IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


උතුරේ හිටපු ප්‍රබලයෝ 6 ක් හැලෙති

(සිතුම් චතුරංග)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ගියවර  පාර්ලිමේන්තුව නියෝජනය කළ වන්නි හා යාපනය මැතිවරණ දිස්ත්‍රික්වල මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් රැසකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබේ.

වන්නි දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කළ පසුව තමිල් මක්කල් තේසීය කූටනී දෙමළ ජනතා ජාතික සන්ධාන පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාට ද පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. ශිවශක්ති මහතා නියෝජනය කළ පක්ෂය ඡන්ද 8,789 වන්නි දිස්ත්‍රික්කයෙන් ලබාගෙන තිබිණි.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියටද පාර්ලිමේන්තු වරම් අහිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 6522කි.     

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මන්ත්‍රී සිවප්‍රකාශම් සිවමෝහන් මහතාට මෙවර පාර්ලිමේන්තු නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇති අතර මෙවර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 10,581 කි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරියක වූ ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා මහත්මියට ද පාර්ලිමේන්තු වරම් අහිමිවිය. වන්නි දිස්ත්‍රික්කයෙන් ඇය ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 11,710 කි.

යාපනය මැතිවරණය දිස්ත්‍රික්කය නියෝජනය කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නියෝජනය කළ හා එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවිය. ඔහුට ලබාගත හැකිවූයේ මනාප ඡන්ද සංඛ්‍යාව 20358 වූ අතර මනාප ලැයිස්තුවේ හයවැනි ස්ථානය හිමිව තිබුණි.

යාපනය දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ අපේකෂකයකු වූ හිටපු මන්ත්‍රී ඊ.සරවනබවන් මහතාටද පාර්ලිමේන්තු නියෝජනය අහිමිව ගියේය. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 20,392 කි.

වන්නි හා යාපනය මැතිවරණ දිස්ත්‍රික් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් හයදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහිමිව තිබේ.

මෙලෙස මන්ත්‍රී ධූර අහිමි වුවන් පහත දැක්වේ.

01.ශිවශක්ති ආනන්දන් 

02.ශාන්ති ශ්‍රී ස්කන්දරාසා

03. විජයකලා මහේෂ්වරන්

04.සිවප්‍රකාශම් සිවමෝහන්

05.මාවෙයි සේනාධිරාජා

06.ඊ.සරවනබවන් 



අදහස් (4)

උතුරේ හිටපු ප්‍රබලයෝ 6 ක් හැලෙති

kriss Friday, 07 August 2020 08:57 AM

මෙයාලා, මෙපමණ කාලයක්, පාර්ලිමේන්තුව නියෝජනය කළා කියා දෙමළ ජනයාට සිදුවූ යහපතක් නොමැත. ඔවුන් හැමදාම අඳුරේය.

:       3       271

Nihal Friday, 07 August 2020 01:48 PM

දමිළ ජනතාවට මොළය පෑදී තිබේ

:       0       0

රුවනි Friday, 07 August 2020 05:41 PM

අයියෝ.... පාර්ලිමේන්තුවේ හිටියා කියලා දන්නේ අදනේ...

:       0       2

kumara Saturday, 08 August 2020 08:05 AM

ජාතිවාදී අදහස් දරන දේශපාලකයෝ ඔවුන්ගේ ජනතාවම රිජෙක්ට් කරලා..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 432 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site