IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කනත්තේ සාදයකට ගිය 4 ක් අත්අඩංගුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොනාකෝවිලේ රොහා නම්වූ කුඩු ජාවාරම්කරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීතිය පළකිරීම සඳහා  ගල්කිස්ස කනත්තේ  සාදයක් පැවැත්වීමට සූදානම් වූ  සිව්  දෙනෙකු (අද  25  වැනිදා) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොනාකෝවිලේ රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයකු වන, රත්මලාන කුඩු අන්ජුගේ  නැඟණිය ඇතුළු සිව් දෙනෙකි.

 

මෙම සාදය සඳහා ඩුබායි සිට ලක්ෂ 20 ක මුදලක් එවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සමඟ සංගීත භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබිණි.

2016 වසරේ ජූනි මාසයේ මහර අධිකරණය අසලදී   ගොනාකෝවිලේ රොහා නමැත්තා විසින් කුඩු අංජු ගේ සහෝදරයා වූ සුරේෂ්  අසංක  සිල්වා හෙවත් ලංසියා නමැත්තා වෙඩි තබා ඝාතනය කළ බව කියැවේ. ගල්කිස්ස කනත්තේ පිහිටි ඔහුගේ සොහොන අසල මෙම සාදය පැවැත්වීම සඳහා සූදානම් වෙමින් සිටියදී  පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන දේමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් “ගොනා කෝවිලේ රොහා“ ඊයේ (24 වැනිදා) පෙරවරුවේදී පොලිස් වෙඩි පහරින් මියගියේය. ඉන්දියාවට පලා යාම සඳහා මීගමුව කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ වාඩියක සැඟවී සිටියදී   පොලීසිය සමග ඇතිවූ වෙඩි වූ මාරු ක දී ගොනාකෝවිලේ රොහා නමැත්තා  මරණයට පත්විය.



අදහස් (1)

කනත්තේ සාදයකට ගිය 4 ක් අත්අඩංගුවේ

sampath Saturday, 26 September 2020 06:46 AM

අංගොඩ යවලා මානසික වෛද්‍ය වාර්තා කැඳවන්න තිබ්බේ පොලිසියට...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site