙ ඔක්කොටම දඩුවම් කරන්න.

:       0       7

Prabha Friday, 25 December 2020 02:23 PM

ලෝක කොත්තමල්ලි නිෂ්පාදනයෙන් සියයට 60ක් වගාකරන්නේ ඉන්දියාව... එහෙව් එකේ මොකට දුරකතර ගෙවාගෙන යුක්රෙන් ගියාද?

:       1       9

ජිනදාස Friday, 25 December 2020 02:45 PM

බැසිල් සම්මුතියට පැමිණිලි කලොත් මුකුත් කරගන්න බැරි වෙයිද? ජනතා වරමක් නැතුව ඡන්දේ නොඉල්ලාම පාර්ලිමේන්තුවට වඩම්මන්න හදන්නේ ලොකු බලයක් තියෙන හින්දානේ.

:       0       6

jagath Friday, 25 December 2020 04:42 PM

මෙ සැලැස්ම කරලා තියෙන්නේ .... බොරු කතාවක් පතුරවලා මුදල් යටිමඩි ගැසීමක්.... මුදල් කරගැනීමට ගියේ? කවුද මෙ අපද්‍රව්‍ය ලංකාවට එව්වෙ?

:       1       4

de silva Friday, 25 December 2020 04:58 PM

ඔබතුමා ඇතුලු 69 ලක්ෂයට කන්න එවපු පිදුරු වෙන්න ඇති ඔය....

:       3       10

විජිත් Friday, 25 December 2020 05:04 PM

ඔය මොනවා කරන්නත් කලින් ඔය කුණුවල විකිරණශිලිතාව පරික්ෂා කලාද...? විශේෂයෙන්ම යුක්රේනය කියන්නේ චර්නොබිල් විනාශය සිදුවුන රට. ඒ බලාගාරය විනාශ වුනාට පසුව කාලයක් සතෙක්වත් ඒ හරියේ ගැවසුණේ නැහැ. අවුරුදු ගානකට පසු ඒ පැත්තේ නැවතත් වලසුන් ගැවසෙනවා කියලා 2019 වාර්තාවුනා. සමහර විට ඒ පැතිවල තිබෙන විකිරණ උරාගත්ත ගස්වලින් පිරුන කැලෑ සුද්ධකරලා අපේ පැත්තට එවුවාද දන්නේ නැහැ. එහෙම නැතිනම් මෙහෙ කවුරු හරි එහෙන් කීයක්හරි අරගෙන කොත්තමල්ලි කියලා හොරට ආනයනය කලාද දන්නෙත් නැහැ. ඒ වගේමයි යුක්රේනයේ කාලයක් හැංගිලා අපේ රටත් එක්කහැංගිමුත්තන් කල හොරා දැන් ආයෙත් ලංකාවට ඇවිත්නිසා මිනිහා ඔය ගනුදෙනුව පිටුපස ඉන්නවාද දන්නෙත් නැහැ.

:       1       12

chandima Friday, 25 December 2020 09:23 PM

කවුද දන්නේ යුක්රේන් සමාගමෙන් ඉල්ලලා තියෙන්නේ ඕවාමද කියලා..? මොනවාහරි කුණු ගොඩක් එවන්න. අපිට පස්සේ ඔයාලගේ අලාබෙ අඩුකරගෙන ඩොලර්ටික අපේ පිටරට ගිණුමටගෙවලා දාන්න එහෙම කියලා නම්...

:       0       0

jagath G Saturday, 26 December 2020 10:14 AM

මේක ඇමැතිගේ වැඩක්... බොරු බයිලා එපා...

:       0       0

ranji Saturday, 26 December 2020 11:37 AM

නඩුව බාසල්වලට දුන්නා කියන්නේ නඩුත් නැහැ, බඩුත් නැහැ. ගෙවපු සල්ලිත් නැහැ කියන එකයි. මේවා ඔය දියවන්නාවේ මගෝඩිස්ලාගේ වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site