(එච්. චන්දන)
ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ රෝපණය කරන ලද කඩොලාන පැල 1000 කට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව රැම්සා අභය භූමිය භාරව සිටින වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද මහතා විසින් ඉකුත් 22 වැනිදා සවස ආරච්චිකට්ටුව පොලීසිය කරණ ලද පැමිණිල්ලකට අදාලව කරණ ලද මූලික විමර්ෂණවලින් අනතුරුව මෙම අත්අඩගුවට ගැනීම සිදු කර තිබේ.
ආරච්චිකට්ටුව - මුතුපන්තිය පදිංචි ධීවරයින් තිදෙනකු අද(23) වැනිදා අළුයම 1.00 ට පමණ ආරච්චිකට්ටුව පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන ඇත.
2001 අගෝස්තු මස 03 වැනි දින තෙත් බිම් පිළිබදව වන ජාත්‍යන්තර සම්මුතිය (රම්සා සම්මුතිය) යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත් බිමක් ලෙස ආනවිළුන්දාව අභය භූමිය නම් කර එය මේ දක්වා ආරක්ෂා කගෙන ඒමට වන ජීවී නිලධාරින් කටයතු කර තිබේ.හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් යුත් මෙම අභය භූමිය සහිත කලාපය තුල වැව් පහක් දක්නට ලැබේ.
ආනවිළුන්දාව අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමට පෙර එම ප්‍රදේශයේ කොටසක ඉස්සන් ගොවිපල රැසක් පවත්වා ගෙන ගොස් ඇති අතර පසු කලක අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම ඉස්සන් ගොවිපල පවත්වා ගෙන යාම අතහැර දමා ඇත.එසේ අතහැර දමා ඇති ඉස්සන් කොටු සහිත භූමියක් තුළ නැවත කඩොලාන පැල රෝපනය කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.එම වැඩ සටහනට අනුව ලෝක තෙත් බිම් දින ජාතික උත්සවය මෙවර ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළදී සිදු කරන ලදි.
වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද මහතා ආරච්චිකට්ටුව පොලීසිය හමුවේ කර ඇති පැමිණිල්ලේ සදහන් ඉකුත් 19 වැනිදා තමන් රම්සා අභය භූමියේ අළුතින් කඩොලාන පැළ රෝපනය කරන ලද ප්‍රදේශයට ගිය බවත්,තෙත් බිම් දිනයදා රෝපනය කළ පැළ එදිනද දක්නට ලැබුණ බවත් , යලි 22 වැනිදා තමන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ පැළ ගලවා ඇති ආකාරයක් දක්නට ලැබුණු බවත්,ඒ අනුව 20 හෝ 21 දින පැළ ගලවා දැමීම සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන්නේ යැයිද ඒ මහතා පොලිසීයට කරණ ලද පැමිණිල්ලේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අමන මිනිසුන් කවදානම් ගහක වැලක අගය වටහා ගනීද? සතුට සැනසුම තියෙන්නේ මුදල්වල නොවේ කියලා මොවුන්ට වැටහෙන්නේ අවසාන ගසත් මේ මිහි තලයෙන් තුරන් වූවාට පසුවද?
ඒ අයත් ඔක්සිජන් කන අය වෙන්නැති නේද?
පුත්තලමේ අයගේ වැඩ බැලුවාම පත්කරගෙන තියෙන්නේ එයාලටම හරියන කෙනෙක්...
ලස්සනයි පිටපත.. සර්ලාම හිටවනවා. සර්ලගේ එහෙයියෝම වහල්ලු ටිකක් ලවා ගලවනවා. ඊට පස්සේ සර්ලාම ඒ අයව අල්ලනවා. රිමාන්ඩ් කරනවා. ඊළඟට ඇප දෙනවා. මිනිස්සුන්ට මතක පරිසරය වනසපු අයව සර්ලා ඇල්ලුවා කියලා විතරයි.. මොකද? ඇප දෙන ඒවා සර්ලගේ මීඩියා යුනිට්වලින් සද්දේ වහලා එළියට දාන නිසා..
මේ වගේ මිනිස්සු ඉන්න රටකට කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ.
වනය වනසන අයට මරණ දඬුවම දෙන්න ඕනෑ. නැතිනම් අවුරුදු 25කට, 30කට හිරේ දාන්න ඕනෑ.
කරුණාකර මොවුන්ගේ සියලු තොරතුරු නම් ගම්, ඡායාරූප සහිතව සියලු මාධ්‍යවල පලකරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු...
හිරේ දාලා නම් වැඩක් නැහැ. ආයුධ පෙන්නන්න වත් එක්ක ගියා නම් වැඩේ නවතියි.