IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉදිරි දින දෙකේ දී එජාප පක්ෂ නායක හමුවක්

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන  මෙම සාකච්ඡාව සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ ආරාධනයට  අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක  නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගීවීම විශේෂත්වයකි.

කොළඹ අරලියගහ මණ්දිරයේදී  මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව පවතී.

එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන්  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ  පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත මේ වනවිට සකස්  කර අවසන්ව ඇති අතර ඊට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ පූර්ණ  එකඟතාවයද පළ වී ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණේ නායක ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍ර‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන්  බිහිවන පුළුල් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සැකසීමට සකස් කළ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න කමිටු වාර්තා ද ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුවට ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකාවේ ග‍්‍රාමීය  ආර්ථිකය නගා සිටුවීම සඳහා එක්තත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක  නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කරන යෝජනා කිහිපයක් පිළිබඳව ද  ඉහත පක්ෂ නායකයින්ගේ හමුවේදී  අවධානය යොමුකිරීමට නියමිතය.



අදහස් (3)

ඉදිරි දින දෙකේ දී එජාප පක්ෂ නායක හමුවක්

chandima Wednesday, 11 September 2019 11:59 AM

දෙපැත්තකට බෙදිලා ගහගන්නවා වගේ පෙන්නපු එකෙන් ප්ලෑන් කරපු විදියට නොමිලේම හොඳ ප්‍රචාරයක් නම් ලැබුණා. දැන් දෙගොල්ලන් එකතුවෙලා සංදර්ශනේ පටන්ගන්න තියෙන්නේ...

:       98       14

sirimal Wednesday, 11 September 2019 12:45 PM

මෙම රැස්වීමට කතානායක කරු ජයසූරියට ආරාධනා කර නැද්ද? ජනාධිපතිවරණය ගැන සිදුකර ඇති "විද්‍යාත්මක සමීක්ෂණයකට" අනුව "මෙවර පැහැදිලි තරඟයක් ඇත්තේ එජාපයේ කරු ජයසූරිය සහ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ අතර බව පෙනීගොස් ඇතැයි "එම පරීක්ෂණය සිදුකළ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදයේ පේරාදෙණියේ මහාචාර්ය සිසිර පින්නවල පවසා තිබෙන බව අප දුටුවා."කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස ඉදිරියේදි ප්‍රබල බවත් සජිත් ප්‍රේමදාස සිටින්නේ තෙවැනි ස්ථානයේ බවත් එම වාර්තාවේ සඳහන්ව තිබෙනවලු. එසේ නම් ඊළඟට නම කියවෙන රනිල් වික්‍රමසිංහ ඉන්නේ හතරවෙනි ස්ථානයේ බවට අපට උපකල්පනය කිරීමට වෙනවා. මේ අතර පසුගියදින රනිල් වික්‍රමසිංහ සහ සජිත් ‌ප්‍රේමදාස අතර පැවැති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු සජිත් ‌ප්‍රේමදාස මාධ්‍ය අමතා ‌‌"බොහෝ කරුණු ගැන සාකච්ඡා කළ බවත් සාකච්ඡා ඉදිරියටත් කරගෙන යන බවත් බුදුවීමට නම් නොවරදවාම ‌පෙරුම් පිරිය යුතු බවත්, එ් නිසා තමාට තව ‌පෙරුම් පිරිය හැකි බවත්" කී බවයි වාර්තා වුනේ. මේ අනුව පෙනීයන්නේ සජිත් වගේම ඔහු බලයට ගෙනඒමට වලිකන එක්තරා නාලිකාවක අයිතිකරුටද තව වසර 5ක් වත් පෙරුම් පුරන්නට වෙන බව නේද? රනිල්ට නම් ගැලවිල්ලක් නැති හැඩයි...

:       343       227

CHANDIMA Wednesday, 11 September 2019 01:51 PM

මෙහෙ දෙකට බෙදුණු නායකයෝ නියෝජ්‍ය නායකයෝ හම්බවෙනවා කොලේ වහල එකතුවෙන්න, අරහෙත් දෙකට බෙදුණු නායකයෝ නියෝජ්‍ය නායකයෝ හම්බවෙනවා කොලේ වහල එකතුවෙන්න, කවදානම් අපේ මිනිස්සු මේ කොළ තුනේ සුදුවට රැවටෙන එක නතර වෙයිද? පව් අහිංසක මිනිස්සු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site