(ඉන්දිකා රාමනායක)
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට අයත් කුඩා ඩිංගි යාත්‍රා 7 ක් ඉන්දියානු මුහුදු සීමාවට ගසාගෙන ගොස් තිබිය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාවක් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දී තිබේ.
මෙම යාත්‍රා කච්චතිවු මුහුදු සීමාවේදී නැංගුරම්ලා තිබියදී ඊයේ (7) පස්වරුවේ මෙලෙස ගසාගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
මෙලෙස ගසාගෙන ගොස් ඇත්තේ මන්නාරමෙන් සහ මීගමුවෙන් පැමිණි යාත්‍රා බවද නාවික හමුදාව කීවේය.
මංගල්‍යය අවසාන වීමෙන් පසු පිටම යාමට පැමිණි මෙම පිරිස තමන්ගේ නැංගුරම්ලා තිබූ බෝට්ටු අතුරුදන්ව ඇති බවට දැක සිද්ධිය නාවික හමුදාවට දැනුම් දී තිබිණි . පසුව නාවික හමුදාව ප්‍රදේශයේ සෝදිසි කළ ද බෝට්ටු හමු නොවීම නිසා සිද්ධිය ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ට දැනුම් දී ඇත .
බෝට්ටු කච්චතීව් දුපතේ සිට මුහුදු සැතපුමක් ආසන්නව පිහිටි දෙරටේ මුහුදු සීමාසීමාවට ගසා ගෙන ගොස් තිබියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය බාරයට ගෙන තිබූ බව නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
නාවික හමුදාව සිදු කළ දැනු දීම අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් එම බෝට්ටු නාවික හමුදාව වෙත බාරදුන් බව සුරියබණ්ඩාර මහතා කීය.
නාවික හමුදාව විසින් බෝට්ටු නැවත රැගෙන ඒමෙන් පසු ඒවායේ පැමිණ සිටි බැතිමතුන් පස්වරුවේ සිය ගම් ප්‍රදේශ වෙත ගිය බව නාවික හමුදාව කියයි.
මෙම බෝට්ටුව ක්‍රමවත්ව නැංගුරම්ලා නොතිබීම හේතුවෙන් මෙලෙස ගසාගෙන ගොස් තිබූ බව නාවික හමුදාව පවසයි .


2025 නොවැම්බර් මස 04
167
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කච්චතිව් මංගල්‍යයට ගිය යාත්‍රා 7 ක් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිහින්
පිටිගල මිලානෝ Sunday, 08 March 2020 10:26 AM
කොරෝනා වලට බයේ අඬපු අය නේද මේ දෙවියන් යදින්න ඇවිල්ලා තියෙන්නේ ? දෙවියනුත් හොඳ දඬුවමක් දීලා වගේ. ඇයි ඔයගොල්ලෝ මීගමුවට කුඩු ගේන අයට විරුද්ධව පෙළපාලි යන්නේ නැත්තේ ?
roshanSunday, 08 March 2020 12:48 PM
පිටිගල.. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් අඬනවා දැක්කේ නැද්ද?
RPSH Sunday, 08 March 2020 02:16 PM
මේ ශ්‍රී ලංකා නාවික හමුදාවද? නැත්නම් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායද? ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා යාත්‍රාවක් නේද මේ තියෙන්නේ...?
ඉන්දිකා රාමනායකMonday, 09 March 2020 05:26 AM
මේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක්...