(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර 4 කට ආසන්න භුමියක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
දේශපාලඥයින්ගේ මැදිහත්වීමෙන් එම භූමියේ ඉස්සන් ටැංකි සාදා ඇති බවද, හලාවත දිසා අධිකරණයටද මෙම විනාශය පිළිබඳව කරුණු වාර්තා කර ඇති බවද හෙතෙම කියාසිටී. ඉකුත් 25 වැනිදා රාත්‍රියේ උඩප්පුව ප්‍රධාන මාර්ගයෙන් රැම්සා අභය භූමියට ඩෝසර් යන්ත්‍ර ඇතුළු කර ඉන් පසුව මුතුපන්තියට ගමන් ගන්නා අතුරු මාර්ගය පිහිටි පිංකට්ටිය ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බව පරිසරවේදීහු පවසති.
මෙයට පෙරද අවස්ථා ගණනාවකදී දේශපාලන මැදිහත්වීම් මත රැම්සා අභය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඉස්සන් ටැංකි සකසා තිබූ බවත්, 2000 වසරේදීත් එවැන්නක් වූ බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමඟ එම පිරිස භූමියෙන් පිටව ගිය බවත් ඔවුහු කියති. පරිසර වැනසු පිරිස මෙම භූමියෙන් ඉවත් වී යාමෙන් පසුව අදාළ පෙදෙසෙහි නැවත කඩොලාන රෝපණය කිරීමට වන ජීවි නිලධාරින් සියලු කටයුතු අරඹා තිබුණි.
වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක පරිසරවේදියකු වන අජීත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මේ රැම්සා තෙත් බිම අවස්ථා ගණනාවකදි දේශපාලඥයින්ගේ බල පුළුවන්කාරකමට වනසා දැම්මා. නමුත් අපි මෙවර විශ්වාස කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා සුදුසු නීතිමය පියවර නිවැරදි විදිහට ගනී කියලා. පරිසරය වනසන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නාතෙක් අපි බලා සිටිනවා” යැයිද ගිහාන් මහතා කියයි.
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.
අලංකාර වැව් පද්ධතියකින් සමන්විත ආනවිළුන්දාව දේශීය හා විදේශීය කුරුල්ලන්ගේ සුවිශේෂ වාසභූමියකි. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට ඇතුළු වීමට හැකිය.
ඡායාරූප සඳහා පිවිසෙන්න - ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා
Dilhani Thursday, 27 August 2020 01:05 PM
ඔක්සිජන් මොකටද කියපු කෙනාගේ ගමනම් තමයි...
FernandoThursday, 27 August 2020 09:40 PM
විල්පත්තුව රැකගන්න කියලා අලුත් ආණ්ඩුවක් ගෙනාපු බයියන්ට දැන් සැපද?
BamunuarachchiFriday, 28 August 2020 06:17 AM
සැපයි, සැපයි ප්‍රනාන්දුලා, පෙරේරලා, සිල්වාලා, බදියුදීන්ලාගේ මිනිස්සුන්ට සිංහල ඉඩම් දෙන්න තවත් කැමැතියි නේද? දැන් අපිට අඩුගණනේ ඉස්සොවත් කන්න ලැබෙනවා. විල්පත්තුව කැපුවා නම් සමගි බයියන්ට බදියුදීන් සමග තණකොළ තමයි කන්න වෙන්නේ. ප්‍රනාන්දු කෙනෙක් කීව නිසා අපිට එතරම් සිතන්න දෙයක් නැහැ.
BamunuarachchiFriday, 28 August 2020 12:15 PM
විල්පත්තුව අක්කර දහස් ගාණක් කැපුව වෙලාවේ යහපාලකයෝ ගාණ බෙදාගෙන සද්ද වහලා හිටියා... ඒකට අපේ කට්ටිය වනාථවිල්ලුවේ අක්කරයක් එළි කෙරුවාට පාර්ලිමේන්තුවේ කතාකරලා අධිකරණයටත් ගිහිල්ලා. අහන්න දෙයක් නැහැ වනාථවිල්ලුවේ අක්කරය කපලා තියෙන්නෙත් යහපාලක ගොයියෙක්ම තමයි.
nalin Thursday, 27 August 2020 01:58 PM
ඔව්වා කරන්නනේ ඉතින් මේ ආණ්ඩුවට ලොකු බලයක් දුන්නේ... මොකද මේ ආණ්ඩුව පටන්ගත්තු මුල් කාලේ ඉඳලාම කරන්න හැදුවේ පරිසරයට හානිකරන වැඩ.. ඉතින් එහෙම තියාගෙනත් 2/3 බලයක් දුන්නාම ඇමැතිලා හිතන්න ඇති ඔව්වා කළාට කමක් නැහැ කියලා...
Bamunuarachchi Friday, 28 August 2020 06:19 AM
අහන්න දෙයක් නැහැ ඔක්සිජන් මොකටද අහපු ගොයියගේ ව්‍යාපෘතියක් වෙන්න ඇති.