(යොහාන් බාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර ගොරකාන ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 5.15 ට පමණ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම අනතුරෙන් 64 හැවිරිදි පිරිමි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.
ඔහු මත්පැන් පානය කර සිටියේ දැයි පරීක්ෂා කිරිම සඳහා පානදුර රෝහලට රැගෙන යාමට නියමිතය.



(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
කොහොමත් ලොකු ඔළුවකින් ඉන්න ක්‍රිඩකයෙක්.
දේශපාලකයන් වගේම තවත් ඔලුව උදුම්මාගත් පිරිසක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.
ඇතුලේම තියාගන්න. එළියේ හිටියට වැඩක් නැහැනේ..
බීලා නම් කුසලුත් දැන් ලංකාවේ ක්‍රිකට් නායකත්වයට සුදුසු රෝලේ මොඩෙල් එකක් වේවි..
නම කුසල් ඒ වුනාට කරන්නේ....
සමහරක් අය හිතාගෙන ඉන්නේ පාර ඒගොල්ලන්ගේ බූදලය කියලනේ... උපරිම දඬුවම් දෙන්න ඕනේ ආයෙත් නොකරන්නම..
කුසල් මෙන්ඩිස් කියල විශේෂයක් ඕනෙ නෑනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්නයක් නෑ.. ඒක සංගක්කාර, මහේල, අරවින්ද, මුරලි කියල උනත් ප්‍රශ්නයක් නෑ. දේශපාලකයන්ට උනත් ඒ විදියටම වෙනව නම් අනිත් අය නිකන් බොරුවට දඟලන්නෙ නැතුව ඉන්නව නම් හොඳයි.
තාම හරියට බලයක් අල්ලා ගන්නබැරිව කොහොම ලයිසන් ගත්තද මන්දා...?
කිසිම සමාවක් දෙන්න එපා. මිනිස්සුන්ට වැරදි ආදර්ශයක් දෙන්න එපා.. බලවත් අයට නීතිය නමන්නට පුළුවන් කියලා. සල්ලි දීලා බේරිලා යන්න බලාගෙන ඇති.. නමුත් බරපතල වරදක් කරලා තිබුණේ. නිදිමත නම් හෝ අරක්කු බිව්වා නම් මිනිස්සු මරන්න කාටවත් බලයක් නැහැ... අපරාදේ අහිංසක දරු පවුල...