(මහේෂ් කිර්තීරත්න)
පාසල් සිසුවෙකු අපයෝජනයට ලක් කළැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අනුරුද්ධ ඒකනායක මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමට අදාළ ලියකියවිලි පක්ෂ මුලස්ථානය වෙත බාර දී තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැඳවුම්කරු උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා අද (22) පැවසීය.
සමන්ත ධර්මසේන මහතා ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරයා විසින් මීට පෙර අවස්ථාවකදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් පක්ෂයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබූ බවයි.
පක්ෂයක් ලෙස ගත යුතු තීරණ රැගෙන ඇති අවස්ථාවක මෙම සිදුවීම වූ බවත්, ඒ නිසා ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයෙකු නොවන බවත් ධර්මසේන මහතා පැවසීය.
පක්ෂයක් ලෙස මෙවැනි පුද්ගලයින් සාමාජිකත්වයේ තබා නොගන්නා බවද කැඳවුම්කරු සමන්ත ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ඔහු මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කරනු ..
බලයේ ඉන්න කාලෙත් මේ විදිහට තීරණ අරගත්තා නම්.
තවටික දවසකින් මෙම පොහොට්ටුවට සාමාජිකයෝ නැතිවෙනවා
එදා අකුරැස්ස සහ තංගල්ලලට වෙච්ච වගේ උකුවෙල ගිහින් ඉවත් කල ලියකියවිලි ආයිත් ගෙන්න ගන්න එපා.
වරදක් වුණාට පස්සේ ඇයි මේ ඉල්ලා අස් වුණාය කියලා කියන්නේ... ඉල්ලා අස් වුණත් නැතත් නෙරපන්න. විශේෂයෙන් ළමා දූෂකයෝ කිසිම පක්ෂයක තියාගතයුතු නොවේ.
ඔහොම කරන්න ගියොත් පොහොට්ටුවේ කීදෙනෙක් ඉතුරුවෙයිද මන්දා?
ප්‍රශ්ණයක් නැහැ... ඊළඟපාර ඡන්දෙට මහින්ද මහත්තයා පොල් ලෙළි ටිකක් ඡන්දයට දාලා තමන්ගේ සමාජිකයින්ට කිව්වම ඒ අය ඡන්දය දෙනවනේ ඉතිං මොකටද මේ අය ?
බලයට එන්න තියෙන කෑදරකමට දැන් මේවා කරනවා. ඒත් මේ මිනිසුන්ට බලය තිබ්බ කාලෙ මොන තරම් වංචා, දූෂණ කළාද? සමහර අයව මැරුවා. ඒත් එදා මේ මිනිස්සු ගෝලයෝ ටික රැක්කා. නැවත බලයට ආවත් අදට වඩා වෙනස් වෙන්නේ නැහැ.
අනුර - පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා. නැතිනම් අගමැතිකම විපක්ෂයට දෙන්න වෙනවා. ඒකයි එහෙම තීරණ ගත්තේ නැත්තේ...
මේ පක්ෂයේ ඉන්නා ජ්‍යෙෂ්ඨයන් කරන එකනේ පොඩි අයත් කරන්නේ.