(බිඟුන් මේනක ගමගේ)
ඉන්දීය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබාගත් භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය ජනතාව අග්‍රාමාත්‍ය මෝදිට සහාය පළකිරීමෙන් ඔහුගේ නායකත්වය ගැන ජනතා විශ්වාසය පැහැදිලි වී ඇතැයි තම පණිවුඩය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා පවසයි.
දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ක්‍ෂේත්‍රවලදී සියවස් ගණනාවක තිස්සේ ඉන්දු - ලංකා සම්බන්ධතා පැවති බවද, නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි ධූර කාලයේදී දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව නිසැක යැයි ද එම පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ එහෙම වුනාට මෙහෙ එහෙම නැහැ. එක පාරින් මෙයාල සේරම ගෙදර.
පැතුවත් සුබපැතුම් එහාගෙදර අයියාට...// හිතුවද ලක්මව පාවාදීමෙන් බේරෙන්න ../// පොර පිටියට එනකං බලා ඉන්නේ පුන්චාව ...// කොට්ට මෙට්ට ඔතාගනින් බටහිර යන්න...//
බෝම්බෙන් මැරුණු අපේ මිනිස්සුන්ගේ පවුල් වලට සොකේ ප්‍රකාශ කරන්නවත් ඔය තරම් කලබලයක් තිබුණේ නැහැ. ගෝලීය වැඩක්නේ නේද?
මෝදි නම් දිනුවේ ඩීල් එකකින් නොවේ.
ඉන්දීය ජනතාව අග්‍රාමාත්‍ය මෝදිට සහාය පළකිරීමෙන් ඔහුගේ නායකත්වය ගැන ජනතා විශ්වාසය දින්න ආකාරයට මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක පෙරමුණ ජය ගැනීමට අත්‍යවශ්‍යය. එසේ නම් කලයුත්හේ කුමක්ද. බොහෝ දෙනෙකු තවමත් සිතන්නේ දැනට වසර ගනනවකර පෙර පවතී යුද්දය අවසන් කල නිසා මැරෙන තුරාවටම ඔවුනට ඡන්දය දීමටය, නොඑසේනම් මිනිසුන්ට දේශපාලනය එපාවිතිබේ. එමනිසා මෙවැනි පටු අදහස් වලින් සමන්විත් ජනතවගේ මනස වෙනස් කල යුත්තේය. එය කල හැක්කේ කෙසේද ? ලංකාවේ ග්‍රාමීය මිනිසුන් සිතන ආකාරය සමීක්ෂණයක් මගින් සොයාබැලීම පළමුව කලයුතුය. ඔවුන්ගේ ජන වින්‍යනය කුමක්ද කියා අදහස් විමසා බැලිය යුතුය. ඉන්පසු ඔවුන්ගේ අදහස් වලට මතවලට සරිලන සහ ඔවුන් සිතන ආකාරය වෙනස් කිරීමේ ප්‍රබල වැඩ සටහනක් ක්‍රියාත්මක කලයුතුය.
බුද්ධිමතුන් රටේ ජනතවට දේශපාලන නායකයන් තෝරා ගන්නේ කෙසේද? කුමන සුදුසුකම් මතද? මොනවගේ නායකයින්ට ලංකාව දියුණු කළ හැකිද කියා ජනතාව තුළ නව මතයක් ඇතිකළ යුතුව තිබේ. මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ ඔවුන්ගේ මත ඉදිරිපත් කරන විට ජනතාවටද ඔවුන්ට මතුවන ප්‍රශ්න ඇසීමට දුරකථන මගින් අවස්ථාවක් දිය යුතුයි. එවිට ජනතාව තවතවත් උනන්දු කළ හැකිය. ඇතැම් ජනමාධ්‍ය ආයතන කරගෙනයනු ලබන්නේ ව්‍යාපාර හැටියට මිස ජනතාව දැනුවත් කිරීමේ නිදහස් මාධ්‍ය කලාවක් අනුව නොවේ. පළමුව ලංකාවේ විකාශනය වන "ටෙලිඩ්‍රාමා" රාත්‍රී නවයට පෙර විකාශනය කිරීම නවතා දැමිය යුතුය. මෙය දරුවන් පමණක් නොව දෙමව්පියන්ගේද මනස විකෘති කරන බොහෝදේ අනවශ්‍ය බොළඳ දේ සමාජයට මෙමගින් විකාශනය කෙරේ. වයස 15ට අඩු කුඩා දරුවන් යොදවා "රියැලිටි" සංගීත වැඩසටහන් නවතා දැමිය යුතුය. "පුද්ගලික" මාධ්‍ය ආයතන බොහෝදෙනෙක් පිම්බි අැත්තේ "රියැලිටි" වැඩ සටහන් නිසාය. මෙම මාධ්‍යායතන හිමිකරුවන් වෙසක් පොසොන්වලට නම් ඉතාම සැදැහැවතුන් ලෙස ව්‍යාජ රඟපෑම් කරමින් රටත්, ජනයාත් මුලාකිරීම සූක්ෂමව කරගෙන යයි.
පින්සිද්ද වෙයි.., යන්න නම් එපා චීනෙට ගියා විතරයි. අගේට තිබුණු දුරකථන සමාගමකටත් කෙලවුණා. ඉන්දියාවට ගියොත් මෝදිත් ඉවරයි. ඔබතුමා ඉතුරු මාස 6/7ත් ඔය හිටිය වගේම පත්තර වත පොත බලබල ඉන්න. ඒවායේ මොනවාහරි දැක්කොත් ටක් ගාලා ඇක්ෂන් ගන්න.
මෝදිලා වගේ නායකයෝ අපට නැතිවීම තමයි කණගාටුව...