(ඩී.ජී.සුගතපාල)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන හබරාදුව පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා ආසාධනය වී ඇති බවට අද (11) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
හබරාදුව පොලිස් වසමේ තල්පෙ, අත්තරගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම උපදේශකවරයා පී.සි.ආර්. පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදු කිරීමෙන් පසු ඔහුට කොරෝනා ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත. පසුව ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යැවීමට කටයුතු කළබවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ඔහු මව සහ බිරිඳ සමග නිවසේ ජීවත්ව ඇති බවත් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, යාබද නිවෙස් කිහිපයක ජීවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඔහුගේ බිරිඳ ගුරුවරියක් වන අතර ඇයගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇයගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමයින් 25 දෙනෙකු ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්දකාඩු උපදේශකවරයකුට කොරෝනා